IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘පොහොට්ටුවේ බදුල්ලේ රැළියට ගෝඨාභය ආවොත් ඔළුවෙන් හිටගන්නවා’

(ප්‍රසන්න පත්මසිරි)

“බදුල්ලේ පොහොට්ටුව දිනවීමේ මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා ආවොත් නගරයේ ඔරලෝසුකණුව ඉදිරිපිට කිලෝ 125ක් බරැති මම ඔළුවෙන් සිටගන්නවා” යැයි ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද(23) පළාත් සභාවේදී මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදි අමාත්‍යවරයා මෙසේද කීවේය.

“බදුල්ලේ බංකොලොත් දේශපාලකයෙක් ගෝඨාභය මහත්තයා එනවා කියලා හැමතැනම බැනර් පෝස්ටර්, ගහලා ජනතාව ගෙන්වන්න හදනවා. ගෝඨාභය මහත්තයා එනවානම් කමක් නෑ. පොහොට්ටුවේම අය කියන්නේ වසර 31ක් බංකොලොත් දේශපාලනය කරලා, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිහින් ඡන්දය ළංවෙද්දී ජනතාව මුලා කරන ඒ දේශපාලනඥයා නිසා බදුල්ලේ පොහොට්ටුවටත් කැළලක්ලු. මෙවනි බංකොලොත් වැඩ පක්ෂයක ඉදිරි ගමනටත් හොඳ නෑ.

එළඹෙන 24 වැනිදා බදුල්ලේ තියෙනවා කියන පොහොට්ටුවේ මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා එන්නේ නෑ. එතුමා එන්නේ නැති රැස්වීම්වලට එනවා කියලා ජනතාව බොරුවට ගෙන්වන්නේ මොනාටද? ජනතාව මුළා කරන්න එපා. ඒ මහත්තයා ආවොත් මම නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට ඔළුවෙන් හිටගන්නවා.

අපි හැමදාම පක්ෂයත් එක්ක ඉන්නවා. පක්ෂය හෝ නායකයා ගන්න තීන්දු සමග වැඩ කරනවා. පිටිපස්ස දොරින් වෙනත් පක්ෂ වලට රිංගන්නේ නෑ.

ජනාධිපතිවරණයකට තව මාස දෙක හමාරක් තියෙනවා. පක්ෂය තීරණයක් ගනියි. ඒ තීරණයට අපි වැඩ කරනවා. ඡන්ද කාලයට විතරක් ජනතාව රවටන දේශපාලනඥයින්ට මේ ඡන්දයේදී බදුල්ලේ ජනතාව තීන්දුවක් ලබාදෙන්න  බලාගෙන ඉන්නවා” යැයි අමාත්‍යවරයා පැවසීය.



අදහස් (34)

‘පොහොට්ටුවේ බදුල්ලේ රැළියට ගෝඨාභය ආවොත් ඔළුවෙන් හිටගන්නවා’

sumith Friday, 23 August 2019 06:42 AM

"මම ඔළුවෙන් හිටගන්නවා" අනේද කියන්න කොහෙන්ද ඔලුවක් , ලොකු බඩ ගෙඩියක් මිසක

:       1       290

සෙනෙවි Friday, 23 August 2019 06:42 AM

ඔළුවෙන් ඉන්න මොහුට ඔළුවක් තියෙන්නේ එපායැ. ඒ බව දන්න නිසා බය නැතිව ඔට්ටු අල්ලනවා

:       2       278

Bamunuarachchi Friday, 23 August 2019 06:50 AM

ආවොත් ලෝකාන්තයෙන් පනිනවා කියලා... කියන්නකෝ එච්චර ෂුවර් නම්..

:       0       76

Nandalal DE SILVA - France Friday, 23 August 2019 06:56 AM

ඇති කයිවාරුව...! ඔලුවෙන් හිටගන්න ඉස්සරවෙලා දොඹකරයක් සූදානම් කරගෙන ඉන්න. ඔය දැවැන්ත ශරීර කුඩුව එල්ලා ගැනීම සඳහා. ඔහොම කතා කියලා ගෝඨාභයගේත් එයාගේ බැලයින්ගේත් බලාපොරොත්තු සුන් කරන්න එපා..

:       142       207

de silva berlin Friday, 23 August 2019 07:01 AM

ඒ කාලේ ඔලුවෙන් හිට ගන්න පුළුවන් වුනාට , දැන් දේශපාලනය කරලා හොඳට කාල බීල බර වැඩිවෙලා

:       0       109

ලුම්බිණි Friday, 23 August 2019 07:10 AM

කතා කරන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද?

:       0       50

BamunuarachchiFriday, 23 August 2019 09:44 AM

මේ ගොල්ලොත් එක්ක මේවා හැරෙන්නට රටේ සංවර්ධනය ගැන කතා කරන්නද?

:       0       70

wimal Friday, 23 August 2019 07:12 AM

ඔව් අනිවාර්යෙන් ම ඔබ ඔලුවෙන් හිටවනවා ගෝඨාභය ආවොත් කරන කැත වැඩ වලට.

:       2       197

indra Friday, 23 August 2019 07:12 AM

ඇමතිතුමනි ..ඔබේ ගමන ඔබ යන්න ඔහුගේ ගමන ඔහු යයි ,හිට ගන්නේ නැගිටින්නේ කාගේ බඩගෝස්තරය වෙනුවෙන්ද කියල ජනතාව දන්නවා .

:       2       54

Ruhunu Friday, 23 August 2019 07:40 AM

ඔව් ඔලුවෙන් හිටගත්තනම් මොලේ හරි තැනට ඒවි

:       0       78

kolam boss Friday, 23 August 2019 07:55 AM

මෙන්න වැන්දා.. සරම ඇඳන් නම් ඔය වැඩේ කරන්න හිතන්නවත් එපා.

:       0       76

BamunuarachchiFriday, 23 August 2019 09:45 AM

කොහාටද වැන්දේ..?

:       5       30

ධනා Friday, 23 August 2019 07:56 AM

කරන වැඩ දිහා බැලුවම දැනුත් ඔලුවෙන් හිටන් ඉන්නවා කියලයි අපි හිතුවේ.

:       0       28

තේජාන්විත Friday, 23 August 2019 08:07 AM

ගාලුමුවදොර පිටියට ඇවිත් ඔලුවට වෙඩි තියාගත්ත මිනිස්සුත් ජීවත් වෙන රටක ඕවත් වැඩද?

:       0       19

sanath Friday, 23 August 2019 08:50 AM

වාඩි උනාමත් ඔලුවෙන් වාඩි උනා වගේ වෙනසක් නෑ.

:       0       51

ගල්කටස් Friday, 23 August 2019 09:36 AM

මේ වගේ කෙනෙක් උෟව වෙල්ලස්සේ මහඅැමති කෙරුවේ කව්ද? මෙ වගේ අය දියවන්නාවට නම් දක්කන්න එපා මේපාර...

:       0       76

රවින් Friday, 23 August 2019 09:36 AM

හපොයි හපොයි, කොහොමත් ඔලුව අප්සට්නේ.. ඔය ඔලුගෙඩියට ඔය කඳේ බර දරාගන්න පුලුවන් වෙයිද? මේ වගේ කට්ටිය පත්කරගත්තේ ඔලුවෙන් හිටගෙන තමයි.

:       0       26

Bamunuarachchi Friday, 23 August 2019 09:47 AM

ඇමතිතුමනි? මල කෙලියයි. වහලුන් කියා නොදැන වහල්කම් කිරීම කියන්නේ මේකටයි.

:       0       1

kamal Friday, 23 August 2019 10:09 AM

ශරීරයේ බර කිලෝ 125ක් කර ගත්තා නම් ඔලුවක් තියෙන්නේ කොහොමද?

:       0       80

king benat Friday, 23 August 2019 10:31 AM

කිලෝ 125ක් තිබුණාට ඔහොම ඔලුවෙන් හිටගෙන වැන්දොත් මිනිස්සුන්ගේ ඇහැයන්නේ ඔයාගේ ග්රෑම් 100ට තමයි.

:       0       9

අනුර Friday, 23 August 2019 10:33 AM

සරමක් ඇඳගෙනම ඔළුවෙන් හිටගන්න.

:       0       15

ajith Friday, 23 August 2019 10:50 AM

මෙයා කියන්නේ ඇත්ත... ඔලුව පිහිටලා තියෙන්නේ පස්ස පැත්තේ වගේ...

:       0       111

sampath Friday, 23 August 2019 10:51 AM

ඔලුවෙන් හිටගත්තම අපිට තියෙන ප්‍රතිඵලේ මොකක්ද? හිටගන්නේ ජාතික ඇඳුමින්ද? කියලා විතරක් කියන්න.. ජනතාවට ඒ පැත්තේ නොයාඉන්න.

:       0       25

de silva Friday, 23 August 2019 11:02 AM

ඔලුවෙන් හිටගන්න එපා... එහෙම කළොත් අනවශ්‍ය දේවල් පෙනෙන්න පුළුවන්. අර සමහර දේශපාලකයන් ඉදිරියේ ගුරුවරියන් කරනවා වගේ ඔබත් බස් ස්ටෑන්ඩ් එකේ දණගහගෙන ඉන්න.

:       0       119

Amila Friday, 23 August 2019 11:30 AM

ඔලුවෙන් හිටගන්නම වේවා! කෝකටත් ඇඟේ හැටියට කලිසමක් මහගෙන තියාගන්න හොඳේ.. තව දෙයක් අර ජෝතිශකාරයෙක් ඔලුවට වෙඩි තියාගන්නවා කිව්වා වගේ පස්සේ නෑ බෑ ගාන්න බෑ හොඳේ..

:       0       0

mp Friday, 23 August 2019 11:41 AM

ඔලුවෙන් නෙවෙයි තට්ටමෙන් තමයි ඔහේට හිටගන්න වෙන්නේ..

:       0       27

dasa Friday, 23 August 2019 11:58 AM

ඔක්කොම දේශපාලකයෝ සරම් පිටින් ඔහොම කළොත් අපිට අවුරුදු හැත්තෑ ගානක් රට කරපු මොළ ටික බලා ගත හැකියි.

:       0       17

රවින් Friday, 23 August 2019 12:08 PM

බඩ තියන තරමට ඔලුවෙන් හිටියොත් තමා බවලත් උදවියට පෙනෙන්නේ.

:       0       6

RE BADULLA Friday, 23 August 2019 01:31 PM

බඩෙන් විතරක් හිඟාකනවා වගෙයි..

:       0       32

Raveendra Friday, 23 August 2019 04:06 PM

ළදරුවන් තුවාය අැඟේ දවටාගෙන ඔලුවෙන් හිටගෙන ඉන්නවා මතකයට නැගෙනවා. ඇත්තටම බඩ, කඳ හැටියට මොලේ තිබුණා නම් කොච්චර හොඳද? ඇත්තෙන්ම අප්‍රිකානු වනාන්තරව වෙසෙන හිපපොටේමස් සත්‍යව සිහියට නැගෙනවා.

:       0       7

Upula Saturday, 24 August 2019 05:31 PM

හොද ලන්කට් එකක් දැන්ම අරගෙන තියාගන්න නැත්තන් වමනෙ යයි මිනිසුන්ට

:       0       0

Gamarala Sunday, 25 August 2019 02:54 AM

සරමක් අන්ද්දගෙනද, නැත්නම් ජන්ගියක් ඇඳගෙනද? කොහොමටත් ජනතාවට ගානක් නැහැ, දකින්න දෙයක් නැති නිසා. බය ඔරලෝසු කණුවට හානියක් වෙයි වෙයි කියලයි . තනතුරෙන් ඉල්ලාසුනොත් තමයි වීරයා.

:       0       0

රාජුන් Monday, 26 August 2019 09:03 AM

හරි බරි ගැහිලා පුටුවක වාඩිවෙන්න. ඒක හරියට ඔලුවෙන් හිටගත්තා වගේ තමයි. මොකද මොලේ තියෙන්නේ ඒ හරියෙනේ...

:       0       2

Rihan Wednesday, 28 August 2019 06:05 AM

එර එර සොය්ස එර ලනුව උඩින් එර. දෙවනත හයේ පාරක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 15 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 140 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 714 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


දුම්රිය සාමාන්‍යාධිකාරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2024 අප්‍රේල් මස 23 1089 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රා


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 933 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


පළාත් කීපයකට හවස වැස්ස
2024 අප්‍රේල් මස 23 156 0

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1615 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site