
(නිමන්ති රණසිංහ)
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුලු බන්ධනාගාර නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ නැමැත්තාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (18) පැය 6ක ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා කළ නියෝග ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) බූස්ස බන්ධනාගාරය වෙත ගොස් මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා මහතා ඇතුලු නිලධාරින් කණ්ඩායමක් අද (18) පෙරවරු 9.00 ට පමණ බූස්ස බන්ධනාගාරය වෙත ගොස් එම ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු සවස 4.00 ට පමණ එය අවසන් කර ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුලු බන්ධනාගාර නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළැයි කියන සිද්ධියේ දෙවැනි සැකකරු ලෙස නම් කර ඇත්තේ ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ නැමැත්තා ය. මෙහි පළමු සැකකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නම් කර ඇත්තේ තාරක පෙරේරා නොහොත් “කොස්ගොඩ තාරක” නැමැත්තාය.
2025 දෙසැම්බර් මස 04
424
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
453
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘පොඩි ලැසී’ ගෙන් පැය 6 ක් ප්‍රකාශ ගනී
Bamunuaracgcgi Saturday, 19 September 2020 02:46 PM
මොවුන් ජීවතුන් අතර සිටියොත් රට විනාසයි. ජනතාව ගැන හිතලා සුදුසු දේ කරන්න.
විජේ Sunday, 20 September 2020 05:28 AM
මෙයාට සුදු වෑන් හරියන්නේ නෑ, බලු වෑන් එක එව්වා නං හරියටම හරි බමුණු...