IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


‘කීත් නොයාර්‘ සිද්ධියේ විමර්ශන පමා වීම ගැන නීතිපති විමර්ශනයක් ඉල්ලයි

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට නියම කොට මාස දෙකක කාලයක් ගතවී ඇතත් මේ දක්වා එම විමර්ශනයන්ට අදාළව ඔවුන් කටයුතු නොකිරීම පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කොට ඇත.
 
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ විමර්ශන කටයුතු වල ප‍්‍රගතිය මේ වන තෙක් වාර්තා නොකිරීම පිළිබඳව ඇති කණගාටුදායක තත්වය පිළිබඳවද නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කොට ඇති බවද නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණිය ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය දැනුම් දුන්නාය.
 
මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ වලට සම්බන්ධ බව කියන සීවලී බුලත්වත්ත ඇතුළු  දෙදෙනෙකු සම්බන්ධයෙන් ගතයුතු පියවරයන් පිළිබඳව නීතීපතිවරයා විසින් මීට පෙර අවස්ථාවකදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට දැනුම් දී තිබිණි.
   
මීට මාස දෙකක කාලයකට පෙර එලෙස උපදෙස් ලබාදී ඇතත් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් නොකිරීම හෝ සිදුකරන ලද විමර්ශන පිළිබදව නීතිපතිවරයා දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙලෙස දැනුම් දී ඇත.
 
තමන් විසින් දෙන ලද උපදෙස් වලට අනුව මේ වන තෙක් ගන්නා ලද පියවරයන් පිළිබඳව මෙන්ම මේ සම්බන්ධයෙන්  සිදුකිරීමට බලාපොරොත්තු වන විමර්ශන කටයුතු මොනවාද? කොපමණ කාලයකින් එම විමර්ශන කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන්නේද යන්න පිළිබඳවද දැනුම් දෙන ලෙස නීතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුන් බවද නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණිය ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය දැනුම් දුන්නාය.



අදහස් (0)

‘කීත් නොයාර්‘ සිද්ධියේ විමර්ශන පමා වීම ගැන නීතිපති විමර්ශනයක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 410 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1656 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site