(අනීෂා මානගේ)
ඇමෙරිකා එක්සත් ජනපදය වැනි දැවැන්ත රටක තානාපති නිලධාරින් අනෙකුත් රටවල්වල වෛද්‍ය නිලධාරින්ගේ නිර්දේශවලට ගරු නොකිරීම පිළිබදව කනගාටුවට පත්වන බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද තංගල්ල මූලික රෝහලේ සංචාරයක නිරත වීමට එක්වූ අවස්ථාවේදීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය ගෝලිය වසංගතයක් බවට නම් කර තිබියදී එක් එක් රටවල්වල වෛද්‍ය නිලධාරින්ගේ නිර්දේශ මත ඒ රටවල් තමන්ගේ ජනතාව ආරක්ෂා කරන්න කටයුතු කරන අවස්ථාවක ලෝකයේ බලවත් රටවල් ඒ රටවල්වල වෛද්‍ය නිර්දේශයන්වලට ගරු නොකොට ඒවා කඩාකප්පල් කිරීම පිළිබඳව අපි කණගාටු වෙනවා.
හැම රටකම මේ රෝගය පාලනය කරන්න නොයෙක් නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. අපිට මොන තානාපති වරප්‍රසාද තිබුණත් ඒවාට අපි ගරු කරන්න ඕනෑ. අපේ රටේ තානාපතිවරුත් ඉන්නවා ලෝකයේ හැම රටකම. ඔවුන් ඒ රටේ තිබෙන නීතියට ගරු කරන්න ඕනෑ. එය තමයි මේ ගෝලීය වසංගතය වළක්වන්න කළ යුතු දේ. ඇමරිකා එක්සත් ජනපදය වැනි මහා දැවැන්ත රටක් තමන්ගේ තානාපති නිලධාරින් අනෙකුත් රටවල්වල වෛද්‍ය නිලධාරින්ගේ නිර්දේශවලට ගරු නොකරීම පිළිබදව අපි කනගාටු වෙනවා. අපි රටක් විදියට මෙය දැඩි ලෙස හෙලා දකින්න ඕනෑ යැයිද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ අගමැති තුමා ප්‍රමුක ප්‍රධාන දේශපාලකයෝ තොන්ඩමන්ගේ අවමගුල ඇතුළු විවිධ අවස්ථාවලදී නිරෝධායන නීති ප්‍රසිද්ධියේම කඩ කරනකොට අපි කොහොමද පිටරටක තානාපති නිලධාරීන්ට කියන්නේ අපේ නිරෝධන නීති පිළිපදින්න කියලා?
පොදු ජන පෙරමුනේ අපේක්ෂක ජීවන් තොන්ඩමන් හිටු කියල නිරෝධායන නීති කඩනවා ඔබතුමා දැක්කෙ නැද්ද?
අනේ නාමල් මල්ලියේ දන්නා දෙයක් කතා කරොත් හොඳයි.. ඔයාලා නාන්න තුවාය ඇඳගෙන ඔලුවෙන් හිටගෙන ඉන්න ගමන් අනිත් මිනිසුන්ට උපන් ඇඳුමෙන් ඉන්න එපා කියන්න "ඔයාලාට ලැජ්ජා නැද්ද ".... කට ඇරියොත් තකතීරු කතාවක්මයි කියන්නේ.. අනේ මන්දා අපේ රට පාලනය කරපු ලොක්කන්ගේ පුත්තු වැඩි දෙනෙක් මොංගල් කතාමයි කියන්නේ.. වසංගතේ ඉවර වුණාට පස්සේ අපේ බදුමුදලින්වත් සින්ගප්පූර් ගිහින් බාලාංශ මොලේට බෙහෙත් පොජ්ජක් ගන්නවා..
ඇමෙරිකන් කාරයින්ට බැන බැන මිනිස්සු රවට්ටන්නද හදන්නේ...? අපි දන්නවා ඡන්දෙන් පස්සේ mcc අත්සන් කරන්න පොහොට්ටුවන් ලැහැස්තියි වගේ. අත්සන් කළොත් මේ රට ලේ ගඟක්...!!! අත්සන් කරපු එකෙක්වත් ඉතුරු කරන්නේ නැහැ. ඒ වගේමයි ඔහෙලා මේ පාර දිනන්නෙත් නැහැ.
ඇමෙරිකාවේ කෙනෙක් ඔයිට කලින් නීති බහුතරයක් කඩලා මුලු රටම අල්ලගත්ත එකේ ඕක මොකක්ද?
නැහැ..එතුමා නීති කඩන්නේ නැහැ. ඕවා ප්‍රතිගාමී කුමන්ත්‍රණ... වඩා වැදගත් රජකු තනාගැනීම. ඒ සඳහා රටේ හුදීජනයා කුමන හෝ කැපකිරීමක් කළ යුතුයි.
අනේද කියන්නේ? පහුගිය දිනවල දේශපාලුවන්ගේ සහභාගිත්වයෙන් පැවැති උත්සවවල පින්තූර කීයක් මාධ්‍ය හරහා පළවුණාද? කට අරින්න ඉස්සෙල්ලා ඒවා හොඳින් බලන්න. සමාජ දුරස්ථ භාවය, මුඛ ආවරණ, සීමිත ප්‍රමාණයක් රැස්වීම වගේ නීතිරීති කීයක් උල්ලංගනය කළාද? ආ බොහොම ලඟින් උපදෙස් දෙන /ඇසුරුකරන/ කතා ලියලාදෙන කෙනා වාලච්චේනේ ගියවෙලාවෙ ගත්තු පින්තුර එහෙම? නිකන් බුරන්න එපා මිනිසුන් ගණන් ගන්නේ නැහැ...
ඇමරිකාව තාම දන්නැද්ද ගෝඨාභය සර් රටේ නායකයා කියලා... දැන් හිටන් නැහැ.
ඔය වැඩේ ඉස්සර ආණ්ඩුව කාලේ වුණා නම් බලන්න තිබ්බා කට්ටියම එකතුවෙලා තප්පුලන හැටි...
කයිවාරු ගැහුවට ඔන්න ඔයාලගේ ආණ්ඩුවට ලෝකයෙන් තියෙන ගෞරවය... මේක වෙන ආණ්ඩුවකින් වුණානම්, බුදු අම්මෝ මෙලහට මළ කෙළි තමයි. කෝ අර කොඩිය ගිනිතියපු අය, වාසු, ගම්මන් ඇතුළු සෙට් එක... කටට ඉබ්බෝ දාලද? බනින්න කියන්නකෝ ඇමරිකන් කාරයින්ගේ මව්වරුන්ටත් එක්කම...
අධිරාජ්‍යවාදීන් ගැන හොඳට දන්නා විමලෙත් කටවහගෙන ඉන්න මේ අවස්ථාවේ අධිරාජ්‍ය වාදියන් ගැන කතාකරන්න ගිහින් අනාගත්තා නේද? මේ කාලයේ කට වසාගෙන සිටීමෙන් තිබෙන ලකුණු රැකගතහැකි කාලයකි..
පුලුවන්නම් ඔය කටින්ම කියන්න MCC එකට අපි විරුද්ධයි.. එමනිසා අපි එම ගිවිසුම අත්සන් කරන්නේ නැතිය කියලා. කවුරුත් සත 5 කට ගණන් ගන්නේ නැති කොරෝනා නීතියක් ගැන කතාකළොත්, අන්න එහෙම කතාකලොත් ලකුණු වැටේවි...!!!
මේ මනුස්සය හිතාගන ඉන්නේ මිනිහ ඊළඟ ජනාධිපති කියලා. ලංකාවේ දේශපාලනය තුල අල්ලසේ සංකේතයක්. මේවගේ මිනිස්සු දේශපාලනය කරනකන් ලංකාවේ මිනිස්සු හැමදා දුප්පත්. විශේෂයෙන් මානව සම්පත... මේවගේ මිනිස්සු ලංකාවම නැතිකරනවා .
හරි හරි මන්ත්‍රීතුමා. අපි රැවටිලාම ඉන්නම්. ඔයාලා පරිස්සමෙන් ඡන්දෙ දිනලා පාර්ලිමේන්තු යන්න. හෙට අනිද්දාට ආපහු පාස්කු බෝම්බේ, බැංකු හොරු, නාමල් කුමාර එහෙම උඩ ඇදලා ගන්න. මතක ඇතුවම MCC එකටත් බනින්න. එතකොට හරි. ඔයාලට දෙයියන්ගෙම පිහිටයි.
නාමල් පුතේ, ඔයා ජාත්‍යන්තරේට ඇඟිලි දික්කරන්ට තරම් තවමත් ළපටි වැඩියි. කියන මගුලක් කියන්නට පෙර දැනුමැති වැඩිහිටියෙක් සමග සාකච්ඡා කරලා හිටියොත් හොඳයි නේද? ඔබගේ අප්පච්චියි, බාප්පයි ලංකාවට ලබාදීලා තියන කීර්තිය එක රැයකින් විනාශ කරන්න පුළුවන් එක අනවශ්‍ය වචනයකින්. මතකද දවසක් කොළඹදී කීවා, අපිට මෙහෙ චන්ද නැතිවුණාට හම්බන්තොට ඕනෑතරම් තියනවා කියලා. ඒ කතාවෙන් චන්ද කීයක් නැතිවන්න ඇද්ද? සජිත් කෙනෙක් වෙන්න එපා. ස්තුතියි !
රටේ නීතියටවත් හරියට ගරු නොකරන එවුන් කියන කතා කවුද ගණන් ගන්නේ? පසුගිය කාලේ නීතියට වැඩ කරපු හැටි මුලු ලෝකෙම දකින්න ඇති...
මේකේ නාමල් කියල තියෙන වැරදි දේ පොඩ්ඩක් කියනවද? ඇමරිකාවේ කියල විශේෂයක් කරන්න ඕනේ නැනේ. අනිත් එක තමයි ඒ රටේ තමයි වැඩිම ආසාදිතයෝ ඉන්නේ. මුක්තිය තිබුන කියල කොරෝන හැදෙන්නේ නැතුව ඉන්නේ නැනේ.
ඔය සිද්දිය අපේ රට අපහසුතාවයට පත් කරන්ඩ කරපු ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්ඩ බැරිද විමල් මහත්තයෝ? මොකද ඇමරිකාව කැමති නැහැ ගෝඨාභය පාලනයට
මේක නාමල්ගෙ වැරැද්ද නෙවේ, මහින්ද මහත්තයගෙයි ශිරන්ති නෝනගෙයි වැරැද්ද. 'නා' යන්නක් නමේ මුලට දාලා, කොල්ල යන යන තැන නානවා. හාපික් චතුරගෙන්වත් ඉගෙනගෙන කසාදෙන් පස්සෙවත් හැදෙන්න බැලුවොත් නරකද?
මහාවීර ලෙමන්පෆ් වංශ ගරු ඇමතිතුමා මේ ගැන තාම දැනුවත් වෙලා නැතුව වගේ.. නැත්නම් ඇමරිකන් කාරයන්ට තරු පේන්න සිංහලෙන් බැනල උපවාසෙකුත් කරල ලෙමන් පෆ් පෙට්ටියකුත් කාල..
2009 යුද්ධය දිනලා ජන ප්‍රිය බවේ හිනිපෙත්තටම නැගල හිටිය මහින්ද මහත්මය පරදෙන්න එක හේතුවක් ඔබගේ ක්‍රියාකලාපය , දැන් චන්දෙට කලින් වැඩිපුර කල එලි බහින්න නැතුව ඔය හිටපු විදිහටම ඉන්න රටේ මිනිසුන්ට ඔබ කරපුව දැන් මතක නැතිවෙලා තිබෙන්නේ.... චන්දෙට කලින් එලියට බැස්සොත් පක්ෂෙට චන්ද ලක්ෂයක් දෙකක් අහිමි වෙනවා. සද්ද නැතුව හිටියත් කමක් නැහැ , හම්බන්තොට දිස්ත්‍රික්කේ නුගත් මිනිස්සු ඔබට ගහන මනාප ටිකෙන් කොහොමත් පාර්ලිමේන්තු යන්න පුළුවන් , එකට වැඩි දෙයක් කරන්න අවශ්‍ය නැහැ , අර දුලිප් වෙදආරච්චි කරන විදිහට පළාතේම තිබෙන මළගෙවල් වලට ගිහින් විනාඩි 10-15 ඉඳල අයුබෝවුන් කියල එන්න , යනකොට නොවැරදීම මුක වඩමක් දමාගෙන යන්න , දේශපාලනය එහෙම කතාකරන්න එපා
හැම චන්දයකදිම මහා ලොකු ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අච්චු ගහගෙන ජනතාව ගොනාට අන්දන දේශපාලකයෝ පාලන බලය ලබා ගත්තට පස්සේ හිඟාකන්න ලෝකේ වටේ යන රටක්, ඇමෙරිකාව විසින් දනගස්සන කාලය වැඩි දුරක නොවේ.
ඔව්ව කියල එහෙ යන්න නම් එපා පුතා. බෙල්ල පාගල තමයි මරන්නේ.
ඔය කාරණය පව්ලේ කියන්න . ගොඩක් පව්ලේ කට්ටිය ඇමරිකන් කාරයොනේ . පියාගෙන් පුතාට යන මගේ ඉන්නකොට හොඳට තියන ගස් කොලන් පෙරලන්න හදන්න එපා . තවම අපි ජාත්‍යන්තරයේ හිඟන්නෝ .
දැන් ඉතිං ඔයාලගේ ආණ්ඩුවනේ මහත්තයෝ. කෝ කලින් ඇමරිකාවට විරුද්ධව තිබුණ කටවල් ටික?
රටේ නීතියට ගරු කරන හැටි නීති හදන පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ නීති හදන අයම ගරු කරපු හැටි මුළු ලෝකයම දැක්ක.
අපේ හිටපු යහපාලුවෝ වර්තමාන ආණ්ඩුව කරපු හැමදේම විවේචනය කරනවානේ. මොකද මේ වෙලාවේ සද්ද නැතුව ඉන්නේ? ලංකාව බෙදන්න පිඹුරුපත් ඇඳපු අය කොහොමද දෙයියනේ කටක් ඇරලා බනින්නේ?
මෙවා මෙයාලගේ මාධ්‍ය සංදර්ශන විතරයි
අලි ටික සේරම කොමන්ට් දාල වගෙයි..හා හා හා හා
ලොක්කා, පුද්ගලයා පිළිබද නොබලා ඔහු පවසන දේ පිලිබදව බුද්ධියෙන් බලන්න, ඒක තමය් බුද්ධිමතාගේ සිරිත, නැතුව යමක් යමෙක් ඇගිල්ලෙන් පෙන්නද්දී ඇගිල්ල දිහාම විතරක් බලාගෙන ඇගිල්ලේ ගුණ දොස් දක්වන්නේ ලොක්කලා වගේ නූගත්තු.
සෘජු තීරණයක් ගත්තනම් ඉවරනේ... මොන රටෙන් මොකා ආවත්... එයා ලොකුද, පොඩිද කියන එක නෙමෙයි මෙතනට වැදගත්.... රටේ පවතින නීතිරීති පිළිපදින්න බැරිනම් හරවන්න තියෙන්නේ ආපහු ආපු අතක් බලාගෙන යන්න කියලා. වෙලා තියෙන්නේ අපේ මිනිස්සුම අමු අමුවේ ඒ නීති කඩද්දි කොහොමද තව එකෙකුට කටක් ඇරලා කියන්නේ?
නාමල් කියන කෙහෙල්මල් ....
කට ඇරියොත් නාගෙන මලා කියන්නේ...?
ඔබේ පවුලේ මිනිස්සු ඡන්දෙට කලින් ඕනෑම දේක වටේට දේශප්‍රේමය, ජාතිවාදය කියන බටර් ජෑම් ටික ගාල, ප්‍රතිපත්ති ප්‍රකශය කියන ඇසුරුමක දවටලා මිනිස්සුන්ට ගිල්ලවන්න... ඡන්දෙන් පස්සේ ඕනෙම පුස් හැදිච්ච කේජු කැල්ලක් වටේ සංවර්ධනය කියන පාටකරපු සීනි ටික දවටලා මිනිසුන්න්ට ගිල්ලවල 20% කොමිස් එක කඩාගන්න දක්ෂයෝ...
අර 2016න් පස්සේ එජාපෙ සාමාජිකයන් සහ රටේ ජනතාව තුළ, රනිල් විරෝධයක් ගොඩ නැගුණා වගේ නාමල් විරෝධයක් පොදු පෙරමුණ තුළ සහ රටේ ගොඩ නැගෙමින් පවතිනවා. පොහොට්ටුවේ මිනිස්සු ගෝඨාභය මහත්මය නායකයා වශයෙන් තෝරාගත්තේ ඔහු රටට කළ සේවය නිසා තිබෙන ජනතා ප්‍රසාදය වැනි දේ සලකලා බලලා, ඔහුගෙන් පසුව පොහොට්ටු නායකකම නාමල් වැනි කෙනෙකුට දෙන්න කැමති වෙන එකක නැහැ. එහෙම වුණොත් එ් මිනිස්සු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත සක්‍රිය කරගෙන එකට යාවි. දකුණු පළාතෙත් DV චානක වැනි පාර්ලිමේන්තුවේ යම් කිසි ඉල්ලක්කයකට වාද විවාද කරන්න පුළුවන් උගත් නව පරපුරේ නායකයෝ බිහිවෙනවා. හම්බන්තොටින් රාජපක්ෂලා කිහිප දෙනෙකුම ඉල්ලන නිසා ඉදිරියේදී නාමල් හැලෙන්න පුළුවන්...
ප්‍රාදේශීය වශයෙන් විශාල ජනතා ප්‍රසාදයක් තිබෙන හිටපු පළාත් සභා මන්ත්‍රී අජිත් රාජපක්ෂත් මෙවර හම්බන්තොටින් ප්‍රථම වරට ඡන්දෙ ඉල්ලනවා. විශාල ඡන්ද පදනමක් තිබෙන මහින්ද අමරවීර, චමල් රාජපක්ෂ, වියත්මගේ ගෝඨාභය මහත්මයා දමපු අලුත් අපේක්ෂකයත් ඉන්න නිසා.., නාමල්ට පාර්ලිමේන්තු යන්න තිබෙන්නේ 50% ක් විතර චාන්ස් එකක...
රටේ පාලකය තමන්ගේ බාප්පා , අගමැති පියා ඉතින් ඔබතුමා මොකද අපට කන්කෙදිරි ගන්නේ ? හරියට අපි රටේ ගුවන්තොටුපල පාලනය කරනවා වගේනේ ?
තාත්තා වගේම මේ මනුස්සයත් කතා කරන්නේ වෙන කටකින්... කරන්නේ මෝඩ වැඩ!!
ගියපාර තාත්තව ගෙදර යැව්වා. මේ පාර බාප්පාව ගෙදර යවන්නේ නැතුව ඉන්නවද? ඔහේ කට ඇරියාම කියන දේවල් අහන්නත් අප්පිරියයි!