(මනෝජ් හර්ෂික)
හොරොව්පොතාන ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩසිටින සාමණේර හිමිවරුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහර දුන් පුද්ගලයෙකු අද (10) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකින් පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොව්පොතාන ගම්මැද්ද ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එක් දරු පියෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු සිය නිවස ඉදිරිපිට කුඩා ප්‍රමාණයේ වෙළෙඳසැලක් පවත්වාගෙන යන බවත් පහරකෑමට ලක්වූ හිමිවරුන් වැඩ සිටින විහාරස්ථානය එම වෙළඳසැල ආසන්නයේ පිහිටා ඇති බවත් පොලිසිය කියයි.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ අවුරුදු 11 සහ 14 වයස් සීමාවන් වල පසු වන සාමණේර හිමිවරු දෙනමකි.
ඉකුත් 7 වනදා දහවල් තම වෙළදසැලට පැමිණි මෙම හිමිවරුන් දෙනම එහි අලෙවි කිරීමට තිබූ චොකලට් එකක් සහ පැණි පැණි බීම අඩංගු අසුරණයක් සොරකම් කළ බවත් එම නිසා මෙම පහරදීම සිදුකළ බවත් අත්අඩංගුවට ගත් සැකකරු පවසා තිබේ.
කෙසේ වෙතත් සැකකරු අදාළ හිමිවරුන්ට අමානුෂික ලෙස පහර දෙන ආකාරය වෙනත් අයෙකු විසින් වීඩියෝගත කර සමාජ ජාලා වෙබ් අඩවිවලට මුදා හැර ඇති අතර ඒ සම්බන්ධයෙන් විශාල විරෝධතාවක් ද මතුව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට (11)කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හොරොව්පතාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජිව මහතාගේ උපදෙස් අනුව උප පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි මහතා ඇතුළු නිලධාරීහු ඉදිරි පරීක්ෂණ සිදු කරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීවරය හා සොරකම මොහොතකට අමතක කරමු... මේ දරුවන් දෙදෙනෙකුටයි පහර දෙන්නේ... මෙසේ පහරදීම තිරිසන් ක්‍රියාවකි. මෙන්න මිනිස් තිරිසන්නු...
මේ සාමනේර දෙනමගේ ළමා කාලයයි. සෑම දෙනාම තමන්ගේ ළමා කාලය විවිධ ආකාරයට ගෙවි යයි. නමුත් කුමක් හෝ හේතුවක් මත මේ දෙනම සාසනයට ඇතුලත්ව තිබේ. සාසනයට ඇතුලත් වන වයස සීමාවක් තිබිය යුතු අතර නැවත සිතා බැලීමට අවස්ථාවක් තිබිය යුතුය.එවිට සාසනය විනයක් සහිතව දිගු කාලයක් රදා පවතියි. නමුත් මේ නරුම මිනිසා මේ දෙනමට මෙසේ පහර දෙනවානම් ඔහුගේ දරුවා ගැනද සොයාබැලිය යුතුය.
මේකාට දෙන්න ඕනෑ අරාබියේ දඬුවමක්.. අත්දෙකම කපලා දාන්න ඕනෑ. මෙහෙම ලිව්වට මට පව් සිද්ධ වෙන්නේ නැහැ. ඒ තරමටම තිරිසන් වැඩක්..