2000 නොවැම්බර් නව වැනි දා යාපනය මිරුසුවිල්හිදී අහිංසක දෙමළ වැසියන් අට දෙනකු බෙලි කපා මැරූ යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකායේ හිටපු සෙබළෙකු වූ රත්නායක මුදිනේසේලාගේ සුනිල් රත්නායකට කොළඹ මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුලක් අද මරණ දඬුවම නියම කළේය.
යුද හමුදා දිගු දුර විහිදුම් බළකායේ දෙවන පෙළ ලුතිනන්වරයකු ඇතුළු පහක් මේ නඩුවේ චෝදනා ලැබ සිටියහ.
ඉන් හතර දෙනකුට එරෙහිව චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත්වූ බව තීරණය කළ විනිසුරු මඩුල්ල ඔවුහු නිදහස් කරනු ලැබූහ.
ප්‍රීති පද්මන් සූරසේන සහ ලලිත් ජයසූරිය යන මහාධිකරණ විනිසුරුවරු තීන්දුව ලබා දුන්හ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු වරද කරුවෙකු නොවේ.(හේ)
මේ පුවත අපක්ෂපාතිව ලබාදීපු ලංකාදීපයට ස්තුතියි. (ස)
මේවා ගැන උදම් අනන්න නම් මට වචන නැහැ. හේතුව අපේ රටේ දැන් නියම සිංහලයෝ නැහැනේ! ඒකනේ දේශපාලුවෙක් කිවුවේ මේ රට කොහෙද සිංහල රටක් වෙන්නේ කියලා. (නි)
සිංහල රණවිරුවන්ට මෙහෙම කරන්න දෙන්නේ කොහොමද? කොහොමද අහිංසකයි කියලා හරියටම හොයාගන්නේ? (නි)
වරද කාගේද කියා මම නොදනිමි (නි)
මොනවා කියන්නද අපි මේ ගැන. ලංකාවේ නීතිය ගැන අපි කළකිරිලා ඉන්නේ (හේ)
කරුණා,පිල්ලෙයාන්ලට දඬුවම් කරන්නේ නැද්ද? කණගාගටුයි (නි)
මට නම් මේක විශ්වාස කරන්නත් අමාරුයි (නි)
මොනවා කියන්නද අපි මේ ගැන. ලංකාවේ නීතිය ගැන අපි කළකිරිලා ඉන්නේ (නි)
ගුණමකු නායකයන් ඉන්නකොට මෙහෙම දේවල් වෙනවා. ඇත්තටම හරිම දුකක් දැනෙනවා අපි වෙනුවෙන් යුද වැදුණු රණවිරුවන් මෙහෙම දකිද්දී .අපි සැමදා ඔබ සමඟ යි (බ)
මෙයාලා ඇත්තටම අහිංසක දෙමළ වැසියන් කියලා හොයාගත්තේ කොහොමද? (නි)
මට නම් කාගේවත් පැත්තක් ගන්න බැහැ (නි)
මේ අවසානයක එක ආරම්භය පමණි. තව ගොඩක් දේවල් වේවි. කොහොම වුණත් නීතියට ගරු කළයුතුයි. මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු ඇස් ලේ මස් දන් දුන් රණවිරුවනි, ඔබ වෙනුවෙන් ප්‍රගතිශීලි ජනයා පෙළගැසෙන දිනය බොහෝ ළඟය. (නි)
මෙය නොවියයුත්තක්... ! මේ අපේ රණවිරුවෝ..! (නි)
මේ අපේ රණවිරුවෝ (නදී)
ලංකාවේ නීතිය අහිංසකයන්ට පමණද? මේ නඩුව ගැන පැහැදිලි විස්තරයක් ජනතාවට දුන්නා නම් හොඳයි (නි)
හමුදා නීතියට මිසක් සාමාන්‍ය අධිකරණයේ මේවා කතා කිරීම වැරදියි. ත්‍රස්තවාදියෙකු ඝාතනය කරන්න යාපනයට අතුල්වුණු දිගු දුර සෙබලෙකු ඔහුට එන බාදක භාදක මැඩලීම සාමාන්‍ය දෙයක්. ඒක හරියට අනුරාධපුර ගුවන් කඳවුරට පහර දෙන්න පැමිණි ත්‍රස්තයින් ඔවුන්ට හමු උනු සහ ඔවුන්ව හදුනා ගත් සියලු සිංහල අහිංසකයින් මරා දැම්ම වගේ වැඩක් (නදී)
දෙවියනේ රටට ගිය කලක් (නදී)
මහින්දට හොරා කියලා ඡන්දෙ දුන් උදවියට දැන් සතුටු ඇති. කිසිම තැනක චණ්ඩි දෙන්නෙකුට ඉඩක් නැහැ.. මහින්දයි ප්‍රභායි දෙන්නෙකුට මේ රටේ පාලනය කරන්න බැරි නිසා චණ්ඩියා ඉතුරුවුණා. රට බේරුනා.පස්සේ ඡන්දෙ දුන්නෙ වෙනසකටනෙ, දැන් ඉතින් වෙනස බලාගන්න (නි)