(සිරංගිකා ලොකුකරවිට)
ඩේලි නිවුස් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘවරයකු වූ බන්දුල ජයසේකර මහතා අද (05) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අභාවප්‍රාප්ත වූයේය. මියයන විට ඒ මහතා 60 හැවිරිදි වියේ පසුවිය.
රුධිරගත පිළිකා රෝගයකින් වසර දෙකක් පමණ පීඩා විඳි ජයසේකර මහතා සිරස නිවුස් ෆස්ට් හි උපදේශකවරයකු ලෙස සේවය කරමින් සිටියේය. කැනඩාවේ ටොරොන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා වශයෙන් ද කටයුතු කළ හෙතෙම ඕස්ට්‍රේලියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල තානාපති සේවයේ ද කටයුතු කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයකු ලෙස ද බන්දුල ජයසේකර මහතා කලක් සේවය කළේය.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූරය හෙබවූ 2011 වර්ෂයේ සිට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළ ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශයේ සංවර්ධන හා සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් ද කළක් කටයුතු කළේය.
මියයන විට ඔහු කරාපිටිය රෝහලේ සහන සත්කාරක මධ්‍යස්ථානයේ ප්‍රථිකාර ලබමින් සිටියේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව ලැබේවා...!!!
අප දන්නා පරිදි දක්ෂ මාධ්‍ය වේදියෙක්... ඔබට නිවන් සුව අත්වේවා..!!!
තවත් ශ්‍රේෂ්ඨ පුතණුවෙක් ජාතියටත්, ලක් මතාවටත් අහිමි විය. බන්දුල ඔබට නිවන් සුව පතමි.
පුද්ගලික නාලිකා වල වැඩ කරන අය නං ඉක්මණටම යන්න ඕනේ රටට කරන විනාශයට...
නිවන් සුව පතමි. මෙතුමා ජීවත් වෙලා ඉන්න කාලේ අපේ සර්ගේ විද්වත් මණ්ඩලේ එහෙම සේවය කරලා ඇති.
ඔබට අමා මහ නිවන්සුව අත්වේවා..!!!
මරණය කියන, අප සිහිකිරීමටවත් අකමැති ඒ වගේම අත්දැක නැති, කාරුණිකද අකාරුණිකද යන්නවත් නොදන්නා අප සැම කවදා හෝ මුහුණ දෙන්නට අනිවාර්යයෙන්ම බැඳී සිටින " යථාර්තය " ට බිය නැතිව මුහුණ දුන් තවත් ජීවිතයක්. මරණය තමන් සොයා ඇවිත්, තමන් ළඟ ගැවසෙමින් " නියම " වෙලාව පැමිණෙන තෙක් බලා සිටින බව දැන.." මම ලැහැස්තියි .." කීව කිහිප දෙනෙක් මට හොඳටම මතකයි. ප්‍රංශයේ හිටපු ජනාධිපති ෆ්රන්ශුවා මිතරෝන් මහත්මයා, ඉන්දිරා ජයසුරිය මහත්මිය... දැන් බන්දුල ජයසේකර මහත්මයා. මේ සියලු දෙනාම ජිවිතයේ අන්තිම කාලයේ " මරණය මොන වගේ එකක් ද .." යන්න ආශ්වාදනය කළ අයයි. හිතවත් බන්දුල ජයසේකර මහත්මයාණෙනි සුබ ගමන්. ඔබට උතුම්වූ නිවන් සුවය පතන්නම්...!!!
එතුමා අවසන් වරට සහභාගී වූ මාත්‍රා වැඩසටහන බැලුවා. ඔහු ජීවිතය වටහාගෙන සිටියා. දේශීය ප්‍රතිකර්ම, ප්‍රතික්සේප කිරීම වරදක් සේ දකිමි. මෙවන් අකල් මරණයකට සසරේදී පත් නොවේවා!!!.
බන්දුල සහෘදයාණෙනි, අප බෙදාගත් දිගුකාලීන වෘත්තීය ජීවිතය සහ ඔබේ ජීවිතය අප දෙදෙනාටම කියාදුන් පාඩම් බොහොමයක් මැයි. කෙරෝනාව පසුගිය වසර අප දුරස් නොකරන්නට, යළිත් ඔබ හමුවන්නට, දැකබලා ගන්නට, කතාබහ කරන්නට මසිතේ ඇති ආසාව පහව නොගොස් තිබුණි. සුබ, සන්සුන්, සැහැල්ලු ගමනක් මා ප්‍රිය හිතවතාණෙනි!...