
(එම්.කේ. නන්දසේන)
හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයකු, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාට අයත් සෙල්ලකතරගම දඹේ ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක තිබී සොරකම් කළ බව කියන රුපියල් ලක්ෂ හතහමාරක් පමණ වටිනා භාණ්ඩ තොගයක් සහ සැකකරුවන් 4 දෙනෙකු අද(04) කතරගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
වායුසමන යන්ත්‍ර, තහඩු, අල්මාරි, මෙට්ට, ඇඳන්, කෑම මේස, පුටු, ශීතකරණ, නාන කාමර කට්ටල, වතුර මෝටර ඇතුළු තවත් උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බඩු භාණ්ඩ අතර දක්නට ලැබිණි.
මෙම නිකේතනය බාරව සිටි මුරකරු නිවාඩු ලබා සිටි අතරවාරයේ මෙම සොරකම සිදුවී ඇති බවට කතරගම පොලීසියට පැමිණිල්ල ලැබී පැය 24 ක් ඇතුලත බඩු භාණ්ඩ හා සොරුන් අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි.
හිටපු අමාත්‍යවරයා කතරගම පොලීසියට පැමිණ බඩු භාණ්ඩ හැඳිනගෙන ඇතැයිද පැවසේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු ඇමැතිගේ නිවාඩු නිකේතනයෙන් ලක්ෂ 7 ක භාණ්ඩ සොරාගනී
ලුම්බිණි Friday, 04 December 2020 01:25 PM
රෝහිත බෝගොල්ලාගම මොන පැත්තකින් හරි එල්ලිලා ඉන්නවා.
Ruhunu Friday, 04 December 2020 01:46 PM
හොරුන්ගෙත් හොරු...
ranaSaturday, 05 December 2020 03:55 AM
ගෙම්බන්ගෙත් ගෙම්බෙක් හා හා..!
a.b. Srila Friday, 04 December 2020 02:11 PM
ඕක මොකක්ද අපේ රෝහිත බෝගොල්ලාගම මැතිදුන්ට ... එතුමා උපන්දිනයකට ඩොලර් 15000 වියදම් කලේ...
Rua Friday, 04 December 2020 04:11 PM
සෙවිලි තහඩුත් හොරකම් කරලද දන්නේ නෑ...
Kuma Saturday, 05 December 2020 02:13 AM
මෙහෙම හොරු නම් පැය 24න් අල්ලනවා. දක්ෂතා වගේ පෙනුණත් ඇත්තටම විහිළු...
ජගා Saturday, 05 December 2020 03:30 AM
ෂුවර් එකටම කම්බා හොරෙක්...
රොෂාන් Saturday, 05 December 2020 11:31 AM
කම්බ හොරෙක්ගේ දේවල් පොඩි හොරෙක් හොරකම් කරලා...
sampath Saturday, 05 December 2020 11:53 AM
මේකත් ලාභ ගන්න කරපු උප්පරවැට්ටියක් වෙන්න බැරිද? මේ වගේ කෙනෙක්ගේ බඩු හොරු ගන්නේ නෑ සාමාන්‍යයෙන්...
කපිල Saturday, 05 December 2020 12:22 PM
මේවා ඔක්කොම මහජන මුදල් කොල්ලකාලා හම්බ කරපුවා. ඒ නිසා දුප්පත් මිනිහෙක් ගත්තට කමක් නෑ.