IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් පියා - සහෝදරයා ගොනු කළ පෙත්සම් ඉල්ලා අස්කර ගනිති

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

අත්අඩංගුවට ගෙන රහස් පොලිසිය විසින් රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කර ඔහු නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා එම නීතීඥවරයාගේ පියා සහ සොහොයුරා ගොනු  කර තිබූ හබයාස්කෝපුස් පෙත්සම් දෙක ඉල්ලා අස් කර ගැනීමට අභියාචනාධිකරණය අද (27) පෙත්සම්කාර පාර්ශවයට අවසර ලබා දෙන ලදී.

ඒ අනුව එම පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමටට අභියාචනාධිකරණය තීන්දු කළේය.

මෙම පෙත්සම් අද (27) කුමුදුනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා කියා සිටියේ තම සේවාදායකයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මේවන විට ගොනු කර ඇති බැවින් මෙම හෙබයාස්කෝපූස්  පෙත්සම් දෙන ඉල්ලා අස් කර ගැනීමට අවසර ලබා දෙන ලෙසය.

 ඒ ඉල්ලීමට අවසර ලබා දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලදී.

නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් ඔහුගේ පියා සහ සහෝදරයා විසින් ගොනුකර තිබෙන මෙම "හෙබෙයාස්කෝපුස්" පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා නම් කරනු ලැබ තිබිණි 

පෙත්සම්කරුවන් සිය පෙත්සම් වල සදහන් කර සිටියේ ඉකුත් අප්‍රේල් 14 වැනිදා  රහස් පොලිසිය විසින් කිසිදු සාධාරණ හේතුවක් නොදන්වා නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගත් බවය.

මෙම අත්අඩංගුවට ගැනීම කිසිදු පදනමක් නොමැතිව සිදු කොට ඇති බව ද පෙත්සම්කරුවන්ගේ සිය පෙත්සම් වලින් කියා තිබිණි.

ඒ අනුව අත්අඩංගුවේ පසුවන නීතිඥ හිස්බුල්ලා ගෙන්  උපදෙස් ලබා ගැනීම සඳහා සිය නීතිඥවරුන්ට අවකාශ ලබා දෙන ලෙස රහස් පොලිසිය වෙත නියෝගයක් නිකුත් කර ලෙසත්,  ඔහුව අත්අඩංගුවෙන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
 



අදහස් (1)

හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් පියා - සහෝදරයා ගොනු කළ පෙත්සම් ඉල්ලා අස්කර ගනිති

සේන Thursday, 28 May 2020 05:28 AM

එදා සහරාන් නොමැරී බේරුණා නම් ඔහුගෙත් අයිතිවාසිකම් ගැන කතා කරලා නිදහස් වේවි. ප්‍රභාකරන් වුවත් එසේමයි. ඔවුන් විසින් නැති කළ රටක ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා නැත. මේ තත්ත්වය වෙනස් විය යුතුයි.

:       18       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 945 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1017 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site