(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කරුවලගස්වැව 10 කණුව ප්‍රදේශයේ අද(23) යුද හමුදා බස් රථයක් ඇඟලුම් සේවිකාවන් ගමන් කරමින් තිබූ වෑන් රථයක ගැටීමෙන් වූ අනතුරින් හත්දෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ බව කරුවලගස්වැව පොලිසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ ඇඟලුම් සේවිකාවන් සත්දෙනෙකි.
අනුරාධපුර සිට පුත්තලම යුද හමුදා කඳවුරේ පුහුණුවක් සඳහා සෙබළුන් පිරිසක් රැගෙන එමින් තිබු හමුදා බස් රථයක් තවත් හමුදා බස් රථයකට ඉස්සර කිරීමට යාමේදි පුත්තලම සිට නොච්චියාගම දක්වා ඇඟලුම් සේවිකාවන් රැගෙන යමින් තිබූ වෑන් රථයක ගැටී ඇත.
අනතුරත් සමග බස් රථයේ ගැටුණු වෑන්රථය වට කිහිපයක් කැරකී පෙරළී ඇත.
තුවාල ලැබූ සේවිකාවන් දෙදෙනෙකුට බරපතල බව පොලිසිය කියයි.
අනතුර සම්බන්ධයෙන් යුද හමුදා බස් රථයේ රියදුරු කරුවලගස්වැව පොලිසිය අත්අඩංගුවටගෙන ඇත.



COMMENTS
අනේ මොකද මෙහෙම අනතුරු සිදුකරන්නේ. අසරණ සේවිකාවන් 7 ක් අමාරුවේ වැටුන නේද? ඔය පාරේ අඩියෙන් අඩියට පොලිසිය නම් ඉන්නවා වේග සීමා පාලනය කරන්න. එත් එක වහනයක් තවත් වාහනයකට ඉස්සර කරනවිට ඇතිවන අනතුරු වැලක්වීමට ක්‍රමයක් නැද්ද? මේ කරණය සත්‍ය නම් මේ බස් රියදුරාගේ වරදින් සිදුවූ දෙයක් නේද?