IMG-LOGO

සෞදියේ ඉන්ධන කම්හල් 2ක් ගිනිගනී

සෞදි අරාබියේ ඇබ්ක්වේක් සහ කුරේයිස් පළාත්වල පිහිටි ඉන්ධන කර්මාන්තශාලා දෙකක් ඩ්‍රෝන ප්‍රහාර එල්ලවීම හේතුවෙන් ගිනිගෙන  ඇතැයි වාර්තා වේ.

සෞදි බලධාරීන් පවසන්නේ ස්ථාන දෙකෙහිම ගිනිගැනීම් මේ වනවිට පාලනය කර ඇති බවයි.

ගිනිදැල් සහ දැවැන්ත දුම් රොටු අහසට විහිදෙනු දක්නට ලැබුණු බව බලාසිටින්නන් පවසා ඇත.

යේමනයේ හවුති සටන්කරුවන් විසින් ප්‍රහාරය එල්ල කර ඇතැයි සැකකරන නමුත් මේ සම්බන්ධව සෞදි මාධ්‍ය කිසිවක් පවසා නැතැයි සඳහන් වේ. ඉරානය හවුති සටන්කරුවන්ට ආධාර සපයයි.

කෙසේවුවද ඉරානය මෙම චෝදනා ප්‍රත්ක්ෂේප කර තිබේ.

සෞදි අරාබියේ නැගෙනහිර දහරාන් නගරයට කිලෝමීටර් 37ක් නිරිත දිගින් පිහිටි ඇබ්ක්වේක් නගරයේ ලෝකයේ විශාලතම තෙල් පිරිපහදු කම්හල පිහිටා ඇත.



(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (9)

සෞදියේ ඉන්ධන කම්හල් 2ක් ගිනිගනී

රවින් Saturday, 14 September 2019 08:32 AM

චන්ද්‍රිකා ඡායාරූප අනුව නම් ෂුවර් එකටම කිම් ජෝන්ගේ ගේමක්. දුර ප්‍රමාණය දිහා බැලූබැල්මට බැලුවාම නම් මිසයිලයකට මිස මෙවැනි දුර ප්‍රමාණයක් ගමන් කිරීම අපහසුයි. එසේ නැතිනම් සෞදියේ ඇතුළටම කැරලිකරුවන් ගිහින් තියෙන්න ඕනේ... නැතහොත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය හෝ ඕමානයේ පැත්තෙන් ඇතුළු වියයුතුයි. කාගේ ගේමක්ද? ඔය හින්දා අපේ තෙල් මිල වැඩිවෙලා අපිටම තමයි පව් ගෙවන්න වෙන්නේ. අපේ සාක්කුවට දැනෙන්නේ එතැනදී තමයි..

:       663       17

amaraSaturday, 14 September 2019 03:56 PM

රවින් වගේ අය අප්පා ලංකාවේ ඉන්නේ...

:       0       1

සූටිං මාටිංSunday, 15 September 2019 01:43 AM

අපිට ඉරානෙන් තෙල් ගන්න දෙනවා නම් කිසිම අවුලක් නැහැ. එහෙම බලද්දී අපේ සාක්කුවට තට්‍ටු කරලා තියෙන්නේ ඇමරිකාව... ලෝකයේ විශාලම තෙල් නිධි හිමි වෙනිසියුලාවටයි, ඉරානෙටයි තෙල් නිෂ්පාදනය කරන්න නොදෙන්නේ ඇමරිකාව...

:       0       2

lalithm Saturday, 14 September 2019 09:32 AM

ඉතාම භයානක තත්වයක්. අපේ රටේ ආර්ථිකයේ වැදගත් කොටසක් ගලා එන්නේ සෞදියේ සේවකයින්ගෙන්...

:       708       157

අබරන්Saturday, 14 September 2019 10:25 AM

ඕක හින්දනේ අපි ඒ කාලෙ ඉඳලා කියන්නේ අරාබියට ගෑනු, පිරිමි යැවීමෙන් යැපෙන ආර්ථිකයක් නොව රට තුළ නිපැයුම් කර දියුණු කිරීමේ ක්‍රමවේදයක් හදමු කියලා..

:       191       253

ajithSaturday, 14 September 2019 11:42 AM

ලතීම් ඔය අහිංසක ගැහැණු අය රට යවලා එන කොටසෙන් වෙන විපාක හරිම වැඩියි. ඔය කොටස නවත්වන එකම තමයි හොඳ. රටේ හරි නායකයෙක් ඉන්නවා නම් ඔය අම්මලා, සහෝදරියන්ට ඔය වගේ බැල මෙහෙවර කරන්න රට යන්න ඕනෑවෙන්නේ නෑ.

:       0       177

sirimal Saturday, 14 September 2019 12:23 PM

ඉරාන රජයේ උදව් ලබන යේමනයේ හූටි කැරලිකරුවන්ගේ මිලිටරි ප්‍රකාශකයෙකු මෙම ප්‍රහාර දෙකෙහිම වගකීම තමන් බාරගන්නා බව ඔවුන්ට අයත් ප්‍රවෘත්ති සේවය මඟින් නිවේදනය කර ඇති බවයි වාර්තා වෙන්නේ. බුකියාක් සහ කුරයිස් තෙල් පිරිපහදු මධ්‍යස්ථානයට පහර දීම සඳහා ඩ්‍රෝන යානා 10ක් යවා ඇතැයිද සෞදි අරාබියාව යේමනයේ ගෙනයන යුද්ධය දිගටම පැවතුනහොත් සෞදි රාජ්‍යයට එරෙහි කැරලිකරුවන්ගේ ප්‍රහාර වඩාත් නරක අතට හැරෙනු ඇතැයි ඔහු අනතුරු ඇඟවූ බවද එම වාර්තාවල දැක්වෙයි. යේමනයේ හූටි සටන්කරුවන් මීට පෙර සෞදි අරාබියානු දේශසීමාව හරහා ප්‍රහාර දියත් කර ඇති අතර, පසුගිය මාසයේ ෂේබා තෙල් පිටියට ඩ්‍රෝන යානාවලින් සහ මැයි මාසයේ තෙල් පොම්පාගාර 2කට පහර දී තිබේ. මෙම ප්‍රහාර දෙකම ගින්නට හේතු වූ නමුත් නිෂ්පාදනයට බාධාවක් නොවීය.

:       38       187

සූටිං මාටිං Sunday, 15 September 2019 01:40 AM

සෞදියේ අයගේ හැටි කගෝෂි ඝාතනයෙන් ලෝකෙටම පැහැදිලි වුණා. ප්‍රසිද්ධියේ වෙන රටවල ඔහොම මිනීමරනවා නම්, උන්ගේම රටේ කොහොමට ඇද්ද කියලා පොඩ්ඩක් හිතන්න ඕනේ...

:       0       2

නොකවුට් Sunday, 15 September 2019 04:51 AM

අල්ලාහ්ගේ කැමැත්ත අනුව සියල්ල සිදුවේ.

:       0       105

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 93 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 641 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site