
(ටෝනි කරුණානායක)
ගම්පහ උඩුගම්පොළ පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියේ කලමනාකාර සහකාරවරියකට කාර්‍ය්ලය තුලදි පහර දුන් එම ආයතන ප්‍රධානියාව රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදාහරින ලෙස ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (25) නියම කළේය.
නුවර පාර, කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ඩී. ලලිත් සිරිසුමන නැමති සැකකරුව මෙසේ ඇප මත මුදාහරින ලෙස නියම කෙරුණි .
ගම්පහ අස්ගිරියේ පදිංචි ආර් .එම්.එන්.ලක්මාලි නැමැත්තිය පැමිනිලිකාරිය වූවාය.
ඇප පනතේ සදහන් කරුනු වලට අදාළව ඇප ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය කරුනු අනාවරණය නොවීම හේතුවෙන් සැකකරුට මෙසේ ඇප නියම කරන බවට අධිකරයේදී සදහන් විය .
සැකකරු පැමිනිකාරිය ගෙන් ආයතනයක දුරකථන අංකයක් ඉල්ලා ඇති බවත් එම දුරකථන අංකය ලබා දීමට පැමිනිකාරිය ප්‍රමාද වීම හේතුවෙන් එම පහර දීම 24 වෙනිදා සිදුව ඇතත් විද්යුත් මාධ්‍යවල සිද්ධිය අනාවරණය වීමෙන් අනතුරුවය. පැමිණිලිකාරිය ගම්පහ පොලිසියට අද (25) පැමිනිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර ආයතන ප්‍රධානියාව අත් අඩංගුවට ගෙන අධිකරණය ට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගත් බව ගම්පහ පොලිසිය අධිකරණය හමුවේ වැඩ්දුරටත් සදහන් කලේය.
ඇප නියම වූ උඩුගම්පොළ පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානියා වූ ලලිත් සිරිසුමන නැමති සැකකරුට නැවත ලබන ජනවාරි මස 27 වෙනිදා ට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණයෙන් වැඩ්දුරටත් නියම කෙරුණි .
COMMENTS
ගෑණුන්ට ගහන තිරිසනා..
අනේ මන්දා මේ "උගත්, මෝඩ නූගතාට" මොනවා කියන්නද?
ඔන්න දියවන්නාවට සුදුස්සෙක්...
කුමන හෝ පුද්ගලයකුගෙන් කුමන හෝ කාර්යයක් තමන්ට අවශ්‍ය පරිදි ඉටුකර ගැනීම කලාවකි. එය නොදන්නා කමට උගතුන් යයි කියාගන්නන් ( බොහෝදුරට වත්මන් පරම්පරාවේ අය ) දැන් දැන් මුල් පුටුවලට පත්වෙමින් පවතී. මෙය ඉන්ජිනේරු පාලනය ඇති ආයතනතුළ පිලිලයන් බවට පත්වෙමින් පවතී. උදා : ලන්කා විදුලි බල මන්ඩලය. මෙවැන්නන් සඳහා වෙනම මානව සම්පත් කලමනාකරණ පාඨමාලා අනිවාර්ය කළයුතු අතර, හික්මීමක් නොමැත්තන් මෙවැනි තනතුරුවලට පත්කිරීම නතර කළයුතුයි...
කාන්තා අයිතීන් ගැන කතාකරන සංවිධාන කෝ දැන්..?
වියත් මගෙන් පාර්ලිමේන්තුවට යවමු. ගොඩක් සුදුසුකම් සපුරලා තියෙනවා වගේ පේනවා. කම්කරු නීතිය යටතේ කිසිම වරදකට සේවකයන්ට ශාරීරික හිංසා කිරීමට ආයතන ප්‍රධානියෙකුට බලයක් දීලා නැහැ කියලයි මම නම් ඉගෙනගෙන තියෙන්නේ. මේගොල්ලෝ දන්න අහවල් මානව සම්පත් කළමනාකරණයක් නැහැ කියලා මේකෙන්ම තේරෙනවනේ..