IMG-LOGO

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා


සෙනිකා වෙනුවට වෙනත් ආදේශයක් සොයයි

(සුජිත් හේවාජුලිගේ )

එන්නත් වර්ග මිශ්‍ර කර ලබා ලබාදීමේ හැකියාව ගැන සොයා බලා ගෙන යන බව සෞඛ්‍ය අංශ ප්‍රධානිහු පවසති.

මේ අනුව අස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් පුද්ගලයන්ට දෙවෙනි මාත්‍රාව වෙනත් එන්නත් වර්ගයකින් ලබාදීමේ හැකියාව ගැනද සොයා බැලෙනු ඇත .

පළමු මාත්‍රාව එක එන්නත් වර්ගයකින් ලබාදී දෙවැනි මාත්‍රාව වෙනත් එන්නත් වර්ගයකින් ලබාදීමට හැකියාව ඇත්දැයි සෙවීමට මේ දිනවල පරීක්ෂණ පැවැත්වෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා පැවසීය.

එසේ ලබා දිය හැකි යැයි පරීක්ෂණවලදී තහවුරු වුවහොත් වෙනත් එන්නතක් ගෙනැවිත් දෙවන මාත්‍රාව හැටියට ලබාදීමට හැකියාව තිබෙන බවද ඔහු කීය.

මේ අතර ඉන්දියාවේ පවතින තත්වය හමුවේ අස්ට්‍රාසෙනිකා එන්නත් ලබා ගැනීමේ ගැටලුකාරී තත්වයක් මතු වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

දෙවෙනි මාත්‍රාව ලබා දීම සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් අවශ්‍ය වන බවත් එය සපයා ගැනීම සඳහා විවිධ රටවල් සමග සාකච්ඡා කර ගෙන යන බවත් කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ කොවක්ස් පහසුකම යටතේ එන්නත් මාත්‍රා ලක්ෂ දහයක් ලබන මැයි මස මුල ලැබීමට නියමිතව තිබුණත් එහිද ප්‍රමාදයක් තිබෙන බව දැනගන්නට ඇතැයි රාජ්‍ය ඇමතිවරිය කීවාය.

 



අදහස් (4)

සෙනිකා වෙනුවට වෙනත් ආදේශයක් සොයයි

සිරිබිරිස් Friday, 30 April 2021 10:46 AM

ඔය දොස්තර මහත්තයා නම කැත කරගන්න හදන්නේ. අපිව මීයෝ කරන්න එපා අහිංසක මිනිස්සුන් පරීක්ෂණයට දාලා . අපි කොහොමද දන්නේ එහෙම කරොත් එන අතුරුපල.

:       0       29

vikum Friday, 30 April 2021 11:48 AM

යන තත්වයේ හැටියට තේවතුරයි පිපිඤ්ඤා වගේ ගේමක් හෝ කෑමක් දෙන්න යන්නේ, 73 අවුරුදු නිදහස ලබලා 225 කලින් කලට එකතුවෙලා ත්‍රිලියන 16 ණය කරා මිසක් වෙන කරපු දෙයක් නැහැ. අන්තිමට බලන කොට රටෙම තියෙන්නේ අයි සී යු ඇදන් 700 ජන ගහණය කෝටි දෙකහමාරයි...මාරයි යකෝ මේරට මෙහෙම හරි තියෙන එක....දැන්වත් මිනිස්සු තේරුම් ගනිද රටෙ ජනතාව කබලෙන් ලිපට දිනෙන් දින වැටෙන බව..

:       17       30

විජිත් Friday, 30 April 2021 01:02 PM

මම මගේ ආදරණිය සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් ආයාචනය කරනවා..." මිශ්‍ර එන්නත් වලට ඔබ බිලිවෙන්න එපා...පළමු එන්නත එකවර්ගයකිනුත් දෙවන එන්නත තවත් වර්ගයකිනුත් එන්නත් කරගන්න එපා.. මේ ලෝකයේ කිසිම තැනක එවැනි භයානක පරීක්ෂණ කරලා නැහැ... මේ රටේ ඉන්න මොලේ අමාරුකාරයින් රටේ ජනතාව මරුතුරුලට යවන්නද දන්නේ නැහැ මේ හදන්නේ. මගේ ආයාචනය මෙයයි මිශ්‍ර එන්නත්වලට ඔබ ඔබගේ වටිනා ජීවිතය නිකරුනේ බිලි දෙන්න එපා...!!! එය කොරෝනාවට වඩා භයානකයි...

:       0       0

pradeepa Friday, 30 April 2021 02:46 PM

කවුද දුන්නේ අදහස... කැබිනට් එකේ ඉන්න, මහින්දානන්ද, රෝහිත, ජොනී, විමල්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 301 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 694 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 316 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site