
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ල ගිලා බැසීමෙන් සුන්බුන් අතර සිරවී මියගිය බිලිදාගේ මව හා පියාගේ මළ සිරුරුද මීට සුළු මොහොතකට පෙර දී හමු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
අචලා ඒකනායක (32) සහ ඇගේ සැමියා වන චමිල ප්‍රසාද් (35) යන දෙදෙනාගේ සිරුරු සුන්බුන් අතර තිබියදී මෙසේ සොයා ගැනිණි.
සුන් බුන් අතර සිර වී සිටි මාස දෙකක් වයසැති බිළිඳාගේ සිරුර ද උදෑසන සොයාගෙන තිබිණි. මේ වන විට සිරුරු මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි පොලීසිය කියයි.
(ඡායාරූප සැපයීම - රේඛා තරංගනී)










2025 දෙසැම්බර් මස 18
640
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුන්බුන් අතර සිරවී මිය ගිය බිළිඳාගේ මව-පියා ගේ සිරුරු සොයා ගැනේ
පූජා Sunday, 20 September 2020 10:57 AM
හරිම දුක්ඛිත සිදුවීමක් අද දින අසන්නට, දකින්නට ලැබුනේ. කාගේදෝ පවකට දිවි අහිමි වුණු අහිංසක පවුලක්.. ඔබලාට කිසිම භවයක මෙවන් විපතක් නොවේවා කියා, කඳුලු පිරි නෙතින් පතන්නම්.. මේ අපරාදයට වග කියන අයට ස්වභාව ධර්මයෙන් නම් කිසිම සමාවක් ලැබෙන එකක් නැහැ. මියගිය සියලු දෙනාට නිවන් සුවය පතමි..!
asanka Sunday, 20 September 2020 11:12 AM
මෙවැනි අනාරක්ෂිත ස්ථානවල ගොඩනැගිලි ඉදි කිරීමට අවසර දෙන මහනුවර ඇති දුෂිත ආයතන මේ සිද්ධියට වග කිව යුතුයි.
Bamunuarachchi Monday, 21 September 2020 02:11 AM
කඩාවැටුන ගොඩනැගිල්ල කාගේ එකක්ද.?
Walter White Monday, 21 September 2020 03:34 AM
හරිම ඛේදනීය සිදුවීමක්, නුවර මීට කලිනුත් මෙවැනි සිදුවීමක් වුනා, මිනිස්සු තඩි නිවාස හැදුවට අප ජලය ඉවත් කිරීම කරන්නේ කොහොමද, මළාපවහන පද්ධතිය හදන්නේ කොහොමද කියල හිතන්නේ නැහැ, කඳු බෑවුම්වල මේ වගේ ඉඳිකිරීම් කරද්දී ජලය ඉවත් කිරීම ගැන විශේෂයෙන් සොයා බලන්න ඕන, පොළවේ නිතර ජලය කාන්දු වෙනවා නම් පසේ ශක්තිය අඩු වෙනවා, ඉතා කුඩා කාන්දුවක් වුනත් කල් ගත වී ඉතා බැරෑරුම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්,