(ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව)
සාම්පූර් සුඩකුඩා ප්‍රදේශයේ පුරාවිද්‍යා ගවේශණයක දී සොයාගත් දාගැබ ඩොසර් කිරීමට යොදාගත් ඩෝසරය හා එම ඩෝසරය පටවාගෙන ගිය ලොරිය සොයා ගැනීමට පොලීසිය ඊයේ සමත් විය.
මුතූර් දාගැබ ඩෝසර් කළ එහි ක්‍රියාකරු ඉකුත් 26 වැනිදා හලාවත ප්‍රදේශයේ දී රිය අනතුරකට ලක්ව රෝහල්ගත කිරීමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර ඩෝසර් යන්ත්‍ර සැඟවීමට එය පටවා ගෙන ගිය ලොරි රථයේ රියදුරු එදිනම මුතූර්, තෝපූර් ප්‍රදේශයේ දී යතුරුපැදියෙන් ඇදවැටී මුතූර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබේ.
මූතූර් සහකාර පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් දින ගණනාවක් පරීක්ෂණ පවත්වා අධිකරණයෙන් ලබාගත් නියෝග හා විද්‍යාත්තමක සාක්ෂි පදනම් කරගෙන ඩෝසරය සහ ලොරිය අත් අඩංගුවට ගනු ලැබීය. ඩෝසරය සේරුනුවර පොලිස් වසමට අයත් ඊච්චලන්පත්තු ප්‍රදේශයේ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් අතර ලොරිය තෝපූර් ප්‍රෙද්ශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ලොරියේ ඉදිරිපස ඉහළ බුදු සරණයි යන වැකිය ප්‍රදර්ශනය කර ඇත. සහකාර පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා මුතූර් මහේස්ත්‍රාත් එම්. අයි. රිස්වාන් මහතාගෙන් ලබාගත් අධිකරණ නියෝග අනුව ලොරිය සහ ඩෝසරය යන දෙකම එක හිමිකරුවෙකුට අයත් බව අනාවරණය කරගනු ලැබීය. මේ අනුව අයිතිකරු දන්කොටුව ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙකු වන අතු ඔහු තොරතුරු වසන් කිරීමේ චෝදනාවට අත්අඩංතුවට ගෙන තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ඩෝසර් ක්‍රියාකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක්ද මේ වන විට පිටත්ව ගොස් තිබේ.
ඉකුත් 19 දා මෙම දාගැබ ඩෝසර් කර ඇති අතර 21 දින එය අනාවරණය වීමෙන් පසු ඩෝසරය ලොරියක පටවාගෙන ගිය බව අයිතිකරු පොලිසියට ප්‍රකාශ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මූතූර් සහකාර පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතාගේ මෙහෙයවීම මත සාම්පූර් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිට්ට ධම්ම වේදනීය කම්ම!!!!!!
ඕවට තමටි දිට්ඨධම්ම වේදනීය කර්ම කියන්නේ. නීතියෙන් බේරුනත් මේ පාප කර්මයෙන් බේරෙන්න බැරි බව කව්රු කව්රුත් දැනගෙන හිටියොත් හොඳයි.
ඇයි කවුරුත් දිට්ඨධම්ම වේදනීය කර්ම ගැන විතරක් කතාකරන්නේ? පොලිසිය නිකම් උඩ බලාගෙන හිටියේ නෑ. එයාලගේ හැකියාවත් අගය කරන්න ඕන.
අපි සනසන්න කියන බොරුද දන්නේ නැත එක සැරේ විස්වාස කොරන්න එපා. කොහොම නමුත් ඩොසර්කිරීම සම්බන්දව අග සිට මුලට දැනගැනීමේ අයිතිය බෞද්ධයන්ට තිබෙනවා.
මේකට උපදෙස් දුන්න කට්ටිය තමයි මේකට වැඩියෙන් වග කියන්න ඕනේ. ඒගොල්ලන්ගේ තත්වය කොහොමද?
ඔන්න ඉගෙනගන්නවානම් පාඩම්!!!!!!!!!!
ඇයි දිට්ඨ ධර්මවේදනීය කර්ම පොඩි මිනිස්සුන්ට විතරක්.....
දැන් ඒ කියන්නේ බුදුදහම කියන්නේ පළිගන්න දෙයක්ද?
දිට්ඨධම්ම වේදනීය කර්ම බව ඉතා පැහැදිලියි. එහෙම කියල පොලීසිය කන්තෝරුවට සීමා කලොත් හොඳට හිටියි. උසාවි වහල ඒගොල්ලටත් නිවාඩු දෙමු. දිට්ඨධම්ම වේදනීය ක්‍රමයට සියල්ල සිදුවෙනකල් බලා ඉමු.
බුදුදහම කියන්නේ ඕකට තමා..........
වැරදි කාරය ඩෝසර් පදවන්නා සහ අයිතිකරු ද ? මේකට උපදෙස් දුන්න අයගේ නම් කියන්න බැරි තරම් ම දෙන්නටම අසධ්‍යද ? කුපිත වුන ජනතාව සනසන්නද හදන්නේ........
මේ දාගැබ දෙගුණයක් විශාල කරලා හදමු...
දිට්ඨධම්ම වේදනීය කර්මය මෙතන්ට ගෙනල්ල බුද්ධ දර්ශනය විකෘති කරන්න එපා කියා මා ඉල්ලා සිටිනවා. හරිනම් මේවට මූලික වෙච්ච දේශපාලකයින්ටයි මේ දේවල් වෙන්ට ඕනෙ . අනික ඕක ලොකු කුඩා දුප්පත් පෝසත් බේද අනුව ක්‍රියාත්මකවන කර්මයක් වගේ, මේ රටේ ඉතාමත් දුප්පත් පොදු මහජනතාවගේ බදු මුදල් දූෂණයෙන් බොරුවෙන් ගසාකාගන පව්කාර සැපවිඳින ධනකුවේර දේශපාලන තක්කඩින්ට ඔය කියන මොනම කර්මයක්වත් නෑනෙ . පන්සල්වල දාගැබ් පවා හාරලා නිදන් සොරකම්කරපු දේශපාලන තක්කඩින් අදත් හිටියට වඩා හොඳට ඉන්නෙ. කවුරු හරි දන්න කෙනෙක් මට කියලාදෙන්න මේ කර්මය පොඩි මිනිස්සුන්ට විතරක් ක්‍රියාත්මක වන එකක්ද කියලා . ස්තුතීයි !
පැරකුම්, පොලීසිය වැඩ පෙන්නන්ඩ පෙරහැර යනකම්ම හිටියද.
මේ රට ආරක්ෂා කිරීමට බුදුරජාණන් වහන්සේ උපුල්වන් දෙවියන්ට පිරිනිවන් මංචකයේදී බාර දුන් බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. වසර 2600ක වකවානුව තුල මේ රට, ජාතිය, සම්බුද්ධ ශාසනය වැනසීමට කුමන්ත්‍රණය කළ අය පිඹුරුපත් හැදූ අයට එය ඉටු කරගැනීමට නොහැකි වූයේ ඒ නිසාය. ඉදිරියටත් ඝෘජුව හෝ වක්‍රව දැන හෝ නොදැන මේ රටට, ජාතියට, සම්බුද්ධ ශාසනයට හානි වන තීන්දු තීරණ ගන්නා අයට සිදුවන්නේද ඉතිහාසයේ බොහෝ අයට සිදු වූ ඉරණම්වලට මුහුණ දීමටයි. මේ රට දෙවියන්, බුදුන් අදහන ජනතාව රකින බලයක් ඇති දේශයක් බව මතක තබාගත යුතුය.
එන්.එම්. පෙරේරා මහත්තයා කීවා වගේ මේ පරණ දාගැබ් ඩෝසර් කරලා වැස්ස කාලෙට තල, උඳු හා අබ වපුරන්න ඕනෑ.. රටට, ගමට වැඩක් වෙන්නේ එතකොටලුනේ...
දිට්ඨධම්මවේදනීය කර්මය කියා වැරදි කරුවන්ට දඬුවම් නොදී සිටින්න එපා. නීතියෙන් දියහැකි උපරිම දඬුවම් දිය යුතුයි.
ඩෝසරය අයිතිකරුවා හෝ එහි රියැදුරු හෝ සහායකයා යනු කුමන්ත්‍රණවල සොක්කන් පමණි. අල්ලා ගත යුත්තේ කුමන්ත්‍රණ කරුවන් සහ මහා මොළකරුවන් විනා.... දවසේ පඩියට ඩෝසර පදවන රියැදුරු හෝ සහායකයා වැනි උදවිය නොවේ!
මේ ඩෝසර් කළේ අතීත උරුමයයි. මෙවැනි පුරාවිද්‍යා නටඹුන් තුළින් ඉතිහාසය ගොඩනැගිය හැකිවේ. නමුත් දැන් කොහොමද? අනාගත පරපුරට මොනවාද උරුම කරලා දෙන්නේ... ඔබට සතුටුයිද දැන්?
දුෂ්ට චේතනාවෙන් දාගැබ සමතලා කල අයට විපාක එසැනින්ම ලැබී ඇත. රෝහලේ කාලයක් ඉන්නට සිදුවීමත් අපා දුකකි. කුමාර්(ගල්ෆ්) නමැත්තා එහි තල , උඳු වපුරන්න යෝජනා කරයි. පළමුව ඔබේ කෝවිලක් සමතලා කොට එසේ කර බලන්න. ඔබට පරම්පරාවෙන් එන දුෂ්ට ගති ඇති බවයි පේන්නේ. අතීතයේදී මෙවැනි දුෂ්ටයන් ලංකාවට එනවිට ඉන්නට ඉඩ දුන්න එකයි සිංහල අපි කල වැරැද්ද.
"...දේශපාලන තක්කඩින්ට ඔය කියන මොනම කර්මයක්වත් නෑනෙ.." හ්ම්ම් මෙහෙම කියල සුසුම් හෙළලා අපට කවදාවත් ප්‍රශ්නයෙන් ගොඩ එන්න ලැබෙන්නේ නැහැ. කරන ලද වැරදි වලට කර්මානුරුපව ලැබෙන ප්‍රතිපලය (දඬුවම ) බුදු දහමේ ඉගැන්වීමට අනුව සිදුවෙන දෙයක් නොව එය ලෝක ධාතුව තුළ ක්‍රියාත්මක වන ස්වභාවික නියාමයක්. බුදු රජාණන් වහන්සේ එය හේතු පල වාදයට අනුව තේරුම් ගෙන අකුසල් (වැරදි ) වලින් වැළකී සිටීමේ ධර්මතාවයන් මිනිස් සමාජයට කියා දුන්න. මේ රීතිය ඕනෑම ආගමකට අයත් ඕනෑම පුද්ගලයෙකුට අදාලයි. එයින් පැන යන්න රහතන් වහන්සේ කෙනෙකුට උවත් හැකියාවක් නැහැ.
කළකම් පලදේ, සංසාරේ ගැලවීමක් නැත මෙලොවදී මෙන්ම පරලොවද ඒ ආකාරයෙන්ම පලදේ