ශ්රී ලංකාවේ ළමා සාහිත්‍යය සම්බන්ධයෙන් කෘතහස්ත මෙහෙවරක් ඉටු කළ, ප්‍රවීණ ලේඛිකාවක සහ චිත්‍ර ශිල්පිනියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අද(01) අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ මහත්මිය මිය යනවිට 93 හැවිරිදි වියේ පසුවූවාය.
ඇය ලියූ 'කුඩ හොරා' කෘතිය ළමා කෘති අතර අතිශය ජනප්‍රිය කෘතියක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව...!
එතුමිය ඉරිදා පත්තරේට චිත්‍රත් සමග එක්කරපු මුතු කුමාරිගේ කතාව පත්තරේ බිම එලලා ඒක උඩ දණගහගෙන කියවපු ළමා කාලය මතකයට එනවා. එතුමිය ඇන්ද චිත්‍ර තවම මතකයි. අපිව සුන්දර ළමාකාලයට අරං යනවා. අපේ ළමා කාලය සුවඳවත් කළ, ඔබතුමියට නිවන් සුව ලැබේවා...!!!
ළමා සාහිත්‍යය වෙනුවෙන් තම ජීවිතය කැපකළ මැතිණියනි, ඔබතුමියගෙන් ළමා පරපුරට, රටට සිදුවූයේ අපරිමිත සේවයකි. කොළඹ විශ්ව විද්‍යාලයේදී ඔබතුමියගේ දේශනයකට සහභාගි වීමට හා ඔබතුමිය හඳුනාගැනීමේ භාග්‍යය මා ලද්දෙමි. ඔබතුමියට නිවන් සුව ..!!!
ළදරුවියේදී අපද මෙතුමියගේ පොත් පරිශීලනය කළඅතර ඒවා ඉතාමත්ම සුන්දර අත්දැකීම් බව නොරහසකි. මෙතුමියට නිවන්සුව අත්වේවා !!!
නිසි ඇගයීමට ලක් නොවූ පුරාවෘත්තයක් බඳු වූ ජාතික සම්පතක්.. ළමා කාලයේදීම අපිව කියවීමට හුරු කළේ එතුමියගේ පොත්පත්... මේ අයගේ අඩුව පුරවන්න තරම් විශිෂ්ඨයින් බිහිනොවීම අභාග්‍යයක්...
දයාබර මෑණියනි. ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි..
සුබ ගමන් සිබිල් නැන්දේ... ඔයා කියපු දිව්‍යලෝකේ සුරංගනාවියෝ දැන් සතුටින් ඇති...
මැතිණියණි, නිවන් දකින්නට පෙර නැවතත් මේ පුංචි දිවයිනේම ඉපදී ඔබ කළ උදාර සේවයට වඩා වැඩි සේවයක් කරන්නට, ඔබට වාසනාව පෑදේවා...!!! අධ්‍යාපනයට ඔබ කළ මෙහෙවර අති උදාරයි. ඒ වෙනුවෙන් අපේ හදපිරි ප්‍රණාමය...
ඔබට නිවන්සුව... !!!
මිහිරි මතක ගොන්නක් අප හදෙහි රුවා.. සිබිල් නැන්දා සුරලොව වෙත යන්න ගියා.. සුබ ගමන් සිබිල් නැන්දේ!!!
කිසිඳු දේශපාලන වේදිකාවක නොදැක්ක සිබිල් නැන්දේ... ඔබට නිවන් සුව..!!!
කුඩා කල අපගේ සාහිත්‍යය රසය අවදි කළ ඔබ සදා අමරණීයයි.
ඉතාම කණගාටුදායක ආරංචියක්. වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර, අමරදේව, සෝලියස්, පීරිස් වැනි අපේ අද්විතීය ලාංකිකයින් අතර අන්තිමයා වෙත්තසිංහ මැතිණිය විය හැකියි. වරෙක ඇය අපගේ නිවසේ නැවතී සිටි සතියක පමණ කාලයක් තුළ කළ කී දේවලින් ඇය කෙතරම් නිහතමානී නිර්මාණාත්මක සිතුවිලි වලින් පිරිපුන් අයෙක්ද කියා අපට වැටහුණි. ඒ කාලය තුළ ඇය ඇසුදුටු සියලුම දේ සුන්දර විසිතුරු රචනා බවට පත්කළ විශ්මිත අකාරය අපි බලා සිටියෙමු. ළමා සිත් පුබුදුවාලූ චිත්‍ර කර්මයෙහි හා නිර්මාණශීලී රචනාවෙහි නිපුණ ඇය වැන්නෙක් අපට ආයෙත් කවදා ලැබේවිද? සිබිල් වෙත්තසිංහ මැතිණියට නිවන් සුවපතමු.
දේශපාලනය කළා නම් ඔබට ඔය ගෞරවය කිසිදාක හිමිවන්නේ නැහැ. මැතිණියනි, ඔබට නිවන් සුව...!!!