(ඩයනා උදයංගනී)
විදේශ රටවලින් ආනයනය කරනු ලැබූ සුපිරි වාහන ලියාපදිංචි කිරීමේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇතැමුන් අත්ට‍්‍රැක්ටර් සඳහා නිකුත් කරන ලද චැසි අංක යොදා ඇති බව රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවේ අනාවරණය විය.
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වංචා විමර්ශන අංශය ඇතුළු එහි ඉහළ නිලධාරීන් සහ පොලිස් වංචා විමර්ශන ඒකකය පාර්ලිමේන්තු කෝපා කමිටුව හමුවට කැඳවා කරුණු විමසූ අවස්ථාවේදී මේ බව හෙළි වී ඇත.
වංචනික ලිපිගොනු ඉදිරිපත් කරමින් වාහන ලියාපදිංචි කිරීමේ කි‍්‍රයාවලිය අඛණ්ඩව සිදුවීම හේතුවෙන් රජයට ආදායම් අහිමි වීම හා ජනතාව අපහසුතාවට ලක්වීම සැලකිල්ලට ගනිමින් මෙම පිරිස ඉකුත් දා එහි කැ`දවා තිබිණි.
එලෙස වංචනික අයුරින් ලියාපදිංචි කළ වාහන මෝටර් රථ ආඥා පනත අනුව රාජ සන්තක කිරීමේ කි‍්‍රයාවලියේ වර්තමාන තත්ත්වය දැනගැනීම ද මෙහි අරමුණක් විය.
COMMENTS
බලන බලන පැත්තේ ඉන්නේ හොරු...
රාජසන්තක කරලාම ඊට පස්සේ ඔය විභාගේ පැවැත්තුවා නම් හැමෝගෙම නම් ගම් එළියට එනවා. කෝටි ගණන් වියදම් කරලා වාහනයක් අරගෙන එම වාහනය රාජ සන්තක වුණාම කොයි මනුස්සයාද උඩබලන් ඉන්නේ...?
සමහර විට ඒ සුපිරි වාහන හිමියන්ට ඇත්තේ අත් ට්‍රැක්ටර් පැදවීමේ බලපත්‍ර වෙන්න ඇති...
මෙම ආයතනයේ කටයුතු ගැන නම් කියන්නත් පිලිකුල් ගතියක් තියෙන්නේ. මෙරටට පැජරෝ නැමති ජීප් රථ ගෙනා 1985 පමණ කාලයේ එක් මැණික් මුදලාලියෙකුත් එම වාහනයක් ගත්තා. එය ලියා පදිංචිකර තිබුනේ 41 ශ්‍රී අංකයක් යටතේ... ඒ කාලේ 41 ශ්‍රී කියන්නේ ලොරිවලට. ඒ කාලේ එම වාහනයක වාර්ෂික බලපත්‍ර (ආදායම් බලපත්‍ර) ගාස්තුව 6000 කි. නමුත් එම ප්‍රමාණයේ ලොරියකට හය සීයකි. ඕනෑම බලධාරියෙකුට එම දෙපාර්තමේන්තුවේ ලේඛන අනුව බලන්න පුළුවන් වේවි මා කියනා දේ ඇත්තද කියලා. මුදලාලි සඳට සම්බන්ධ නමක් ඇති අයෙක් බව මතකයි. ආදායම් අහිමිවෙන තවත් දෙයක් නම් වාර්ෂික බලපත්‍ර නොගත් වාහන සඳහා නඩු පැවරීමක් නොකිරීම මිලට ගත් පසුව පවරා නොගෙන සිටීම හා ලියාපදිංචි නොකර වාහන පාවිච්චි කිරීම (ආදායම් බදු වංචා කිරීමට මෙවැනි දේ සිදුකරයි). මේ නිසා වාහන සංගණනයක් සිදුකර බැලුවොත් විශාල ආදායමක් අහිමි වෙන බව පෙනේවි...
අත්වැරදීම් කාටත් වෙන්න පුළුවන් නේද?
කමල්ගේ අල්ලපු ගෙදර මනුස්සයා අතින් වුණු අතපසුවීමක් නිසාද කමල් මෙලොව එළිය දුටුවේ?
වාහන ලියාපදිංචිය සඳහා වර්ගීකරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා වන ක්‍රමය විවෘත විය යුතුයි. එම බලය නිලධාරියෙකුට පැවරිය යුතු නොවේ. ලෝකයේ ඇති වාහන සියල්ල වර්ගීකරණය කර, ලියාපදිංචි වර්ගය ප්‍රසිද්ධ කළ යුතුයි. එකම වර්ගයේ වාහන විවිධ කාණ්ඩ යටතේ ලියාපදිංචි වීම අදද සිදුවේ.