(උපාලි ආනන්ද)
හොරෙව්පොතාන ශ‍්‍රී ස්වර්ණතිලකාරාම මහ පිරිවෙන්වාසි වයස අවුරුදු 10 සහ 14 වියෙහි පසුවන සාමනේර හිමිවරුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහරදී මහජන කැඔීමක් ඇති වන ආකාරයට අසංවර ලෙස ක‍්‍රියා කිරීෙමි සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් වෙළෙදසැල් හිමියෙකු ෙමි මස 25 වන දින දක්වා රිමාන්ඩ් කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා අද (11) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් කළේ හොරොව්පොතන මැදගම පදිංචි චමින්ද ගලබොඩ හෙවත් උටියා නැමැත්තෙකි
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කීර්ති ජයන්ත මහතාට නියෝග කළ මහේස්ත‍්‍රාත්වරයා පහර කෑමට ලක්ව සිටින සාමනේර දෙනම අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් දකර ඊට අදාල වෛද්‍ය වාර්තාද අධිකරණයට ඉදිරිපත් කරන්නැයිද තවුදරටත් නියෝග කරනු ලැබීය.
මෙම සැකකරු කැබිතිගොල්ලෑව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කීර්ති ජයන්ත මහතා විසින් පදවිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාෙවි මෙලෙස නියෝග කෙරිණි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කැබිතිගොල්ලෑව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂක කීර්ති ජයන්ත මහතා සදහන් කළේ සැකකරුට අයත් කුඩා වෙළෙදසැලක් හොරොව්පොතාන මැදගම ප‍්‍රදේශයේ පිහිටා ඇති බවයි.
එම වෙළදසැලෙන් දියර කිරි පැකට් මිලදී ගැනීමට මෙම සාමනේර හිමිවරුන් දෙපළ ඉකුත් 10 වන දින පැමිණි අවස්ථාෙවි සැකකරු මෙම පහරදීම සිදු කර ඇති බවද ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දැන්වීය රුපියල් 10 ක් වටිනා චොක්ලට් දෙකක් මුදල් නොගෙවා හොරෙන් ලබා ගත් බවට චෝදනා කරමින් සැකකරු සාමනේර දෙනමට මෙලෙස අමානුෂික ලෙස පහරදී ඇති බව දැනට සිදු කර ඇති මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණ වූ බව පොලීසිය අධිකරණය දැනුම් දුන්නේය.
COMMENTS
අසරණ සාමණේරවරුන් දෙදෙනාට නීතිය හරි පිහිට වෙච්ච එකගැන සතුටු වෙනවා.
ඇයි මිනිස්සු මේ තරම් අමානුෂික? උන්වහන්සේලා මහණ වුණත් ළමා වයසේ... හොරෙන් නොගන්න අවවාද කරලා දානයක් දුන්නු හැටියට හිතුවා නම් අදටත් මේ මනුස්සයා වෙළඳාම කරගෙන ඉන්නවනේ... අපේ සිංහල මිනිස්සු මේ තරම් පිරිහුනේ කොහොමද?
පොඩි හාමුදුරුවරුනට දානේ අරන් යනකොට ටොෆි, චොක්ලට් වැනි රසකැවිලි ටිකක් ගෙනියන එක කරන්න අපි හිතට ගමු.
මෙයාගේ දකුණු අත ළඟ හිටියා නම් මම දනී කරන දේ...
අනේ අප්පොච්චියේ ධර්මද්වීපයකව ගිය කලක්... මීහරක් දේශපාලකයෝ මේ රට විනාශ කරලා හැදියාවත් නැති කරලා දාලා. දැන් මේකේ ඉන්නේ කිව්වට වහල්ලට නැති කාලකන්නි ටිකක්. හොඳින් ඉන්න මිනිස්සු ටිකටත් වෙන රටකට යන්න වෙයි...
මේ තිරිසනාගේ කඩයෙන් මිනිසුන් ඉදිරියේදී අවශ්‍ය දෑ මිලදී ගැනීමේදී දෙවරක් නොව සියවරක්වත් සිතිය යුතුයි. "දුන් දෙය සුවඳයි කෑ දෙය ගඳයි" යන්න මෙම මී හරකාට අවට පරිසරය විසින් ලඟදීම කියාදෙනු ඇත.
හැමදේටම උපවාස කරන, ශාසනය වෙනුවෙන් කතාකරන අපේ ලොකු හාමුදුරුවරු මේවට කතාවක් නැද්ද?
මම ලංකාවට යනකොට ගමේ පන්සලේ පොඩි හාමුදුරුවන්ට රස කැවිලි ටිකක් ගෙනිහින් දුන්නේ ලොකු හමුදුරුවන්ට නොකියා... නමුත් ලොකු හාමුදුරුවෝ ඇහුවා මොකෝ පොඩිනම හමු වුනේ කියලා මම විස්තරේ කිව්වම ඔහුගේ මුහුණේ තිබුණු බැල්ම ස්තුති පූර්වක හැඟීමක්...
මේ කට ඉදිරියට ඉන්න හම්බ වෙන්නේ නැහැ.. එළියට ආවත් දැනටමත් කියන්නේ අනුරපුරයෙන් අම්බානක කන්න වෙනවා අපේ පිරිසගෙන්... කියලයි.
මේ පාපතරයව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ නිලධාරීන්ට ප්‍රණාමය හා පින්..! ඒ වගේම පල්ලි පන්සල්වල සහය පතාගෙන දරුවන්ව මෙලොවට ජාතක කරන මව්පියන්ට මගේ පිළිකුල් අප්‍රසාදය.! දරුවන්ව යහපත් ලෙස හැදුවොත්, ඔවුන් දැනුම් තේරුම් ඇති වයසකදී ඔවුන්ගේ මාර්ගය තෝරා ගනීවි. එ්ත් මව්පියන්ගේ වනචරකම් වලට දරුවන්ව මේ ලෝකයේ අතරමන් නොකරන්න වගබලා ගත යුතුයි. බුදුහාමුදුරුවෝ, උන්වහන්සේගේ මාර්ගය තෝරාගත්තේ, බාල වියේදී නොවෙයි. එ්ක අඥාන දෙමව්පියන් අවබෝධ කර ගත යුතුයි.
එයාට අලුතින් කන්න හමුවෙයි. පුදුමයි ඔය ගමේ කොන්ද පණ ඇති පිරිමි නැති එක...
උටියා ඒ විදියටම සලකලා වීඩියෝ එකක් එවන අයෙකුට වටිනා තෑග්ගක් තමයි දෙන්න තියෙන්නේ...
දුප්පත් පන්සල්වලට නඩත්තු වීමට මහා ධනවත් ප්‍රකෝටිපති පන්සල්වලින් ආධාර කිරීමේ වැඩපිළිවෙලක් නැද්ද? ඒ වගේම දුප්පත් ජනතාවට පිහිට වීමට මහා ධනවත් ප්‍රකෝටිපති අති විශාල ඉඩම් හිමි පන්සල් වලින් උදව්දීමේ වැඩ පිළිවෙලක් නැද්ද? මම දන්නා විදියට නම් මහා ධනවත් ප්‍රකෝටිපති අතිවිශාල ඉඩම් හිමි පන්සල් කරන්නේ තව තවත් මුදල් සහ දේශපාලන බලය පසුපස යාම පමණයි. රටේ මහා දේශපාලකයාගේ පටන් පාරේ සිටින හිඟන්නා පවා ගරු කරන්නේ ප්‍රාඩෝ එකෙන් බහින හාමුදුරුවන්ට මිස පාරේ පිණ්ඩපාතේ යන හාමුදුරුවන්ට නොවේ. මෙය මහා මිථ්‍යාවක්..
සාමනේරවරුන්ට ගහපු එක 100% ක් වැරදියි. සමහරවිට එම කඩයට බිස්නස් නැතුව ඇති.. බැරිද ඔය දැන්වත් පන්සල්වලට මේ වගේ දුප්පත් හාමුදුරුවරු ඉන්න තැන් වලට ආහාර ටිකකින්වත් ඉඳහිට උදව් කරන්න.
ඕක මොකක්ද? අර රන්ජන් කිව්වේ සාමනේරවරු ගැන පැවිද්දෙක් ගැන සාක්කිත් එක්ක.. වෛද්‍ය වාර්තාවෙත් සාමනේරවරුන්ට 'ඒ දෙය'කරලා කියලා තියෙද්දිත් ඒ පැවිද්දා තාම ඔය හොඳට ඉන්නේ...
පොලිසියේ මහත්වරුනි, උටියටත් මේවගේ දස ගුණයකින් දවසට දෙපාරක් සලකන්න. නැත්නම් අාවහම අපි සලකනවා මදි නොකියන්න.
මේ වගේ අයව යවන්න ගෝඨාව ජනපති කරමු.
මෙයට විහාරාධිපති හිමියන්ද වගකිව යුතුයි. මේ සිද්ධිය වසන් කිරීම පිළිබඳ සෙවිය යුතුයි. දරුවන් මහණ කරගන්නේ තම වසයටම පමණක්ද? ඔවුන්ට ආදරය, කරුණාව, ආරක්ෂාව සැපයිමට නොහැකිද? තරහකට නොව මේ මාධ්‍යයෙන් සොයන තුරු කිසිවක් නොකර නිහඬව සිටීම පිළිබඳ...
ඒකාගේ අත් දෙකම කඩන්න ඕනෑ..