
(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
තෙලිකඩ දීපංගොඩවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ පැවති මිතුරු සාදයක් අද (26) පස්වරුවේ වටලා රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා මත් මුද්දර, මත් පෙති, මත් කුඩු සමග 9 දෙනෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව තෙලිකඩ පොලිසිය පවසයි.
සැකකරුවන් සතුව තිබී රුපියල් 160,000ක් පමණ වටිනා මත් මුද්දර 40ක්, රුපියල් 150,000ක් පමණ වටිනා මත්පෙති 20ක්, රුපියල් 200,000ක් පමණ වටිනා හෑෂ් හා එම්.ඩී.එම්. යන මත් කුඩු සොයා ගත් බවද පොලිසිය කියයි.
සැකකරුවන් මහනුවර හා කොළඹ පදිංචිකරුවන් බවත් ඔවුන් වයස 25ත් 30ත් අතර පසුවන්නන් බවත් තමන් වටලන අවස්ථාවේදි ඔවුන් සියලුදෙනාම මත්පෙති හා මත් කුඩු භාවිතා කොට සිටි බවත් පොලිසිය සඳහන් කරයි.
ජංගම දුරකථන ඔස්සේ මේ මිතුරු පිරිස මේ සාදය සංවිධානය කර තිබූ බවද පොලිසිය කියයි.
තෙලිකඩ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මත්, මුද්දර මීගමුවේ නගර සභාවේ කට්ටියක් විකුණනවා. ඇමතිගේලු...