IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ස්වයං නිරෝධායනය ට ලක් වෙමින් සිටි පුද්ගලයකු අයි.ඩී.එච් රෝහලට

(ප්‍රදීප් කුමාර කුලරත්න)

සීෂෙල්ස් රාජ්‍යයේ සිට පැමිණ දින 14 ක් නිරෝධායනය වී නිවසට පැමිණ ස්වයං නිරෝධායනය වෙමින් සිටි 54 හැවිරිදි පුද්ගලයෙකුට කොරෝනා රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් අද (03) ප්‍රතිකාර සඳහා  අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලය පවසයි.

සීෂෙල්ස් රාජ්‍යයේ නැවක ආරක්ෂක  නිලධාරියෙකු ලෙස සේවය කරන හෝමාගම නියදගල  ප්‍රදේශයේ පදිංචි මෙම  පුද්ගලයා ඉකුත් මස 11 දා මෙරටට පැමිණ ඇති අතර පසුව හෝමාගම  දියගම පිහිටි මොරටුව විශ්ව විද්‍යාලයේ නිරෝධායන මධ්‍යස්ථානයට  ඇතුළත්ව දින 14ක් නිරෝධායනයට  ලක්ව නිවසට පැමිණ තවදුරටත් ස්වයං නිරෝධායනය ට ලක් වෙමින් සිටියදී මෙසේ උණ ,හිසරදය ඇතුළු රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්  රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව මාගම්මන මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් අල්විස් මහතා පැවසීය.

ඒ අනුව අයි.ඩී.එච්.රෝහලේදී පී.සී.ආර්  පරීක්ෂණයට ලක් කිරීමට නියමිත අතර එහි වාර්තාව ලැබීමෙන් පසුව රෝගියාගේ  ආශ්‍රිතයෙන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගැනීමට නියමිත බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.

නිවසේ ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටි රෝගියාගේ බිරිඳ , දියණියන් දෙපළ තවදුරටත් නිවස තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බවද  මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් අල්විස් මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට සිද්ධමුල්ල මහජන සෞඛ්‍යය පරීක්ෂක පි.ජි.එච්.පි මංජුල මහතා  ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.



අදහස් (1)

ස්වයං නිරෝධායනය ට ලක් වෙමින් සිටි පුද්ගලයකු අයි.ඩී.එච් රෝහලට

Rexi Monday, 03 August 2020 06:00 PM

කවුද ඇත්ත කියන්නේ, කවද්ද මෙයාලා ආවේ,?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 491 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 468 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site