(නිමන්ති රණසිංහ සහ ජේ. ඒ. එල්. ජයසිංහ)
ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයින් පුහුණු කඳවුරක් ලෙස භාවිත කළ බව කියන මහනුවර, අරුප්පල ප්‍රදේශයේ දෙමහල් නිවසක් ආරක්ෂක අංශ විසින් ඊයේ (16) සොයාගනු ලැබීය.
යුද, ගුවන්, නාවික සහ පොලිස් බලඇණි දින ගණනාවක් පුරා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම සුවිසල් දෙමහල් නිවස පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබිණි යැයි ආරක්ෂක අංශ පවසයි.
මහනුවර, අරුප්පල, ධර්මාශෝක මාවතේ පිහිටි මෙම දෙමහල් නිවස සුවිසල් තාප්පයකින් වටවී තිබූ අතර නිවාස භූමියෙහි විශාල ප්‍රමාණයේ ගරාජයක්ද තිබිණි.
සැකකටයුතු නිවෙස සෝදිසිකිරීමේදී අන්තවාදීන් විසින් භාවිත කරනු ලැබූ බවට සැකකෙරෙන පොත්පත් රාශියක් සහ දේශන පැවැත්වීමේදී පාවිච්චි කරනු ලැබූ ආම්පන්න කිහිපයක්ද සොයාගෙන ඇතැයි සඳහන් වෙයි.
මෙම දෙමහල් නිවසේ ව්‍යාපාරිකයකු විසින් නවාතැන්පොළක් පවත්වාගෙන ගොස් ඇති අතර එම ස්ථානයට පැමිණෙන පුද්ගලයින් පිළිබඳ සටහන් තබන තොරතුරු පොතට අනුව මෙම ත්‍රස්තවාදී කණ්ඩායම් වරින්වර මෙම නිවසට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණ වන බවත් ආරක්ෂක අංශ පවසයි.
ත්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකයින් වරකට අටදෙනෙකු පමණ මෙම ස්ථානයේ ලැගුම් ගෙන ඇති බවද ඔවුන් දේශන පවත්වමින් ඉතා රහසිගතව මෙම නිවසේ සති දෙකක පමණ කාලයක් රැඳී සිට ඇති බව අනාවරණය වී ඇතැයිද ආරක්ෂක අංශ වැඩිදුරටත් සඳහන් කරයි.
ත්‍රස්ත කණ්ඩායම් මෙම නිවසේ රැඳී සිටියදී ඔවුන් මුණගැසීම සඳහා බාහිර පුද්ගලයන් කීපදෙනෙකු සුඛෝපභෝගී වාහනවලින් වරින්වර පැමිණ ඇති බව එම නිවසේ සේවකයන්ගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලින් අනාවරණය වී ඇත.
ආරක්ෂක අංශ මහනුවර නගරයේ සිදුකළ ඒකාබද්ධ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අන්තවාදී කණ්ඩායම්වලට අයත් බවට සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම දෙමහල් නිවසේ පවත්වාගෙන ගිය බව කියන පුහුණු කඳවුර පිළිබඳ තොරතුරු අනාවරණය කරගත් බව ආරක්ෂක අංශ පවසයි.
තවුහීත් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයන් 2018 වසරේ සිට මෙම ස්ථානය සිය දේශන පැවැත්වීමේ පුහුණු කඳවුරක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවත් එම සංවිධානයේ නායකයා ඇතුළු නායකයින් රැසක් මෙහි පැමිණ සිට ඇති බවත් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇතැයිද ආරක්ෂක අංශ සඳහන් කරයි.
ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුම්වලදී මහනුවර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවු දෙනකු මේ වන විට මහනුවර පොලිසියේ රඳවා තබාගෙන ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සහරාන්ගේ පුහුණු තිප්පොළක් අරුප්පලින් අල්ලයි
Vijitba Friday, 17 May 2019 10:27 AM
මේ ඔක්කොම බොරු... නුවර මුස්ලිම් අය බෞද්ධ ආගම වැළඳගෙන එන්නේ... පරීක්ෂා කරන්න කලින් දැනුවත් කරන්න තියන දේවල් වෙන තැනකට අරන් යන්න..
chathuriFriday, 17 May 2019 12:51 PM
සමහරවිට ඔබගෙන් ප්‍රශ්න කෙරුවා නම් සත්‍ය සිදුවීම් සියල්ලක්ම දැනගන්න පුළුවන්... ඔබගේ නමත් අංජ බජල්. ඔබ යම් දෙයක් දුටුවොත් නීති විරෝධී නම් කරුණාකර පවසන්න.
Kalum Dissanayaka Friday, 17 May 2019 11:19 AM
අරුප්පොල 5 වැනි මාවතේ තිබෙනවා තට්ටු 3 ගෙයක් එකත් බලන්න මේ ගොල්ලෝ ගේට්ටු දෙකකක් දාගෙන ඉන්නේ නිතරම කට්ටිය එනවා පුරුදු වෙන්න .
Vijtha pramachandra Saturday, 18 May 2019 12:48 AM
මහනුවර මුස්ලිම් පල්ලි අකුරණ, කටුගස්තොට, විශේෂ සෝදිසි කිරීමක් කරන්න. නැතිනම් ලොකු විනාශයක් වේවි.. මම ආරක්ෂක අංශ දැනුවත් කළෘ. ඉහළින් එන නියෝග නිසා මේ පරීක්ෂාවට බාධාවක්.. හැකි ඉක්මණින් ඔවුන් පරීක්ෂා කළ යුතුයි. නුවර මුස්ලිම් ලංකාවේ හිටියට හිත අරාබියේ..