විනීතා එම් ගමගේ
සෞදි අරාබි හාම්පුතා විසින් ත්‍යාගයක් ලබා දීම සඳහා සොයමින් සිටි ලාංකික සේවයකයා කාර්යංශය වෙත ඉදිරිපත් වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
මීට වසර 20 කට පෙර සෞදියේ සේවය කළ මොහමඩ් සිසාන් හමීඩ් ලෙබ්බේ මහතා මෙසේ කාර්යංශය වෙත ඉදිරිපත් වී ඇත්තේ ඔහුගේ සෟදි හාම්පුතා ගේ පුතු ඔහු පිළිබඳ සොයමින් සිටින බවට කාර්යංශය මඟින් කළ මාධ්‍ය ප්‍රචාරයන් අනුවය.
මොහෙමඩ් සිසාන් හමීඩ් ලෙබ්බේ මහතාගේ සෞදි අරාබියේ රැකියාවේ නියුතු නිවසේ හාම්පුතා විසින් සිය අන්තිම කැමති පත්‍රය අනුව ඔහුගේ වත්කම් වලින් කොටසක් ලබා දෙන ලෙස සදහන් කර තිබු බැවින් මෙසේ ඔහු සොයා දෙන ලෙස තානාපති කාර්යාලය කළ ඉල්ලීමකට අනුව කාර්යංශය මාධ්‍ය හරහා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
කුරුණෑගල පදිංචි මේ පුද්ගලයාට හිමි මුදල් ඉදිරියේ දී සෞදි තානාපති කාර්යාලය හරහා මෙරටට ගෙන්වා ඔහුට ලබා දීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරමින් පවතින බව එහි ආරංචි මාර්ග කියයි.
අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්
පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සවුදි හාම්පුතාගේ වත්කම් හිමි සේවකයා හමුවෙයි
tarzan Friday, 23 February 2018 11:07 AM
ශරියා නීතිය කියන්නේ මේකට තමයි.
Royal LebbeFriday, 23 February 2018 11:59 AM
කාන්තාවන් 4 දෙනෙකු එකපාර තියාගන්න පුළුවන් නීතිය අයිති මොකේටද?
HasanFriday, 23 February 2018 02:07 PM
දන්නේ නැති දෙයක් කතා කරන්න එපා. කොහෙද තියෙන්නේ ගැහැණු 4ක් තියා ගන්න කියලා? නැතිනම් එක කාන්තාවක් විතරක් බඳින්න. එ්ක දුන්න අවවාදයක්... අනිත් ජාතින් එක් කාන්තාවක් පමණයිද විවාහ කර ගන්නේ?
BamunuarachchiSaturday, 24 February 2018 01:06 AM
මේගොල්ලෝ කරන්නේ ප්රෝපට් මොහොමඩ් ව අනුගමනය කරන එකයි. නබිනායක බැරිවෙලාවත් මව් සමග විවාහ උනානම් හම්බ්ස් ලත් එදේම කරනවා. මොහොමඩ්විවාහ 11 කරගත් කෙනෙක් 10 වෙනි බිරිඳ අවුරුදු 8 දරුවෙක්.
බන්ඩාSaturday, 24 February 2018 04:00 AM
හසාන්: කුරාණයේ (4:3) පදය කියවන්න. එහි පැහැදිලිව ලියා අැත්තේ "ඔබට හොඳින් සලකන ගැහැනු දෙකක් හෝ තුනක් හෝ හතරක් බඳින්න. ඔවුන් හැමට සාධාරණය කරන්න බැරි වේ යයි ඔබ බය නම් එවිට එකය් හෝ දකුනු අතින් අල්ලා ගත් (වහලුන්). කුරාණයේ තවත් පද වල වෙනත් බයිලා කිව්වාට හදිත් පොත් කියවන විට ගැහැනුන්ට ලිංගික වහල් කම හැර වෙන කිසිම තැනක් ඉස්ලාමයේ නැති බව ඉතාම පැහැදිලිය්. සංවාදයට විවුර්තය්.
විලී Friday, 23 February 2018 01:14 PM
සතුන් යොදාගැනීම අයිති වන්නේ මොන නීතියටද?
lashanSaturday, 24 February 2018 04:21 AM
පෙරහරේ යන්නේ අලිද?
කෑදැත්තා Friday, 23 February 2018 06:24 PM
අවුරුදු හයේ කුඩා ළමයින් බඳින්න අවසර තියෙන්නේ මොන නීතියේද? ඒ ළමයින් සමග බැඳලා අවුරුදු නමය දී ගැහැණු පිරිමි හා විදියට ඉන්න අවසර තියෙන්නේ මොන නිතියේද ?
පිටිගල මිලානෝ Saturday, 24 February 2018 01:43 AM
සලකන්න පුළුවන් නම් ගැණු හයක් තියාගන්න පුළුවන්.
Ranjith Silva Friday, 23 February 2018 02:47 PM
කෝටියකට එක කෙනෙක් හොඳ වැඩක් කරන එක ඔය නීතියද හලෝ? අපේ රටේ කිසි කෙනෙක් ඔය සාරියට අනුව වැඩ කරනවද?
VimalaawathiSaturday, 24 February 2018 09:28 AM
අර මැද පළාතේ මහ ඇමැති දිග සාරියකට අනුව වැඩකළා නේද? උඩ පළාතේ මහ ඇමැතිත් සාරි වැඩක් කරලා මොකක්ද වුණා නොවුණා නේද?
amra Friday, 23 February 2018 03:07 PM
වැදගත් වැඩක්. කාට උනත් ලැබිය යුතු දේ ඔහුට හිමිවේවා.!
d.upul Friday, 23 February 2018 04:12 PM
නීතිය ෂරියා ද නැද්ද කියන එක අදාළ නැහැ. ඒ හාම්පුතා කලදේ අගය කරන්න.
keerthi Saturday, 24 February 2018 01:13 AM
කෙළන්ම මේ පුද්ගලයාට දුන්නා නම් හරි . නැත්නම් ඒක ගන්න කියලත් කට්ට්යක් යයි අපේ සල්ලි වියදම් කරගෙන සව්දි. එහෙම තමය් වුනේ ඉස්සර
Asanka Saturday, 24 February 2018 07:47 AM
හොද දේට හොදයි කියල කටක් ඇරලා කියන්න බැරි මිනිස්සු , ඒකටත් ජාතිය ආගම හොයනවා
amila Saturday, 24 February 2018 12:01 PM
අනේ අර මනුස්සයා හොඳ දෙයක් කරලත්, මෙහෙ මරාගන්නවා. කාලකන්නිකම තමයි.
nalinSunday, 25 February 2018 03:07 AM
අපේ මිනිස්සුන්ට මොනවා හරි, කාගේ හරි දෙයක් අල්ලාගෙන රණ්ඩු වෙන්න වාද කරන්න බලාගෙන ඉන්නේ........එකනේ කියල තියෙන්නේ " සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා" කියලා...............
naushi Sunday, 25 February 2018 04:33 AM
අනුන්ගේ කුණු ගොඩවල් ඔළුවට අරන් සමහර අය නිකන් දොඩවනවා. තම තමන්ගේ වැඩක් බලාගත්තා නම් හොඳයි නේද?
Siri Monday, 26 February 2018 07:06 AM
එයාට කෙලින්ම සෞදි ගිහින් තෑග්ග ගන්න කිව්වා නම් ඉවරනේ. එතකොට කාටවත් කුට්ටියක් ලැබෙන්නේ නැහැනේ.
චින්තන Monday, 26 February 2018 07:24 AM
ඔය මුදලට කොච්චර බදු අය කරයිද?
R.liyanage Monday, 26 February 2018 07:24 AM
ලාංකිකයකුට නොසිතු වත්කමක් ලැබීම ගැන අපි සතුටු වෙමු.
Indika Monday, 26 February 2018 08:48 AM
හොඳ දේට හොඳයි කියලා කටක් ඇරලා කියන්න බැරි මිනිස්සු, ඒකටත් ජාතිය, ආගම හොයනවා.
Niroshan Perera Tuesday, 27 February 2018 09:49 AM
මිනිස්සු විවිධාකාරයි....හැමෝම එක වගේ හිතන්නේ නෑ....විවිධ ආගම් විවිධ සංස්කෘති තියෙන ලෞකික අපි ජීවත් වෙන ටික කාලෙට (365 *100) ....ඔ්‍ය ටිකට මොකටද රණ්ඩු වෙන්නේ්....