IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


සමාජ මාධ්‍ය වීඩියෝවක් ගැන ආරක්ෂක අංශ පරීක්ෂණ

(ඉන්දිකා රාමනායක)

නාත්තන්ඩිය තුම්මෝදර ප‍්‍රදේශයේ  කඩාකප්පල්කාරී කි‍්‍රයාවන්  සිදුවන අවස්ථාවේ ආරක්ෂක අංශ අඳින නිල ඇඳුමකට සමාන  නිල ඇඳුමක්  ඇඳගත් පුද්ගලයකු එහි රැඳී සිටින වීඩියෝ දර්ශන කිහිපයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප‍්‍රචාරයවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදාව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

දැනට සිදුකරන පරීක්ෂණවලදී මෙම පුද්ගලයා  ආරක්ෂක අංශ සාමාජිකයකු බවට තහවුරු වුවහොත්  ඔහුට එරෙහිව දැඩි විනය කි‍්‍රයා මාර්ග ගන්නා බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි.

එම වීඩියෝවේ  සිටින  ආරක්ෂක අංශ  සාමාජිකයා යැයි  සැකකරන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා යුද හමුදාව මහජන සහය පතන අතර මෙම පුද්ගලයා සම්බන්ධයෙන්  තොරතුරක් වෙතොත්   විශේෂ විමර්ශන ඒකකය  ශ්‍රී ලංකා  යුද්ධ හමුදා   පොලිස් හේවා   බලකායේ   හදිසි ඇමතුම් අංශයේ  අංක - 0112-514280 වෙත දැනුම් දෙන ලෙසට යුද හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.



අදහස් (2)

සමාජ මාධ්‍ය වීඩියෝවක් ගැන ආරක්ෂක අංශ පරීක්ෂණ

Ravindra Wednesday, 15 May 2019 03:49 PM

සමාජ මාධ්‍ය අවහිර කරල කියනවා. ඒකේ ඉන්න කෙනාව අඳුනාගන්න සහාය වෙන්නලු. කාටද කියන්නේ ඉතින්..?

:       0       0

Ranjan Wednesday, 15 May 2019 03:50 PM

නරකද ඉතින් ඒ වීඩියෝ එක ප්‍රසිද්ධ කළා නම් කාටත් බලාගන්න හැමකෙනාම මුහුණු පොතට යන්නේ නැහැනේ... අනික උදව් ඉල්ලන්නේ සමාජ මාධ්‍ය තහනම් කරලා තියන බව නොදැනද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 576 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site