IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සමන් වීරසිංහ අගමැති උප‍දේශක තනතුරට

(ඩයනා උදයංගනී)

අග්‍රාමාත්‍ය උපදේශක තනතුර සඳහා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති, කැලණිය රාජමහා විහාරයේ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (30) සිට ක්‍රියාත්මක පරිදි පත්කරනු ලැබ ඇත.

වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඊට අදාල පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලියගහ මන්දිරයේදී අද (1) ලබාගත්තේය. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිධූරය දැරූ 2010-2015 කාලයේදී ජනාධිපති උපදේශක තනතුර දැරූ සමන් වීරසිංහ මහතා, 2015 සැප්තැම්බර් සිට 2018 මාර්තු දක්වා රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළේය.

ඉන්පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජාත්‍යන්තර කටයුතු උපදේශක ලෙස 2018 මැයි මාසයේ සිට 2019 නොවැම්බර් දක්වා කටයුතු කළ වීරසිංහ මහතා පසුගිය වසර 30ක පමණ කාලයේදී ශ්‍රී ලංකා - රුසියානු ආර්ථික, සංස්කෘතික සහ මානුෂීය සබදතාවන් ඉහළ නැංවීමට කැපවී කටයුතු කළ අයෙකි.

රුසියානු සමූහාණ්ඩුව විසින් විදේශිකයෙකු වෙනුවෙන් පිරිනමන ඉහළම සම්මානය වන ”රුසියානු සමූහාණ්ඩුවේ ගෞරව සම්මාන අණාඥාවක් ද රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පූටින් මහතාගේ නිර්දේශය මත වෛද්‍ය සමන් වීරසිංහ මහතාට පිරිනමා ඇත.

රුසියානු -ශ්‍රී ලංකා පුර්ණ ශිෂ්‍යත්වයක් හිමිකර ගනිමින් මොස්කව් වෛද්‍ය විශ්ව විද්‍යාලයට 1983 වර්ෂයේදී ඇතුළත් වූ සමන් වීරසිංහ මහතා එහි ගෞරව උපාධිධාරියෙකි.

ශ්‍රී ලංකා- රුසියානු මිත්‍රත්ව සංගමයේ මහ ලේකම්වරයා වන වෛද්‍ය සමන් වීරසිංහ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.



අදහස් (8)

සමන් වීරසිංහ අගමැති උප‍දේශක තනතුරට

බද්රානි Thursday, 01 October 2020 01:14 PM

මෙතුමාත් නයි නටවන වැඩේට දක්ෂද? එහෙම නම් ඉතින් කමක් නැහැ.. අපිටත් ඕනෑ ඒ වගේ අය රජයේ උසස් නිලතලවලට පත්කර ගැනීමටයි.

:       7       23

champa Thursday, 01 October 2020 03:40 PM

වැදගත් නිලධාරීන්ට අමතන හැටිවත් නොදන්නා ඔබ වැන්නියන් නයි නටවන්න තමයි සුදුසු.

:       8       1

බද්රානිFriday, 02 October 2020 10:51 AM

චම්පා නම්, නයි නටවන්න කෙසේ වෙතත්, නයි අරින්න නම් දක්ෂ කෙනෙක් බවයි පේන්නේ... බලාගෙන ගියාම දන්නා දේකුත් නැහැ. නොදන්නා දේකුත් නැහැ? වෙලාවකට හිතෙනවා කැලණිය පැත්තෙන්ම ගොඩ බැහැපු කෙනෙක්ද කියලා? ඒ වුණාට, පෙනේ පුප්පද්දී තමයි හැපින්න ගොඩක් ලස්සන...

:       1       2

RaveendraThursday, 01 October 2020 08:18 PM

මෙතුමා ලෙස ආමන්ත්‍රණය කිරීමට හේතුව කුමක්දෝ.... මෙතුමා යන්නෙහි අර්ථය නිසිලෙස දන්නේහිදෝ..... මෙතුමා යන්න මොහුහට සුදුසුයි හැගෙන්නෙදෝ.... නොඑසේ නම් කුමකට මෙතුමා යයි කියන්නෙදෝ....

:       2       5

විජිත් Thursday, 01 October 2020 03:18 PM

කැළණි විහාරේ ලොක්කෙක්නම් ඉතින් අහන්න දෙයක් නැහැ , වැඩ පටන්ගත්ත දා ඉඳලාම " නයි " අරියි.

:       1       7

ලුම්බිණි Thursday, 01 October 2020 11:36 PM

කැලණියේ දායක සභාව එහෙනම් නරකම තැනක් නොවෙයි වගේ. කවුරු බලයේ හිටියත් වාසි.

:       1       6

තිසර Friday, 02 October 2020 02:39 AM

ධාතු වන්දනා ටෙලි නාට්‍යයේ නිෂ්පාදනය වෙනුවෙන් මෙසේ පිදුම් ලැබූ වගයි...

:       1       7

sharm warn Friday, 02 October 2020 05:19 AM

එතකොට රුසියානු වෛද්‍ය ශිෂ්‍යත්ව අවලංගු කරපු එක ගැන මෙතුමා දරන ස්ථාවරය මොකක්ද.?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site