IMG-LOGO

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ප්‍රකාශයට පත් කරයි


(නිමල කොඩිතුවක්කු)

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, ඉරාන් වික්‍රමරත්න, හරින් ප්‍රනාන්දු, ඉමිතියාස් බාකීර් මාකර්, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.

පක්ෂයේ ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසම වෙත අද(13) පස්වරුවේ භාරදීමට කටයුතු කරන බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය.


සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසම වෙත භාරදීමට කටයුතු කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (9)

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ප්‍රකාශයට පත් කරයි

sirimal Thursday, 13 August 2020 10:11 AM

ඔය එක්කෙනෙක් ද්විත්ව පුරවැසියෙක් කියන්නේ ඇත්තක්ද?

:       2       97

වීරවිජේ Thursday, 13 August 2020 10:16 AM

ඕක විසුරුවලා තම තමන් රස්සාවක් කරලා හම්බ කරලා තමුන්ගේ ගෑණුන්ට, ළමයින්ට කන්න දෙන්න බලන්න. කොන්ද පණ නැති පිරිමි වගේ ඉන්නේ නැතිව..

:       208       228

HemaThursday, 13 August 2020 11:01 AM

ඔබ අදහස් කළේ 225 ?

:       102       133

RR Thursday, 13 August 2020 10:48 AM

තිස්ස කොතැනද සදාකල් පරාදයි.. ඒක නියතයක්

:       77       225

Nandalal DE SILVA - France Thursday, 13 August 2020 10:50 AM

නම් ප්‍රසිද්ධ කරපු අය අතරින් ඩයනා ගමගේ නෝනා රටේ නීති අනුව නිකන්ම විසිවී යනු ඇත. ඒ නම ඉදිරිපත් කිරීම නොදැනුවත්වම කරපු දෙයක්ද? එහෙම නැතිනම් ඕනෑකමින් කරපු දෙයක්ද කියලා... වාසු, විමලේ, උදය වගේ අය තව ටික දිනකින් පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරාවි සමගි ජනබලවේගයේ නායකතුමා වන සජිත් මහතා, ඩයනා නෝනාට ඩබල් පුරවැසිකම තියෙන වග දැනහිටියේ නැද්ද?

:       0       109

NaushiThursday, 13 August 2020 04:03 PM

අපේ ජනපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙනකොට ද්විත්ව පුරවැසියෙක් නේද.?

:       0       0

පහන් Thursday, 13 August 2020 12:05 PM

ඩයනා ගමගේ මහත්මියට වඩා පක්ෂයට දරදිය ඇද්ද කෙනෙක් හිටියේ නැද්ද?

:       0       130

විජේ Thursday, 13 August 2020 01:23 PM

මම හිතුවා හරින්ට ඡන්දෙ ඉල්ලන්න තරම්වත් කොන්දක් තියෙයි කියලා. හරින් කිව්වට හරින් නෙවෙයි..

:       108       257

pradeepa Thursday, 13 August 2020 03:28 PM

තිස්ස, ඔබ එනතුරු සජිත් විපක්ෂ නායකයා වේවා කියලා ප්‍රාර්ථනා කරමි.

:       1       48

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 503 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site