(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ නියේජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රිවරුන් අතර විශේෂ හමුවක් හෙට (19) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් පසු අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ නිවසේ දී මෙම හමුව සිදුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි පසුපෙළ මන්ත‍්‍රීවරුන් විසින් එහිදී නිල වශයෙන් ආරාධනා කර සිටින බවත් මන්ත‍්‍රීවරයා කීවේය.
එක්සත් ජාතික පක්ෂයේ සියලූම පසුපෙළ මන්ත‍්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන හමුවේදී ඉදිරියේදී ගනු ලබන තීන්දු තීරණ සහ පවතින ගැටලූ සම්බනධයෙන් ද සාකච්ඡා කිරිමට නියමිත බවත් හේෂා විතානගේ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා තව සුදුසුකම් සහ පළපුරුද්ද ලබාගෙන වයස 60 දි විතර ඉල්ලන්න.
යු. එන්. පි. එක ඉඩ දෙන්නේ නැත්නම් ඔබතුමා බය නැතුව ස්වාධීනව ඉල්ලන්න. ජය නියතයි. වයස 60 වෙනකම් නම් ඉන්න එපා. වයස හැටේ හා ඊට වැඩි අය අවුරුදු 74 ක් රට පාලනය කරලා මක්කද මේ රටට කරලා තියෙන්නේ ?
මෙයා අඩු නැතිව දවල් හීන දකිනවා
ලැජ්ජයි...මේ වගේ කෑදර අයද රට හදන්න යන්නේ ? දැන් රටට අවශ්‍ය වෙන්නේ වැදගත් මහත්මා ගතිගුණ ඇති කෙනෙක් . මේ රට අගාධයට ගියේ පසුගිය යුගයේ ඡන්දදායකයින් මුදලට යටකරගෙන ඡන්ද කොල්ල කාපු නිසා . ඒවා හරිගස්සන්න තමයි 2015 පෙරළිය ඇතිවුනේ . දැන් මේ වෙන්නේ එයිට හපන් වැඩක් . කෑදර කම නිසා ජනතාව අතරමං කිරීමක් .
විනයක් ඇතුව වැඩ කරන්න පක්ෂයක් හැටියට. තණ්හාව ශෝකයට හේතුවෙයි.
වෙනත් අයෙක් මෙයා පිටුපස ඉන්නේ,
යු. එන්. පි. එක ඉඩ දෙන්නේ නැත්නම් ඔබතුමා බය නැතුව ස්වාධීනව ඉල්ලන්න. ජය නියතයි.
අපේක්ෂකත්වය නොලැබුණොත් කුමක් වෙයිද දන්නේ නැහැ...
ඔය හම්බවෙන්න යනවයි කියන පසුපෙළ කට්ටියටත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සුදුසුකම් තියනවාද ?
මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ පක්ෂයට ඡන්ද ලබාගතහැකි ජනතාවගේ විශ්වාසය තිබෙන පුද්ගලයකු ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම්කිරීමයි. එසේ නැතිව නායකත්වය රැකගැනීමට උප්පරවැට්ටි යොදමින් කාලය මරමින් බොරු කමිටු පත්කරමින් අතීතයේ මෙන්ම අද ද කරන මේ ප්‍රෝඩාව අවසාන වනුයේ වසර 24 ක්ම එ.ජා.ප.යට ජනාධිපතිවරයෙක් නැතිවුවා සේම මෙවර ද එම ඉරණම අත්වීමයි.
එජාපෙන් නුදුන්නොත් තනියම ඉල්ලන්න. පසු පෙළ අයවලුන් උදව් කරනවානම් පරණ නායකයින්ගෙන් වැඩක් නැහැ අලුත් සන්ධානයක් ඉබේම හැදෙනවා
පක්ෂයේ එක්සත්කම තියෙන්නේ නමේ විතරයි .. ඇතුළේ කිසිම එක්සත් කමක් නැහැ .එකනේ ද්‍රවිඩ මුස්ලිම් ඡන්ද වලින් ගොඩ යන්න හදන්නේ..
මුස්ලිම් හැම කෙනාම සජිත්ට ඡන්දේ දෙනවා. මොකද අපේ ගොඩක් වැඩ වලට සජිත් උදව් කරනවා .රටේ අපිට යම් බලයක් ලැබුනද , එය ලැබුනේ සජිත් සහ රනිල් නිසයි. අපේ ආරක්ෂකයා සජිත් කියල බය නැතුව කියන්න පුළුවන්.
සජිත් ගියත් එජාපයට හානියක් නැත. සජිත්ගේ පියා 1970 සිට ජේ.ආර්. ට හන්චි පිටහන්චි ඇද ඩඩ්ලිගෙන් පස්සේ පක්ෂ නායකයා වෙන්න දඟලලා ජේ.ආර්. 1977 දී 5/6 ක් බලය ලබා විධායක ජනපති වී සිටියදීත් ජේ.ආර්. විරෝධීන් සමග එකතුවී 1983 කලුජුලිය ජේ.වී.පී. භීෂණය ඇතුළු සියලු රාජද්‍රෝහී වැඩවලට වක්‍රව සහය දෙමින් එදා පක්ෂ සභාපති ඇතුළු ජේ.ආර්. හිතෛෂීන් 6000ක් ගැන කියූ දැන්වීම් ගහන තත්වයට රටේ භිෂණය මතුකරන්න මගපාදා... ඒ භීෂණයම තම වාසියට හරවාගෙන හොර ඡන්ද පෙට්ටි ගණන් දාලා ජනපතිවෙලා ඔහුගේ ජීවිතයත් නැතිකරගත්තේ හරි දැක්මක් නැතිව යුද ආයුධත් දෙමින් කොටි සමග කළ ගනුදෙනු නිසයි. එසේ ඔහු මියගියේ එජාපය වලපල්ලටම යවලයි. සජිත් ඇතුළු පිරිසගේ ද්‍රෝහිකම් උහුලාගෙන රනිල්ගේ උපාය කෞෂල්‍ය ඥාණය හා පළපුරුද්දෙන් ලැබූ සියුම් ප්‍රඥාව නිසා තමයි අද තත්වයට එජාපය නගා සිටෙව්වේ. සජිත් ගියත් අදත් එජාපයට දිනන්න පුළුවන් බව ස්ථිරයි. සජිත් වැනි පක්ෂයේ මතයක් නැතිව අත්තනෝමතිකව බල පෙරේතකමේ මමයි ජනපති අපේක්ෂකයා කියන කෙනෙකුට ඉඩදෙනවා කියන්නේ පාසල් ළමුන්ට පවා නොහොඹිනා ආදර්ශයකි.