IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සජිත් එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් ඉවත් වෙයි

2019 ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත්වෙමින් තිබියදීත් අවසන් ප්‍රතිඵලය සම්බන්ධයෙන් අනුමාන නිගමනයකට පැමිණ සිටින සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

“ඉතා දැඩි කැපවීමෙන් කළ සාධාරණ මැතිවරණ සටනකින් පසුව, ජනතාවගේ තීරණයට හිස නැමීමත්, ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතීමත් මගේ වගකීමක් කොට සලකමි “ යයි සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. 



අදහස් (39)

සජිත් එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් ඉවත් වෙයි

thushara Sunday, 17 November 2019 06:17 AM

ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමා. උඩ පැන්නේ ඕකට තමා.

:       1522       809

Buddika Sunday, 17 November 2019 06:18 AM

ඔබ නැති එජාප ගමනක් නෑ. ඔබ තරම් වැඩ කළ ඇමතිවරයෙකුත් නෑ. ඒත් සිංහල මිනිස්සුන්ගේ චින්තනය මේකයි. කුණුකොල්ලෙට අලෙවි වුනු රටේ ජාතිත ආරක්ෂාව හා ආගම ගැන විතරයි මිනිස්සු හිතුවේ. අනාගතයේ දිනෙක ඔබ මේ රටේ නායකයා වීම ස්ථීරයි. ඔබ එජාපයේ කායකත්වය භාරගත යුතුයි. ඔබට තෙරුවන් සරණයි !

:       1374       2350

PradeepSunday, 17 November 2019 08:12 AM

ජනතාවට වැඩ කරනවා කියන්නේ පොඩි පොඩි ගෙවල් හදල නිකන් දෙන එක නොවන බව ඔබ වටහා ගන්න. ගෙවල් හදා ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීමයි අවැසි වුනේ.. ජනතාවට දෙපයින් නැගී සිටිය හැකි රටකුයි අවශ්‍ය වූයේ. ගෙවල් දෙනවා, සමෘධි සහනාධාර වැඩි කරනවා කියලා අන්ත දුප්පත් ජනතාව රවටා ඡන්දය ගන්නට ගොස් සිදුවූ දෙය බලන්න. රටේ ජාතික ආරක්ෂාව ඔබට සුළු දෙයක් වුණාට මට නම් එය මහමෙරක්.. බුද්ධිමත් ජනතාවට මගේ ආචාරය...

:       53       119

Rasika PradeepSunday, 17 November 2019 09:01 AM

දැන්වත් ඔය බයිලා ගහන එක නවත්තනවද ? ඔය කරපුවට තමයි සලකලා තියෙන්නේ. තව මොනාද ? ටී.එන්.ඒ එක නැත්තන් බලාගන්න තිබ්බ තරම. ඒ ටික හම්බුනේ කොහොමද කියලා කියන්න ඕනේ නෑනේ නේද ? දැන්වත් පාඩුවේ ඉන්න.

:       221       409

dasun Sunday, 17 November 2019 09:30 AM

මේක බයිලාවක් වෙන්නේ කොහොමද ? සහරාන්ගේ බෝම්බෙන් පස්සේ ජාතිවාදය ඇදගෙන ඒක මත්තේ ගත්තු ජයග්‍රහණයක් නේද ? ගම්වල මිනිස්සු ඡන්දෙ දුන්නේ ගෝඨාභයට ආදරේටද ? නැත්නම් වෙනත් ජාති විනාශ කරන්න අපේ මිනිස්සුන්ගේ හිත්වල තිබෙන අවිඥානික ආශාව නිසාද ? ටී.එන්.ඒ පිටරටක පක්ෂයක්ද ? ඒ අය මේ රටේ නම් ඒ අය සජිත්ට ඡන්දෙ දීමේ ඇති වරද මොකක්ද ? ඔය පොහොට්ටුවේ අය අවුරුදු 20 ක විතර ඉඳලා කෑ ගහන රට බෙදිල්ල විහිළුවක් නේද ? එහෙම දෙයක් කරන්න ඡන්දෙ දුන්නු ලක්ෂ 35 කට වැඩි සිංහල ජනතාව ඉඩ දෙයිද ? දැන් නඩු ටික ගල්වේවිද ? දිනපු මහත්තයගේ පවුලේ අය ඉබේම සර්ව නිර්දෝෂී වේවිද ? එම්.සී.සී ඒක මේ ගොල්ලෝ අත්සන් කලොත් ඒක දේශප්‍රේමිද ? හිරේ ඉන්න අය තව ටික කාලෙකින් එළියේද ? අපි බලාගෙන ඉමු තව ටික කාලෙකින් වෙන දේ.

:       105       23

gamayaSunday, 17 November 2019 11:52 AM

එදා සජිත්ලා රාජපක්ෂ පවුලේ හොරු ටිකව කූඩු කළානම් මිනිස්සු පුදුම සතුටකින් සජිත්ව දිනවනවා. වැරැද්ද සජිත්ගේ නොවෙයි.

:       32       51

යාපා Sunday, 17 November 2019 06:35 AM

දිගින් දිගටම ඔබගේ බොරුවලට එරෙහිව හඩනැගුව කෙනෙක් මම. ඒත් සුබ පතනවා මහත්තයා!

:       328       461

මල්වානේ Sunday, 17 November 2019 06:37 AM

මෙන්න සැබෑ නායකයෙක්. දැන් මල්වානේ ගෙය බැසිල්ට ගත හැකිය. ගෝඨාගේ නඩු සියල්ල ඉවරයි. රටේ ණය ගෙවන්න අපිට බාරයි.

:       546       1377

chandima Sunday, 17 November 2019 06:38 AM

ඔහොම නෙවෙයි අහස කඩන් වැටුනත් අරයනම් නම් අයින්වෙන්නේ නැහැ. ඔන්න බලන්න තව ටික දවසකින් ලංකාවට ආධාර දෙන්න එපෝ එපෝ කිය කියා ප්‍රජාව හම්බුවෙන්න යන්නේ නැතිද කියලා.

:       271       376

MANJU Sunday, 17 November 2019 06:39 AM

හොඳයි.

:       84       23

wimal Sunday, 17 November 2019 06:43 AM

වවුලන් ඉන්න පක්ෂයක මහත්මයෙක් සිටිම ගැන සතුටු වෙනවා. නමුත් අපි දන්නවා ඔබට පරාජය උරුමයි. මන්දයත් ඔබ පියාගේ ප්‍රතිපත්ති අමතක කර නොගැළපෙන පිරිසක් සමග මේ ගමන ගිය බැවින් පරාජය මිස වෙනත් දෙයක් නොමැත.

:       425       537

Bandara Sunday, 17 November 2019 06:46 AM

මේ රටේ මහජාතිය පසෙකලා සුළු ජාතියෙන් රජ වෙන්න බලන අයට මොහු හොද ආදර්ශයක්.

:       620       794

වසන්ති යමුනා Sunday, 17 November 2019 06:47 AM

දිනනවාමයි කියලා මැරෙන්න හැදුවා. තමාව දේශපාලනිකව හැදු වැඩු කෙනාට ඉල්ලන්න ඉඩ දුන්නෙත් නැහැ. මහා කැත වැඩක් මැතිදුනි ඔබතුමා කළේ.

:       570       86

BamunuarachchiSunday, 17 November 2019 11:54 AM

මැතිදුනි? මල කෙලියයි.

:       1       58

BamunuarachchiMonday, 18 November 2019 06:43 AM

රනිල් හිනාවෙනවා ඇති.

:       0       55

Voter Sunday, 17 November 2019 06:48 AM

ඔබ අධිමානසිකත්වය නිසා එජාපයේ ඡන්ද පදනම තේරුම් ගන්න බැරි වුනු මනුස්සයෙක්. එජාපය කියන්නේ විරුද්ධවාදී පක්ෂ වගේ තනි ජාතියකට අයත් පක්ෂයක් නොවේ. ඔබ මහින්ද පිලට විරුද්ධ පාක්ෂිකයන්ගේ ඡන්ද ගන්න හැදුවේ මහින්දගේ එජාප ප්‍රතිරූපය වෙමින්, එතනයි වැරදීම් පටන් ගත්තේ, සිංහලයන් මහින්ද කොපියකට ඡන්දය දෙනවාට වඩා ඔරිජිනල් මහින්දට ඡන්දය දුන්නා. සුළු ජනයා සහ උගත් බුද්ධිමත් ජනතාව ඡන්ද දුන්නත් එහෙම දුන්නේ ගෝඨාභය පරාජය කළ යුතු නිසයි, ඉදිරි මහා මැතිවරණයේදී මේක හොඳටම පෙන්නුම් කරාවි. අනාගතයේදී මේ වැරදීම් හදාගන්න, විපක්ෂ නායකයා ලෙස පළපුරුද්ද හදාගන්න. රටෙහි අනාගතය තිබෙන්නේත් සිංහල ජාතිවාදීන්ට අවශ්‍ය පරිදි සිංහලයන් යටතේ සිටින සුලුවාර්ගිකයන් නොව උරෙනුරගැටෙමින් සහෝදරයන් ලෙස ජීවත්වන සාමකාමී සමාජයක්. එය ඇතිකළ හැක්කේත් ඔබ නියෝජනය කරන පක්ෂයට පමණයි. එය සිංහල උගත් පිරිසට කියාදී අනාගත ජයග්‍රහණයකට අද සිට වැඩ කරන්න. ඔබට සුබ අනාගතයක් !

:       370       412

Indunil Sunday, 17 November 2019 06:49 AM

අරයට මේ පාර කුජීත වෙලා යන්න දීලා, පැරදුනාට පස්සේ පක්ෂ නායකත්වයත් අරගෙන, ඊලඟ අවුරුදු 15ක් 20ක්ම අගේට ගේම ගහන්න තිබුණනේ.

:       6       121

lal Sunday, 17 November 2019 06:51 AM

සජිත් මහත්තයෝ කරුණු දෙකක් තියනවා කියන්න. 1. 2015 දී මහින්ද මහත්තයටත් එයාගේ වටේ අය ටික කළේ ඔබට කළ දෙයමයි. 2. මොනවා කිව්වත් සුලු ජාතිකයන්ට මේ රට ගැන හැඟීමක් නෑ. අනික් ජාතීන්ගේ අරමුණ තියෙන්නේ පිටරටක පැනල ජීවත් වෙන්න මිස මේ රට ගොඩ නගන්න නෙවෙයි. ඒකට අවස්ථාව නැති නිසා ලංකාවේ ඉන්නවා. එහෙම අයව ඔයාල ඔලුව උඩ තියාගත්තා. ඒ අයට සැලකුවා. ඒ අයව බේරගත්තා. අන්තිමට නැතිවුනා. මුලින්ම ඉගෙන ගන්න සිංහලයට සලකන්න.

:       0       34

Bandara Sunday, 17 November 2019 06:51 AM

බුද්දික, ජාතික ආරාක්ෂාව ඔච්චර පහළට දාන්න ඔයාගේ කවුරුවත් බෝම්බෙකින් මැරුනේ නෑ නේද? ඔබ සිංහලයෙක් වීම ගැන කණගාටුයි.

:       998       753

Bandara Sunday, 17 November 2019 06:52 AM

පච ඉවරයි.

:       110       57

Buddika Sunday, 17 November 2019 06:53 AM

සියලු නඩු අවසන් වේවි. පුරුදු ගමන නැවත ඇරඹේවි. නීතිය වල් බිහිවේවි. නිදහස ඉහිරේවී. මේ සියල්ල සිංහල මිනිස්සුන්ට වටින දේවල්. මීට පෙර එජාපයේ කුමන නායකයාද ඉල්ලා අස් වුනේ. එජාපයට ප්‍රබල ප්‍රශ්න 4 ක් තිබ්බා. 1. හොරු නොඇල්ලීම 2.මහබැංකු වංචාව 3. පාස්කු ප්‍රහාරය. 4. අනවශ්‍යය නිදහසක් දීම.

:       124       465

SeneviratneSunday, 17 November 2019 07:37 AM

ඇත්ත. බැංකු හොරු ඇතුළුව හිරේ ඉන්න ඕන උදවිය හිරේ නොදැම්ම නිසා තමා පැරදුනේ.

:       1       232

බණ්ඩාර-(කැකිරාව) Sunday, 17 November 2019 06:55 AM

අනේ පව් ! සජිත් මැතිතුමා හොද තරගයක් දුන්නා. " අලියාට " සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබාගත්තා. එබැවින් එතුමා විපක්ෂ නායක ධූරයට පත්කළ යුතුයි.

:       2       151

Uditha - London Sunday, 17 November 2019 06:57 AM

අපි මිනිසුන් විදිහට මැදහත්ව සිතන්න ඕන. ඕනෑම දෙකදී ජය පරාජය දෙකක් තියනවා. රටේ බහුතර මතය පල වෙනවා දැන්. සජිත් මහත්මයාගේ නිහතමානීකම රටක පුරවැසියන් විදිහට අපි අගය කළ යුතු දෙයක්. අපි කිසි කෙනෙක් පොහොට්ටුවෙවත්, අලියාගේවත් මලිමාවේවත් මිනිස්සු නෙමේ. අපි හැමෝම ලාංකිකයෝ.

:       30       275

BamunuarachchiSunday, 17 November 2019 11:46 AM

ඔය බණ අහලා අහලා ඇතිවෙලා තිබෙන්නේ. අපි සිංහලයෝ. ඡන්ද ප්‍රතිඵල දිහා බැලුවාම පෙනෙනවා ඒ ජනතාව ලාංකිකයෝ හැටියට හිතලා නැති බව. සජිත් මහත්මයාගේ නිහතමානීකම රටක පුරවැසියන් විදිහට පෙන්වන්න තිබුනේ ඡන්ද ප්‍රචාරක කටයුතු වලදීයි. පැරදුනාම නොවෙයි. ඡන්ද ප්‍රචාරක කටයුතු වලදී නිහතමානී විදිහට ප්‍රතිවාදියාගේ නමවත් නොකියා කතා කළේ ගෝඨාභය මහතා. ඒ නිසා ඇත්ත උඩු යටිකුරු කරන්න එපා.

:       1       41

Rabba Sunday, 17 November 2019 07:10 AM

ලොක්කවක් එක්ක යන්න බැරිද ? ලොක්කනම් එළවන්න අමාරු වෙයි.

:       5       55

Buddika Sunday, 17 November 2019 07:10 AM

එජාපය නොකරපු ප්‍රධාන දේ හොරු නොඇල්ලීම. ඒකට වගකියන්න ඕනේ මෛත්‍රීපාල. ඔහු ඒකට ඉඩ දුන්නේ නෑ. පාස්කු ප්‍රහාරයේ වගකීමත් ඔහු ගත යුතුයි. එත් ඒකෙන් හානි වුනේ එජාපයට. මහබැංකු වංචාවේ වැරදිකරුවන්ට දඩුවම් දුන්නේ නෑ. ඒත් මිනිස්සු දඩුවම් කළේ එජාපයට.

:       62       334

Rasika Sunday, 17 November 2019 07:18 AM

ලංකාවේ පොළවේ සත්‍ය තේරුම්ගන්න එජාපයට බැරි උනා .සිංහල ජන්ද අමතක කරලා දිනන්න බැරි බව දැන්වත් තේරුම් ගන්න ඕනේ. උතුරේ ජාතිවාදය ඉතාම නරක විදියට පෝෂණය කළා. හාමුදුරු කෙනෙක්වත් ආදාහනය කරන්න දුන්නේ නැහැ. සිංහලයට, බෞද්ධකමට නොසෑහෙන්න පහර ගැහුවා. ඔබ වැපුරු දෙය ඔබම නෙළා ගත්තා.

:       58       94

Buddika Sunday, 17 November 2019 07:28 AM

බණ්ඩාර, ජාතියේ ආරක්ෂාව මම දන්නවා. ඔබ වැනි සිංහලයින් සිටින තාක් මේ රටට දෙවි පිහිටයි. හොරකමට, වංචාවට, පවුල් පාලනයට කැමති අය නිසාම මේ රට ගොඩ දාන්න හම්බෙන්නේ නැහැ.

:       242       562

BamunuarachchiSunday, 17 November 2019 11:52 AM

බුද්ධික, දන්න දෙයක් කතා කරන්න. තමන්ටවත් නොතේරෙන පවුල් පාලන ගැන කතා කොරන්නේ? එජාපයෝ පවුල් පාලනේ නැතිව අවුරුදු 5 රට පාලනය කළේ. රටට මොනාද කළේ ? බැංකුව මංකොල්ල කාලා රටේ තිබුන ආරක්ෂාවත් නැති කළ එකයි කළේ. ඊයේද කොහෙද ඉපදිලා තිබෙන්නේ ?

:       1       175

Sugath Premalal Sunday, 17 November 2019 08:13 AM

ජනතාව බුද්ධිමත්ව කටයුතු කළා. සිංහලුනේ, තවත් එකතු වෙන්න... කවුරු මොනවා කීවත් අපි එකමුතු වුණොත් කරන්න බැරි දෙයක් නැහැ.

:       0       66

රවින් Sunday, 17 November 2019 08:35 AM

වැරදුනු මුලික තැන ඉස්සෙල්ලාම ඔබ ගැන රෙකමදෝරු කරපු කෙනාගේ යටිකුට්ටු වැඩ ගැන පැහැදුණු එකයි. එයාගේ දක්ෂකම බෙල්ල කැපීමයි. දෙවනුව බෙල්ල කැපීමට දක්ෂ අයවලුන් ලංකර ගැනීමයි. කොහොම උනත් අඟේ ඉඳන් කන කන අයවලුන්ගේ බස් වලට මිට පසුවවත් ඇහුම්කන් දීමට පෙර සිතා බලන්න. හැමදාටම ගැලරියේ විසිල් එකට පමණක් වැඩ නොකරන්න. සුබ අනාගතයක් !

:       107       64

sudelmi Sunday, 17 November 2019 08:55 AM

සිම්බාබ්වේ ආර්ථික මට්ටමින් දකුණ අප්‍රිකාවට පමණක් දෙවෙනි උන අප්‍රිකානු රට ජාතිවාදී මුගාබේ වසර ගණනක් පවුල් පාලනයක් කරලා ලෝකයේ දුපත්ම රටක් කළ බව මම අද කිව්වා කියල තව වසර දෙකකින් මම මතක් කරලා දෙන්නම්.

:       39       114

Raveendra Sunday, 17 November 2019 09:11 AM

අධිතක්සේරුව නිසා කෙළවුනා නේද? දැන්වත් අඩුපාඩු තේරුනාද මන්දා...

:       73       49

Mf Sunday, 17 November 2019 09:29 AM

සුභ පැතුම් !

:       0       0

Dayan Sunday, 17 November 2019 10:31 AM

අපරාදේ අපේ ආර්යාව....

:       27       69

suranjith Sunday, 17 November 2019 11:19 AM

සජිත් මැතිතුමනි, අප ඔබ හැර නොයනු ඇත. මක් නිසාදයත් ඔබතුමා දුප්පතාට කළ හොඳ දේ එමටයි. ඔබතුමා තරඟයට අවතීර්ණ වෙන්නත් ඉස්සර වෙලා ඔබතුමාව පහත් කරන වැඩ පක්ෂ නායකයා කළා. පිරිසක් ඔබතුමාව අවමානයට ලක් කරන්න මෙහෙය වූවා. මැතිවරණ ව්‍යාපාරයේදී කළෙත් ඔබතුමා අවමානයට ලක් කරන්න විවිධ දේ ප්‍රචාරය කිරීමයි. ඔබතුමාගේ චරිතයද ඔහු විසින් ඝාතනය කළා. ඔබතුමාට ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවා. අපි එක නැගිටිමු.

:       0       127

Bamunuarachchi Sunday, 17 November 2019 11:37 AM

මම මේ තාර උණු කරනවා. දන්නා කෙනෙක් කියන්න අර හාමුදුරුවෝ කොහෙද ඉන්නේ කියලා ? ගෝඨාභය මහතාණෙනි, අයථා ලෙස යෙදවුණු ලිට්රෝ ගෑස් මුදල් නැවත අයකරගන්න කටයුතුකරන්න.

:       1       42

Bamunuarachchi Sunday, 17 November 2019 11:59 AM

"සජිත් එජාප නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවත් වෙයි" දිනන්න තමන්ට දිනන්න බැරි පළපුරුදු එජාපයෝ දැනගෙන සිටියා මෙයාට වෙන්නේ මොකක්ද කියලා. දැන් විරුද්ධ පක්ෂ නායකකම යන්නෙත් සම්බන්ධන්ට. අඩුගණනේ එ්කවත් රැකගන්න. මම එජාප විරෝධී වුණත් ඊට වඩා ද්‍රවිඩ විරෝධියි..

:       84       25

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 165 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 271 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 65 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 903 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 239 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 284 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site