(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)
රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රි ආසනයට වෙනත් අයකු පත් කිරීමට ගෙන ඇති තීරණය වෙනස් කරන ලෙසට බල කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාගේ ආසයන අසලට පැමිණ උද්ඝෝෂණය කිරීම නිසා පාර්ලිමේන්තුව දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.
කතානායකවරයාගේ තීරණයට විරුද්ධව එම මන්ත්‍රිවරු මුලින්ම පොත්පත්වලින් තම මේසවලට ගසමින් කෑ කෝ ගැසූහ. ඔවුන් කතානායකවරයාගේ අසුන අසලට පැමිණියේ ඉන් අනතුරුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා මහා බොරු වැඩ. ඒ මනුෂ්‍යයා හොඳින් රැක ගන්න මෙයාලට තිබුණා.. මෙයාලටත් වුවමනාවක් තිබුණේ නැහැ. එයත් දිගටම ලණු කෑවා..
දැන් බොරුවට කෑ ගහලා වැඩක් නෑ. රන්ජාව ෆෝම් කරලා ඉදිරියට ඇරියේ මේ ගොල්ලන් තමයි. අන්තිමට අධිකරණය කියන ගරු කළයුතු ආයතනයටත් හිතාගන්න බැරි ලෙස අපහාසයෙන් කතා කළා. එයා හිතන්න ඇති විනිසුරුවරු, වරියන් කීප දෙනෙක් තමන්ගේ සාක්කුවේ සිටීම නිදහසට, කරුණක් වේවි කියලා. ඔහුගේ වැරදි තේරුම් කරලා නීතිය ගැන කියලා දෙන්න කිසිවෙකු නොසිටීම රන්ජාගේ කරුමේ. දැන් පරිප්පුව කාලාම ඉගෙන ගනීවි...
ඔය බොරරු රඟපෑම් රංජව හොඳට අදුනනවා. මුං ටික එකතුවෙලා රංජාව ඇතුළට දැම්මා කියල රටම දන්නවා. එයාට පක්ෂෙන් දීපු නීතිඥ සහාය මොකක්ද?
රන්ජන්ට ඔය ඉරණම අත් කළේ සජිත් සහ රනිල්