IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ෂැංග්‍රිලා බෝම්බකරු මැරෙන්න කලින්දා දරුවන් බදාගෙන හැඬුවා

(***නිමන්ති රණසිංහ)

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරුණු බෝම්බකරු ඉල්හාම් අහමඩ් ප්‍රහාරයෙන් පැය 7කට පෙර දෙමටගොඩ මහවිල උද්‍යානයේ සිය නිවෙසට පැමිණ දරුවන් බදාගෙන හඬා වැටී පිටත්ව ගොස් ඇතැයි තම නැඟණිය පැවැසූ බව බෝම්බකරුගේ මස්සිනා සාක්ෂි දෙමින් ඊයේ (02) පැවැසීය.

මාධ්‍ය මගින් තම නම හෙළි නොකරන්නැයි මියගිය ඉල්හාම් අහම්ඩ්ගේ මස්සිනා පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (02 වැනිදා) සාක්ෂි දෙමින් ඉල්ලීමක් ද කළේය.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් සිල්වා මහතා (සභාපති) අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සුනිල් රාජපක්ෂ සහ බන්දුල අතපත්තු යන මහත්වරුන් අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩබ්ලිව්. මංගලිකා අධිකාරි මහත්වරුත් මෙම කොමිසමේ විනිසුරුවෝ වෙති. පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුභර්ෂි හේරත් මහත්මිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළාය.

මෙහිදී වැඩිදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකරු මෙසේද සඳහන් කළේය.

මා රාජකිය විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවා පසුව ITBC ආයතනයේ ඉගෙන ගත්තා 2011 දී මා එංගලන්තයේ උපාධියකට ගියා. පසුව 2014 දී උපාධිය සම්පූර්ණ කරලා 2015 ලංකාවට ආවා. මම 2015 අප්‍රේල් ඉඳලා ආයතන දෙකක වැඩ කළා ඉංජිනේරුවකු විදිහට පසුව මා පියාගේ ව්‍යාපාරයට එකතුවුණා. අවුරුදු 15කට කලින් කොළොන්නාවේ ඇඟලුම් ව්‍යාපාරයක් කරගෙන ගියා. ඒකේ ශාඛාවක් අලවතුගොඩ තියෙනවා. මට සහෝදරයන් හතර දෙනෙක් සහෝදරියෝ 2ක් ඉන්නවා. 1988 කාලය විතර වනතුරු ඒ අය නුවර තමයි හිටියේ. ලොකු අයියා රාජකීය විද්‍යාලයට ආවේ ශිෂ්‍යත්වයෙන් මගේ හත්වැනි  සහෝදරිය ෆාතිමා ජෙෆ්රි එයා තමයි පාස්කු සිද්ධියේදී මහවෙල පටුමගේදි මිය ගියේ. ෆාතිමා නාරාහේන්පිට ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය හැදෑරුවා. එයා සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. පසුව ඇය කුකරි ක්ලාස් වගේ ඒවාටත් ගියා. එයා පාසල් යන කාලේ නෙට්බෝල් ක්‍රීඩාව කළා. එයා මාත් එක්ක තමයි පොඩිකාලේ හිටියේ. එයාට මම ගොඩක් ආදරෙයි. එයා ලොකු වුණේ මාත් එක්ක. එයා හරිම අහිංසක කෙනෙක් එයා ඒ කාලේ ගොඩක් සමාජශීලි කෙනෙක් එයා ‘හැරී පොටර්’ ෆිල්ම් එකට හරියට කැමතියි. එයාට එයාගේ යාළුවෝ සුබ පැතුම් පත් එවලා තියෙනවා උපන්දිනයට මේ කාඩ් එයා එකතු කරලා තිබ්බා. (සාක්ෂිකරු ඒ කාඩ්පත්‍ර කොමිසම වෙත ඉදිරිපත් කරයි) එයා විවාහ වුණේ 2012 නොවැම්බර් 04 එතකොට  එයාගේ වයස අවුරුදු 20යි. බඳින්න කලින් එයා යාළුවෝ එක්ක ගොඩක් හොඳට හිටියා. එයා පාසල් අධ්‍යාපනය ඉවරවෙලා ගෙදර ඉන්දැද්දි ‘කුරාණය’ කටපාඩම් කරන්න පටන් ගත්තා. කුරාණයේ එක් ඡේදයක් අරගෙන ඒක ඉගෙන ගන්න එක තමයි කරන්නේ. කටපාඩම් කළ අය තමයි මවුලවිවරයෝ වෙන්නේ ෆාතිමා තනි කැමැත්තට තමයි කුරාණය කට පාඩම් කළේ.

කොමිසම – කුරාණය කටපාඩම් කළේ කුමන වයසකදී
සැකකරු - අවුරුදු 18 දී විතර වගේ
කොමිසම -  ඇය නිවෙසේ ඉද්දි පොත්පත් කියෙව්වාද?
සාක්ෂිකරු - ඔව් නවකතා  කියෙව්වා. එයා ‘හැරී පොටර්’ කතාවට ගොඩක් ආසයි.
කොමිසම – පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ආගමික පොත්පත් කියෙව්වාද?
සාක්ෂිකරු - මං ඉන්න කාලේ කියෙව්වේ නෑ.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරිය – ඔබේ සොහොයුරියගේ විවාහය යෝජිත විවාහයක්ද?
සාක්ෂිකරු - ඔව්. එයා ඉල්හාම් ඊබ්‍රහිම් ඔහු පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගියා. එයා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මියගියා. ශ්‍රී ලංකා එක්ෂිබිෂන් සෙන්ටර් එකේ තමයි දෙදෙනාගේ විවාහ උත්සවය තිබ්බා.
කොමිසම – ඒ විවාහයට වියදම් කළේ කවුද?
සාක්කිකරු - අපි දෙපාර්ශ්වයම මේ උත්සවයට වියදම් කළා. මුස්ලිම් විවාහ උත්සවවල සංගීත නෑ. ඡායාරූප සහ ආහාර තිබුණා. මම විවාහ උත්සවයට සහභාගී වෙන්න ලංකාවට ආවා. විවාහ උත්සවයට සති දෙකකට කලින් තමයි මම ආවේ. එහිදී මට ඔහු හමුවුණේ එකපාරයි. විවාහයෙන් පස්සේ මගේ සහෝදරිය මහවිල උද්‍යානය ප්‍රදේශයේ ජීවත්වුණා. මගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා හමුවුණාම අපි දෙමළ චිත්‍රපට ආදිය ගැන කතා කරනවා. නංගි විවාහවෙලා ගියාට පස්සේ එයා අපට ගොඩාක් මුහුවුණේ නෑ. සති දෙකකට සැරයක් සහෝදරිය අපේ ගෙදර එනවා. බොහෝ වෙලාවට ඉල්හාම් නංගීව ගේට්ටුව ළඟට ඇරලලා යනවා. එයා තේ එකක් බිලා යන්නේ බොහොම කලාතුරකින්. මම එංගලන්තේ ඉඳලා ආවාම මම දැක්කා නංගිගේ ස්වාමිපුරුෂයා ටිකක් වෙනස් වෙලා වගේ දැනුණා. 2016 ජුනි 23 මගේ නංගී සහ ඇගේ ස්වාමිපුරුෂයා මගේ විවාහ උත්සවයට සහභාගී වුණේ නෑ. එයාලා කිව්වා ඉස්ලාම් ආගමේ විදිහට මෙහෙම උත්සවයක් තියෙන එක වැරදියි කියලා. මම එතැනින් පස්සේ දැනගත්තා එයාලා අන්තවාදී විදිහට හිතනවා කියලා මට හිතුණා. 2016 විතර කාලයේ ආගමික සම්බන්ධ කතාවක් අපිත් එක්ක කතා කරද්දී එයා ඒකට විරුද්ධ මතයක ඉන්නවා. උදාහරණයකට කිව්වොත් අපට ඡන්දේ දාන්න නම් අපේ ආගමේ කෙනෙක්ම ඉන්න ඕනෑ. සහෝදරියත් එයාගේ ස්වාමියාගේ මතය දරලා ඡන්දය දානවා කියන එකට විරුද්ධ වුණා.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ – ඔබ ඉස්ලාම් දහම අනුගමනය කළ අයෙක්ද?
සක්ෂිකරු - අපේ තාත්තා නුවර හාරිස්පත්තුව ප්‍රදේශයේ. අපේ තාත්තා බෞද්ධ ජනතාවට පන්සල්වලට උදව් කළා. එතකොට එයා තාත්තාට කිව්වා ඔයා අන්‍යාගමිකයන්ට උදව්කරන්න එපා. ඔයා අවජාතකයි කියලා තාත්තාට කිව්වා. ඒ සිද්ධිය වුණේ 2018 දී විතර. තාත්තා නංගීට කිව්වා ඔයාගේ මහත්තයා මේ කරන දේ වැරදියි නේද කියලා ඇහුවා? එතකොට මගේ හස්බන්ඩ් යන පාරේ තමයි මම යන්නේ කියලා ඇය කිව්වා.

ලංකාවේ තියෙන මද්‍රසා පාසල්වල ඉගෙන ගන්න ඒවා හරි මදි. මගේ නංගී එයාගේ ළමයින්ට අධ්‍යාපනය දුන්නේ ගේ ඇතුළෙමයි. උදාහරණයකට එයා අපේ ගෙදර ආවොත් කාටුන් වගේ දේවල් අනිත් ළමයි බලද්දී එයා වෙනම අධීක්ෂණය කරනවා.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරිය – බෙහෙත් ලබාගැනීම ගැන ඒ අයගේ මතය කුමක්ද?
සාක්ෂිකරු - බෙහෙත් ගන්න කැමැති නෑ. කාටුන් බලන්න දෙන්නේ නෑ. දරුවන්ට එන්නත් ලබාදෙන්නේ නෑ. පාසල් යවන්නේ නෑ. රජයෙන් අනුමත බෙහෙත් දරුවන්ට එන්නත් කළේ නෑ මේ දෙන්නම.
කොමිසම – ඒ ගෙදර රූපවාහිනියක් තිබුණාද?
සාක්ෂිකරු - මම ඉල්හාම්ගේ ගෙදර ගියොත් මම ඉන්නේ එයාගේ සාලේ විතරයි. ඒ ගෙදර ටී.වී. තිබුණද කියලා මම දන්නේ නෑ.
අපේ ගෙදර ආවාම නංගි ටී.වී. බලන්නේ නෑ. එයා දුරකතනයක් පාවිච්චි කළා. එත් ෆේස්බුක් ඉන්ස්ටර්ග්‍රෑම් වගේ පැකේජ් පාවිච්චි කළේ නෑ. ‘‘වට්ස්අප්’’ විතරක් භාවිතා කළා ඇය මිය යන තෙක් දුරකතනය භාවිතා කළා.
කොමිසම - එයා බඳින්න පෙර රූපලාවන්‍ය ක්‍රම පාවිච්චි කළාද?
සාක්‍ෂිකරු - 2015 දී දකිද්දි මම දැක්කා බැන්දට පස්සේ මම දැක්කේ නෑ නමුත් එයා පාවිච්චි කළා.
රජයේ ජෙෂ්ඨ නීතිඥ- ඔවුන් දෙදෙනා වාහන පාවිච්චි කළාද?
සාක්‍ෂිකරු - මගේ නංගි වාහන පැදෙව්වේ නෑ. ඒ දෙන්නට වාහනයක් තිබ්බා.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ- ඔබ නංගීව අවසන් වරට දැක්කේ කවදාද?
සාක්‍ෂිකරු - නංගිව මට අන්තිමට හම්බවුනේ මාර්තු මාසයේදි මගේ මහගෙදරදි. මම ඒ අවස්ථාවේ ඒ ගෙදරට ගියා. ඒ වෙලාවෙදි එයාගේ වෙනසක් මම දැක්කේ නෑ.
රජයේ ජෙෂ්ඨ නීතිඥ - 2019 අප්‍රේල් 21 වැනිදා ඔබට මතකද?
සාක්‍ෂිකරු - ඔව් එදා උදේ 8.30 විතර අපේ අම්මට කෝල් කරලා කියලා තියෙනවා අම්මේ ඉක්මනට එන්න කියලා. එයා අඬමින් වගේ තමයි කියලා තියෙන්නේ. අම්මා අහලා තියෙනවා ඇයි කියලා මට එ්ක කියන්න බෑ. ඉක්මනට එන්න කියලා ඇය කියලා තියෙනවා. එයා කතා කළේ අම්මාගේ ජංගම දුරතනයටයි. ඊට පස්සේ අපේ අම්මා පළතුරුයි, කේකුයි අරගෙන උදේ 10.30 ට විතර නංගිලගේ ගෙදර ගියා. අපේ මහගේ තියෙන්නේ මරදානේ. මරදානේ ඉදලා අම්මා තනියම දෙමටගොඩ ගෙදරට ගියේ.
රජයේ ජෙෂ්ඨ නීතිඥ – නංගිගේ දුරකතන ඇමතුම එද්දි ඒ වෙනකොට බෝම්බ පුපුරලා තිබ්බාද?
සක්‍ෂිකරු - ඔව්.
රජයේ ජෙෂ්ඨ නීතිඥ – ඔබ අදහන විදිහයි නංගිලා ආගම අදහන විදිහයි වෙනස් කියලා ඔබ කිව්වා. මොන දේවල්ද වෙනස්?
සාක්‍ෂිකරු - විවාහ මංගල්‍ය, ඡන්ද දාන එක ගැන ආදි වශයෙන් දේවල් ලංකාවේ තියන මද්‍රසා උලමා වැරදි එයාලා අවජාතකයෝ තාත්තා සිංහල මිනිසුන්ට උදව්කරන කියා පොල් මුස්ලිම්, කොකනට් මුස්ලිම් කියලා එයා හඳුන්නනවා.
ලංකාවේ ඉන්න බහුතර මුස්ලිම් වරුන් විශේෂයෙන් උලමා සභාවට එයා මේ විදිහට විවේචනය කරනවා.
කොමිසම – ලංකාවේ ඉන්න මුස්ලිම් කොටස් කිහිපයක් ඉන්නවා. සුන්නි, ෂියා, තවුහිද්, තබිලක් ජමාද්, මේ අතරින් ඔබේ මස්සිනා මොන කොට්ඨාසයේද?
සාක්‍ෂිකරු - එයා කියන්නේ මේ ඔක්කොම වැරදියිලු. එයා සංවිධානයක් ගැන අපට කිව්වේ නෑ. පාස්කු ප්‍රහාරය වුණාට පස්සේ තමයි අපි දන්නේ ජාතික තවුහිද් ජමාත් සංවිධානයක් තියෙනවා එයා එකේ ඉන්නවා කියලා.
කොමිසම - මිය ගිය අතරින් වැඩිපුරම ආශ්‍රය කළේ කවුද?
සාක්‍ෂිකරු - එයා වැඩිපුරම ආශ්‍රය කලේ එයාගේ අයියා විතරයි කියලා මම දන්නේ අනෙක් අයව මම අඳුනන්නේ නෑ. ඒ කිසිම කෙනෙක් ඊට පෙර මම ඉල්හාම්ගේ ගෙදරදි දැකලා තිබුණේ නෑ.
කොමිසම – ෆාතිමා ජෙෆ්රි ඔබේ නැගණිය කිසිම වෙලාවක ඔබට හෝ පවුලේ අයට කිව්වාද මගේ ස්වාමිපුරුෂයා යන ගමනට අකමැති කියලා.

එයා කිසිම වෙලාවක එහෙම කිව්වේ නෑ. එයා අනුමත කළා.
කොමිසම – ඔබේ මස්සිනා පල්ලිවලට ගියේ නැද්ද?
සාක්‍ෂිකරු - නැහැ එයාලා එන්නේ නෑ. මම ඇහැව්වා ඇයි පල්ලි එන්නෙ නැත්තේ කියලා. එතකොට එයාලා කියනවා අපි ගෙදරම කරගන්නවා කියලා කිව්වා.
කොමිසම – ඔබේ නංගි විවාහයෙන් පස්සේ වෙනස් වෙලා කියලා ඔබ එයාට කිව්වේ නැද්ද?
සාක්‍ෂිකරු - ඔව්, මම දැනගත්තා නංගියේ මොළය හෝදලා වගේ දෙයක්. එයා හැම තිස්සේම කිව්වේ එයාගේ මහත්තයා කියන දේ අහනවා කියලා. මම එයාට උපදෙස් දෙන්න ගියේ නෑ. මොකද නංගි එයාගේ පවුල් හොඳින් පවත්වාගෙන ගියා. එයාලා සමාජයෙන් වෙන් වුණා. ඒ අය අන්තවාදී වෙලා හිටිය නිසා අපෙනුත් අයින් වුණා වගේ. මස්සිනා අපේ ව්‍යාපාරයෙනුත් අයින් වුණා. ඒත් මේ දන්නා ත්‍රස්තවාදි විදියට හැසිරෙයි කියාල අපි හිතුවේ නෑ.
ඇයි ඔයා දුකින් ඉන්නේ කියලා නංගිගෙන් ඇහුවාම නංගි කිව්වාලු පෙරේදා රෑ 1ට විතර ආවා බබාව ඉඹලා අඬලා ගියා කියලා නංගි කියලා. ඒ කියන්නේ 21 උදේ පාන්දර එකට එයා ඇවිල්ලා ගිහින් තියෙන්නේ. ඊට පස්සේ දවල් 1.00ට විතර එයා වඳින්න යනවා කියලා ගිහිල්ලා අම්මට කන්න කතා කළ නිසා අම්මා ගෙදර පහළට ඇවිත් තිබුණා. ඊට පස්සේ තමයි පොලිසිය ඇවිල්ලා මේ සිද්ධිය වුණේ.
අපි දැනගෙන හිටියානම් මෙයාලා මෙහෙමයි කියලා අපි කොහොම හරි පොලිසියට කියලා හරි මේ අය බේරගන්නවා.
කොමිසම – ඉල්හාම්ගේ තාත්තා ඡන්දෙ ඉල්ලුවාද?
සාක්‍ෂිකරු - ඔව්, ඡන්දේ ඉල්ලුවා ජනතා විමුක්ති පෙරමුණෙන් ඡන්දය ඉල්ලුවේ.
කොමිසම-  මොන ඇඳුම්ද නංගි ඇන්දේ?
සාක්‍ෂිකරු - නිකාබය සහ බුර්කාව ඇන්ද‌ා. ඒක පටන් ගත්තේ එයා බැන්දාට පස්සෙ තමයි.
අපේ තාත්තා ඒ ඇඳුම්වලට විරුද්ධයි.
කොමිසම – ලංකාවේ ඉන්නවාද පාසල් යවන්නේ නැතුව ගෙදර ඉඳල ඉගෙන ගන්න අය ඉන්නවාද ඔබ දන්නවාද?
සාක්කිකරු - මම දන්නේ නෑ. මම අහලත් නෑ. එයා ළමයින්ට කුරාණය කියලා දීලා තිබුණා. නැතිවෙච්ච පුංචි ළමයා අවුරුදු 3 1/2යි. එතකොට එයා අරාබි අකුරු දැනගෙන හිටියා.
කොමිසම – ඔබේ සොහොයුරිය සහ නැගණිය සිදු කළ දේ හරිද?
සාක්කිකරු - නංගියි මස්සිනයි කළ දේ අපි පිළිගන්නේ නෑ. ඒක ගොඩක් වැරැදියි. එයාලා හිතලා තියෙන්නේ ඉස්ලාම් ආගමට හොඳක් කරනවා කියලා. ඒත් එයාලා කරලා ගියේ අපේ ආගමට හානියක්. ඒ අය අපේ ආගමට අපකීර්තියක් කළා. කවුරු කළත් මේක නතර කළ යුතුයි.
මගේ නංගිට දරුවෝ තුන්දෙනෙක් හිටියා. ඒ අය පිරිමි ළමයි. වයස අවුරුදු 2, 3, මාස 9යි. ඒ වෙද්දිත් එයාට දරුවෙක් ලැබෙන්න හිටියා.
මෙහිදී සාක්ෂි ලබාදුන් ඊබ්‍රහිම් හාජියාර් යන අයගේ නිවසේ සේවය කළ සේවිකාවක වූ මොහොමඩ් හනීෆා සිත්ති මර්ලියා මහත්මිය ද, ගෝතමීපුර දෙමටගොඩ ග්‍රාම නිලධාරි ප්‍රියංකා තිරුචෙල්වම් මහත්මිය සහ දෙමටගොඩ මිහිඳුසෙන්පුර ග්‍රාම නිලධාරි කේ.කේ. නයනජිත් යන මහතා ද ඊයේ (02) කොමිසම හමුවේ සාක්ෂි දුන්හ.
නැවත සාක්ෂි විමසීම අද (03) යළි කොමිසම හමුවේ කැඳවෙයි.



අදහස් (15)

ෂැංග්‍රිලා බෝම්බකරු මැරෙන්න කලින්දා දරුවන් බදාගෙන හැඬුවා

රිස්මි Wednesday, 03 June 2020 09:35 AM

බලන්න කොච්චර අහිංසක මිනිස්සුද කියලා...? කරුණාකරලා මෙයාලව නිදහස් කරන්න.

:       77       74

දිලාන්Wednesday, 03 June 2020 10:02 AM

කිතුලට නැග්ග මිනිහටත් කියන්න කතාවක් තිබුණා.

:       23       56

RaveendraWednesday, 03 June 2020 12:24 PM

ඇත්තෙන්ම හඬාවැටිලා තියෙන්නේ හිත යටින් " කන්‍යා ඊරියන් "(ඌරන්ගේ ගෑනු සතා) හිතෙන්ම මවාගෙන....

:       1       69

KamalaWednesday, 03 June 2020 12:34 PM

ඔය සාක්ෂි දීලා තියෙන්නේ අත්අඩංගුවේ ඉන්න කෙනෙක් නොවේ.

:       0       24

සත්‍යපාල Thursday, 04 June 2020 07:40 AM

අපි මරලා අපි ලවාම අනුකම්පාව ගන්න උපක්‍රම. අපිත් ඉතින් අහුවෙනවා ඉවරයක් නෑ. දැන් අනුකම්පාව මැරුණු අය හෝ ආබාධිත අය ගැනවත්, එහෙම නැත්නම් මැරුණු අයගේ පවුල්වල අයවත් නොවෙයි.. මැරෙන්න පෙර හඬා වැටුණු ත්‍රස්තවාදියා ගැනයි. කාට කියන්නද මේවා..?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 03 June 2020 11:58 AM

තමන්ගේ කට්ටිය බදාගෙන හැඬුවාට අනිත් මිනිස්සුනට හඬන්න වෙන වැඩක් කරපු පව්කාර අන්තවාදීන්.. හොඳට හිටපු සැබෑ මුස්ලිම් වරුන්ගේ ගරුත්වය නැති කරපු අන්තවාදීන්..

:       17       565

Prabha Wednesday, 03 June 2020 12:43 PM

නුවර අපිත් එක්ක ඒ කාලේ හිටිය මුස්ලිම් යාලුවෝ දැන් දැක්කම බයත් හිතෙනවා. රැවුල් වගේම අරාබි ඇඳුම් ඇඳගෙන...

:       0       78

සෙනෙවිරත්න Wednesday, 03 June 2020 12:46 PM

මොහු ප්‍රකාශ කරනුයේ සත්‍යයක් බව පෙනේ...

:       119       55

Bamunuarachchi Wednesday, 03 June 2020 01:48 PM

මේ ආගමිකයින් ජීවිතයට වටිනාකමක් දෙන අය නොවෙයි. ඔවුන් මරණයට වටිනාකමක් දෙන අයයි. මොකද ස්වර්ගයට ගියාම කන්‍යාවන් 72ක් ලැබෙන නිසා...

:       121       346

මුණසිංහ Wednesday, 03 June 2020 03:47 PM

සාක්ෂි දුන් මෙම සොහොයුරා (නම නොදත්) අගය කළ යුතුයි. අපි විශ්වාස කරනවා ඔහු අවංකවම කළ ප්‍රකාශයක් විදියට. මෙවැනි අය ජාතින් අතර එකමුතුවට වැදගත්...

:       47       57

පෙරේරා Thursday, 04 June 2020 03:00 AM

හොදම ප්‍රතිචාරය. මේක තමයි මේ අන්තවාදී ක්‍රමය. මම ඉන්න රටේ පවා මෙවැනි ප්‍රහාර වුනා. ගෙවල්වල මිනිස්සුන්ට හිතා ගන්න බෑ, මෙවන් ප්‍රහාර කළේ තමන්ගෙ ගෙදර කෙනෙක් කියලා. සමහර අයගේ දෙමව්පියන් ඉහළ රජයේ නිලධාරීන්. මේකට හේතුව මුස්ලිම් රටවල්වලට එරෙහි අමෙරිකානු ආක්‍රමණය. ලංකාවෙත් පහර දීමට පන්සලක් වෙනුවට පල්ලියක් තෝරා ගනීමට හේතුවද එයයි. ලංකාවේ ද මෙවැනි අන්තවාදී ලක්ෂණ බොහෝ ඇත. 1959 සිට 1983 දක්වා අපේ කෙරුවාවද ඔයිට දෙවෙනි නැත. 1983 රත්මලානෙ තාර බැරල් ගැන අසා දැනගන්න. එවිට මොන අන්තවාදය වුවද ඔක්කොම එකයි කියා තේරුම් යාවි.

:       0       107

BamunuarachchiFriday, 05 June 2020 02:27 AM

මුණසිංහ මහතා ජාතික එකමුතුව හොඳ වට 1815 , 2019, අවුරුදුවල සිදුවීම හිතලා 2050 ගැනත් හිතන්න. එතකොට අපි හාවඩ් කියලත් හිතන්න. මම එම ජාතිකයෙක්... නම් මම ඔවුන්ට කියන්නේ නුඹලා ඉක්මන් වුණා වැඩියි, තව අවුරුදු 30ක් ඉවසන්න.. සිංහලයින් නිකන්ම අපිට ඕනේ දේවල් දෙනවා. ඔවුන්ගේ ජනගහනය 10% වුණාට බෞද්ධ පන්සල් හා සමාන ගණනක් ඔවුන්ගේ පල්ලි තිබෙනවා...

:       0       0

isuru Wednesday, 03 June 2020 04:55 PM

මෙන්න තවත් චන්ද ප්‍රතිඵලයක් ...

:       29       0

Binkunndaa Wednesday, 03 June 2020 09:09 PM

මේ අර ශුද්ධ පොත කියවලා තමයි ඔක්කොම වැරදිලා තියෙන්නේ...

:       1       6

Abdul Thursday, 04 June 2020 01:09 AM

මේවා බලද්දී අපේ ගෙවල්වල ඉන්න නංගිලා, අක්කලාව දීග දෙන්නත් බයයි අපේම අයට...

:       4       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 306 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 226 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 531 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 86 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 70 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 693 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site