(දයාසීලි ලියනගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධව හිටපු පළාත් සභා මන්ත්‍රීවරු, පළාත් පාලන මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරු 76දෙනෙකු අද(11) එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහුට සහාය දැක්වීමට එකඟතාව දැක්වූහ.
ඇමැති මංගල සමරවීර මහතාගේ නිවසේදී සජිත් ප්‍රේමදාස මහතා හමුවූ පිරිස, එක්සත් ජාතික පක්ෂයට නොව එක්සත් ජාතික පෙරමුණට සහාය දක්වන බව ප්‍රකාශ කර ඇත.
සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතවරු මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
මැතිවරණ කොට්ඨාස මට්ටමින් තමන්ට සහාය දක්වන අනෙකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් සමග යළි හමුවීමක් පවත්වන බව මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇත.
මෙහි සම්බන්ධීකරණ කටයුතු සඳහා තුසිත හල්ලොලුව මහතා පත්කර ඇත.
COMMENTS
අපේක්ෂක තනතුරුත් එ.ජා.පෙන්ම ගන්න
මට හිතා ගන්න බැරි රටට මෙතරම් සේවයක් කල ඝෝඨාභය මහතාට වඩා රටට මෙවෙනතුරු කිසිම සේවයක් නොකළ සජිත්ට සහය දක්වන්න හේතුව මොකක්ද කියලා. කවුරුහරි කියනවානම් මෝඩ කතා නොකියා නියම දේශපාලන හේතු කියන්න අපට දැනගන්න
අවසාන තීරණය ගන්නේ රටේ ජනතාව මිස වෙන කවුරුත් නොවේ
හිටපු කියන්නේ පැරදුණු නැතිනම් ඉවත් කරපු කට්ටියනේ. ඒ ගොල්ලෝ දැන් වැලේ වැල් නැතුව ඉන්නේ රුපියල් දාහක් දුන්නත් ඕන පැත්තකට එනවා. අනික පැරදිලා කියන්නේ මිනිස්සු ඡන්දෙ නොදුන් නිසානේ? මේ කට්ටියගේ ඡන්දවත් ලැබෙයි කියලා සැලකුවොත් ඡන්ද 76ක් ෂුවර්...
"එක්සත් ජාතික පක්ෂයට නොව එක්සත් ජාතික පෙරමුණට" කියන එකත් හරියට අර "පොහොට්ටුවට නෙවේ හැබැයි ගෝඨාභයට" කිව්ව එකේ අනිත් පැත්ත වගෙයි...
එතකොට ගෝඨාගේ ඇමරිකා පුරවැසිකම නැවත ලබා ගන්නවද? මොකද එන පොට හොඳ නැහැ... අනුර කුමාරත් කිව්වා මාස දෙකයි දෙන්නේ රජයේ දේපල මුදල් හොරාකාපු සේරම බාරදෙන්න... අනේ මන්දා හිතන කොටත් බය හිතෙනවා.. මගුල් තුනක් ජයට කෑවා එක ළඟ... , දේවාලේ කපුවන්ට වෙනරටක පුරවැසිකම හදාගන්න වෙයි. කපුවාගේ ආරක්ෂාවට කවුරුත් නැහැ. සුමනදාස ඉන්නවදවත් කියලා තොරතුරක් නැහැ.. පව් අප්පා...!!!
ඒකනායක මොඩ්ල් කීයක් ඉන්නවද?
ඔය බංකලොත් අය ගෙම්බන් වගේ දෙපැත්තටම පනිනවා අවංක, බුද්ධිමත් ජනතාව අනුර කුමාර ප්‍රමුඛ ජාතික ජනබලවේගය මාලිමාව සමග එක්වෙමින් සිටිනවා..
බමුණෝ ගෝඨා සහ සහෝදර පිරිස කලේ මිනිස්සු මරපු එකයි, හොරකම් කරපු එකයි. ඒවාට මොලේ තියෙන මිනිස්සු කැමති නැහැ. බමුණා වගේ හරක් නම් කැමති වෙයි.
වැඩක් නැහැ. කොහොමත් රෙදි නැතුව තමයි ගෙදර යන්න වෙන්නේ... උස නම් සෙකියුරිටි, මිටි නම් කම්කරු...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තක්කඩියන්ට පාවා දීලා නායකයන් එම පක්ෂය විනාශ කරලම දැම්මා.
හොඳයි
පවුල් දහයක විස්සක ඔබලා කව්රු ඒ පැත්තට ගියත් ලක්ෂ ගණනින් ජනතාව ඡන්දය දෙන්නේ ගෝඨාටම තමයි.
ඇල්පිටිය වගේ පුංචි ඡන්දයකින් ජනාධිපතිවරණය තීරණය කරන්න බැහැ. මහින්ද මෙහෙම කියන්නේ පොහොට්ටුවේ ලොක්කා නිසයි...
ලේකම් කෙනෙක්ට විධායක ජනාධිපතිකමක් දරන්න ඇති සුදුසුකම් මොනවද? දේශපාලන පත්වීමක් තමයි මේ ලේකම්කමත් ඒවගේ කෙනකුට දෙන්න පුළුවන්ද? දන්නේ නැති නිසයි අහන්නේ...
මේ වගේ ගොන් තර්ක දාන්න ඉගෙන ගත්තෙ කොහෙන්ද. දන්නෙ නැති නිසයි ඇහුවෙ? ඉස්කෝලෙ යන්න ඕනෙ කාලෙ කැලේ පැන්නහම ඔහොම වෙනව තමා.
බර ගානක් ගෙවන්න ඇති..........
අතේ තියෙන සල්ලි ටික ඔහොම එක එක්කෙනාට බෙදල ඉවර කරගන්න එපා. අන්න ඇල්පිටියේ ප්‍රතිපල ඇවිත්. මේ විදියට බලපුවම අර එක වතාවක් වගේ තව කි කාලයක් අතින් කකා ඉන්න වෙයිද කියන්න බැහැනේ?
ගොටාජය
මන්ත්‍රීවරුන්ගේ නම් කියන්න...
ඔය ඉන්නේ තමන්ගේ ගෙදරම තියාගෙන හිටපු සතුරන්. මුන් තමා ගෙදර වෙන හැම දෙයම යු එන පීයට පාවා දෙන එවුන් . මුන්ව ශ්‍රී ලංකා පක්ෂෙන් පන්න දමාන්න
ගෝඨාබය ඉන්න කලේ කරපුවා අපි හොදට දන්නවා මොකද හමුදාවේ අයට දීපු වාදයක් කණු සුද්ද කර එක අපිට නම් මතකයි
මංගල සමරවීරගේ ගෙදරදී පැවැත්වුන මාධ්‍ය සාකච්ඡාවකදි ඔබතුමාගේ ශ්‍රී මුඛයෙන් කියනවා ඇහුනා " ජනාධිපතිතුමාගේ සහ චන්දිකා කුමාරණතුංග මැතිනියගේත් සහාය ලබාගන්න එක ඔන්න මෙන්න" කියල. "එහෙම වුණොත් දිනලා හමාරයි" කියල කවුදෝ කිව්වා අහුනානේ නැද්ද මහත්තයෝ.
හුරේ... සජිත්ට ඡන්ද 76ක් එකතු කරන්න පුළුවන්... සල්ලි අරන් පිම්මවල් පනින තරමට එ් අයට ඡන්දෙ දුන්නු අය පනින්නේ නෑ...
76 ක්... ඔය ආරම්භය අවසන් වෙන්නේ ලක්ෂ 10කටත් එහා ඡන්ද අරන්...