(නිමන්ති රණසිංහ)
කොරෝනා රෝග ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණීන් පනවනු ලැබ ඇති ඇඳිරි නීතීය විටින් විට ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.
ඇඳිරි නිතීය විටින් විට ඉවත් කරන මෙරට ඇතැම් ප‍්‍රදේශවල සමාජ දුරස්ථකරණය 50%කට වඩා අඩු මට්ටමකට පහත වැටී තිබීම ඉතාමත් භයානක තත්ත්වයක් බවත්, සමාජ දුරස්ථකරණය 80% කට වඩා වැඩි මට්ටමේ පවත්වා ගැනීම සදහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග දිවයින පුරා ම කි‍්‍රයාවට නැංගවිය යුතුව ඇති බවත් එම සංගමය පවසයි.
එසේම, පවතින ගෝලීය වසංගත තත්ත්වය පාලනය වනතුරු කිසිසේතම මෙරට ගුවන් තොටුපල හා වරායන් විවෘත නොකළ යුතු බවට ද නිර්දේශ කරන එම සංගමය, වසංගත විද්‍යානුකූල අනාවැකි අනුව ශ්‍රී ලංකාව තුළ දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග මධ්‍යයේ වුවද රෝගීන් උපරිමයෙන් වාර්තා වීම ලබන අපේ‍්‍රල් මස අග දක්වා සිදුවිය හැකි බවද සදහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය සියලුම සාමාජික රටවලට දැඩි ලෙස අවවාද කරමින් නිකුත් කර ඇති කි‍්‍රයාමාර්ගයක් වන 80%කට වඩා වැඩි ප‍්‍රමාණයකින් සමාජ දුරස්ථකරණයක් තහවුරු කිරීමට නම්, ඇඳීරි නිතීය විටින් විට ඉවත් නොකිරීමට පියවර ගත යුතුව ඇතැයි ද එම සංගමය වාර්තාවක් මගින් රජය දැනුම්වත් කර ඇත.
ශ්‍රී ලංකාව තුළ සමාජ දුරස්ථකරණය මට්ටම් තුනක පවතින බවට පෙනී යන අතර, සම්පූර්ණයෙන්ම හුදකලා කරන ලද ගම්මාන හා නගරවල සමාජ දුරස්ථකරණය 90%කට වඩා වැඩිවිම ඉතා සතුටුදායක බවත්, දැඩි අවධානම් කලාප ලෙස සලකා ඇ`දිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන ප‍්‍රදේශවල සමාජ දුරස්ථකරණය 70%කට වඩා වැඩිවීම සතුටුදායක බවත් එම සංගමය පවසයි.
එසේම, තාවකාලික පියවරක් ලෙස ඇඳීරි නිතීය විටින් විට ඉවත් කරන ප‍්‍රදේශයන්හි සමාජ දුරස්ථකරණය 50%කටත් වඩා අඩු මට්ටමකට පහත වැටීම ඉතාමත් දුර්වල මෙන්ම භයානක තත්ත්වයක් බවද එම සංගමය පෙන්වා දෙයි.
සමජ දුරස්ථකරණය 80%කට වඩා වැඩි මට්ටමක පවත්වා ගැනීම සදහා ගත යුතු කි‍්‍රයාමාර්ගයක් ලෙස සියලූ පුරවැසියන් හැකිතාක් දුරට තම නිවස තුළටම වී සිටීමේ වැදගත්කම නිරන්තරෙයෙන් අවධාරණය කිරීම, බැංකු කටයුතු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධමය අවශ්‍යතාවයන් නිවස තුළටම ළඟා වන ක‍්‍රමවේදයන් ශක්තිමත් කිරිම, විටින් විට ඇ`දිරි නිතීය ලිහිල් කිරීම වහාම නැවැත්වීම, දිස්ති‍්‍රක් අතර සංචරණ හැකිතාක් දුරටත් අවම කිරීම, රෝග ව්‍යාප්තිය රටපුරා සිදුකළ හැකි පරිදි ජනතාව එක් රැස් වන අධි අනතුරු දායක ස්ථාන පිළිබද දැඩි තින්දු තිරණවලට එළැඹීම යන තීරණ ගත යුතුව ඇතැයි ද එම සංගමය රජයට අවධාරණය කරයි.
විශේෂයෙන්ම ආර්ථික වෙළඳ මධ්‍යස්ථාන (දඹුල්ල), ධීවර වරායන් (තංගල්ල තුඩා වැල්ල ධීවර වරාය සහ මීගමුව ලෙල්ලම) , මැනිං වෙළඳ පොළ ඇතුලූ ප‍්‍රධාන වෙළඳ මධ්‍යස්ථාන මෙන්ම තේ කර්මාන්ත ශාලා යනාදිය අධි අනතුරු දායක ස්ථාන පිළිබද අවධානය යොමු කිරිම ඉතාමත් වැදගත් බවද එම සංගමය පවසයි.
රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව විසින් පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබඳ එනම් නිවැරදිව අත් සේදිම ආදියට නිරන්තර අවධානය යොමු කිරිම මෙන්ම පොදු ජනතාව විසින් මුඛ ආවරණ පැළදීම පිළිබඳව දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති උපදෙස් නැවත සමාලෝචනය කිරිම සඳහා කාලය එළැඹ ඇති බවද එම සංගමය අවධාරණය කර සිටියි.
පොදු ජනතාව මුඛ ආවරණ නිවැරදි ලෙස භාවිත කිරීම හේතුවෙන් දැනට ශි‍්‍ර ලංකාව තුළ මෙම රෝග ව්‍යාප්තිය පාලනය කිරගත හැකිබව විශේෂඥයින් පෙන්වා දී ඇතැයි ද සදහන් කරන එම සංගමය, මේ පිළිබඳව සමාලෝචනය කිරිම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ ප‍්‍රධානත්වයෙන් තාක්ෂණීක කමිටුවක් කැඳවිය යුතුව බව ද බලධාරින්ට දැනුම් දී ඇතැයි ද සදහන් කරයි.
ඉදිරියේදී සමාජය තුළ රෝගය පැතිරීමේ අවදියට ඇතුලූ වුවහොත් ඒ සදහා මුහුණ දීමට රෝහල්වල භෞතික හා මානව සම්පත් ධාරිතාව වැඩි කර ගැනීම අත්‍යවශ්‍ය බවත්, ඒ සදහා දැඩි සත්කාර ඒකක ඇදන් ප‍්‍රමාණය වැඩි කළ යුතුව ඇති බවත් එම සංගමය පවසයි.
කොරෝනා රෝගයට ප‍්‍රතිකාර කිරීම සඳහා විශේෂිත රෝහල් ස්ථාපිත කර තිබුණද, අධි වසංගත තත්ත්වයකට මුහුණ දීම සදහා ඒවායේ ධාරිතාව කිසිසේත්ම ප‍්‍රමාණවත් නොමැති බවත්, මේ සදහා වඩාත් ගැලපෙන මධ්‍යස්ථානයක් ලෙස කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය රෝහල යෝජනා කරනු ලබන බවත් එම සංගමය සදහන් කරයි.
පසුගිය දින කිහිපය තුළ ඇතැම් රෝගීන් සත්‍ය වසන් කිරිම නිසා දිවයිනේ රෝහල් හතරක (මීගමුව, ශ්‍රී ජයවර්ධනපුර, කලූබෝවිල, රාගම සහ ද සොයිසා රෝහල) වෛද්‍යවරුන් ඇතුලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සැලකිය යුතු ප‍්‍රමාණයක් නිරෝධායනයට යොමුවී ඇති බැවින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල දැඩි හිඟයක් ඇතිවිය හැකි බවද එම සංගමය පවසයි.
කොරෝනා රෝගීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් (ස්පර්ශකයින්) හදුනාගෙන ඔවුන් නිරෝධානයට ලක් කිරිම මෙන්ම, ප‍්‍රතිදේහ හදුනා ගැනීමේ පරීක්ෂණය මගින් එනම් විනාඩි 15ක් වැනි කෙටි කාලයකින් රෝගය තහවුරු කර ගැනීමේ ක්‍රමවේදය අප රටට ද හදුන්වා දීමේ හැකියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ ප‍්‍රධානත්වයෙන් රැස්වන තාක්ෂණීක කමිටුවේදී සාකච්ඡා කිරිමට බලා පොරොත්තු වන බවද එම සංගමය වැඩිදුරටත් පවසයි.
කොවිඞ් 19 රෝග තත්ත්වය රට තුළ පාලනය කිරිම සදහා තමන් විසින් පෙන්වා දි ඇති කරුණු තවදුරටත් ප‍්‍රමාද නොකොට කි‍්‍රයාත්මක කිරිම ඉතාමත් වැදගත් බව ද මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම ගානේ ලංකාවේ පුරවැසියන්ට එන්න ඉඩ දීල, ඒ සැක අයව දින 14 නිරෝදනයට යවන්න.
මේ ගොල්ල කියන විදිහට කොරෝන මර්ධනය කරන්න ගියොත් , රටේ අනිවාර්යයෙන්ම විශාල දුර්භික්ෂයක් ඇති වෙනවා. අතේ තිබෙන මුදල් ටිකෙන් අපි දැනට ජිවත් වෙන්නේ... ඉදිරියට ඔක්කොම වහල දැම්මොත් අපේ රැකියා සියල්ල නැති වේවි... දැන් කඩවල බඩු ගන්න ගියහම සමහර දේවල් නැහැ. රජයෙන් දෙනවා කියන සහන අපට ලැබෙන්නේ නැහැ. අපිව සති දෙක තුනක් නිවාස අඩස්සියේ දැම්මොත් අපි ජිවත් වෙන්නේ කොහොමද ?
කොච්චර ඇඳිරි නීති දැම්මත් වැඩක් නෑ... අපේ රටේ මීහරක් ටික ඔක්කොම පාරවල්වල වෙනද ඩබල් දාල ගිය මෝටර් සයිකලේ දැන් යන්නෙ ට්‍රිබල් දාලා කොහේ යනවද කියල හිතාගන්න බැහැ. මෙ තත්වය වැලිගම පොලිස් වසමේ උපරිමයි පෙරෙදා ssp කාර්යාලයටත් දැනුම් දුන්නා. අද 119ටත් දැනුම් දන්නා... ඒත් කිසිම වැඩක් නැහැ...
කොහොමහරි ගුවන් තොටුපළ වහලා දාලා තියන්න. ඒ වගේ මෙ හාබර් එකත්...
බද්රානි නෝනට මේව වහ කදුරු වගේ ඇති..
නාගරික මහල් නිවාස පිළිබඳ අවධානය මීට වඩා වැඩි විය යුතුයි. නිවෙස්වල වෙළඳසැල් පවත්වාගෙන යන අතර ඒවා කිසිඳු බාධාවකින් තොරව දවස පුරා විවෘතව ඇත. මෙහි වාසය කරන බොහෝ දෙනාට ඒ පිළිබඳ ලොකු අවබොධයක් නැත .හැම විටම පොකුරු ගැසී සිටිනු දැකිය හැක. වහාම පියවර ගන්න.
කොච්චර කිව්වත් ලංකාවෙ සමහර අය අහන්නෙ නැහැ. ඔවුන් තමයි මෙක ව්‍යාප්තියට මූලික හේතුව... ප‍්‍රායෝගික ගැටලු තිබුණත් මෙත්මන්ලා කිව්වා වගේ ලංකාව සති 2කට ලොක් ඩවුන් කළා නම් හරියට හරි...
GMOA එක තමයි අපේ සයිටම් එක වහන්න රජයට බල කලෙත්. ඒකෙන් වෛද්‍ය උපාධිය උසස් පෙල සමතුන්ට පමණක් සීමිත වරප්‍රසාදයක් බවට පත් වුණා. මෙයාල කියන කියන දේ කරන්න ගියොත් හොඳට හිටියි.
තවද , අත්හදා බැලීමේ මට්ටමෙන් ඇති බෙහෙත් අපේ ජනතාවට දීම වහාම නවත්වන්න. මුදල් වලට ජාතික අපරාදයක් කිරීමටද යන්නේ?
දැන් ඔය මෙතන බොරුවට, එයාර් පෝර්ට් එක වහලා කිව්වට ලන්ඩන් ඉඳලා දිනපතාම ෆ්ලයිට් එකක් එනවනේ. මේ ගැන සංගමය මොකද කියන්නේ?
"ඇවිගන්" බෙහෙත අත්හදා බලන්න නම් කියාපු ජාතිය තමයි මේ? අර එංගලන්තෙන් පැමිණෙන ගුවන් යානයක් ගැන කියන කතාව ඇත්තද? දන්නා කෙනෙක් ඇත්නම් ඒ ගැන පැහැදිලි කරන්න.
ඔවු... එදාවේල හොයාගන කන දුප්පත් මනුස්සයට අවශ්‍ය කෑමබිම බෙහෙත් ටික ගෙදරට ගෙනත් දෙනව නම් ජල විදුලි බිල්පතට යම් සහනයක් දෙනව නම්..., නය වාරික ගෙවන්න සහන කාලයක් දෙනව නම් මිනිස්සු මාසයක් වුනත් ගෙදර ඉඳීවි..., නමුත් මේ වනතුරු වැඩේ හරියට කෝඩිනේට් නොවන එක ප්‍රශනයක් වෙලා.
එකපාරක් රජයට නිර්දේශ දාල සයිටම් එක වහලා දැම්මා. ඒකෙන් මේරටේ උසස් පෙල පාස් නැති කාටවත් වෛද්‍යවරයෙක් වීමේ අවස්ථාව අහිමි කලා. වෛද්‍ය සංගමය කියන්නෙ වෘත්තීය සමිතියක්. රජයට දැඩි නිර්දේශ දාන්න මෙයාලට බලය දුන්නෙ කවුද?
රටේ තීරණ ගැනීමට වෙනත් පාර්ශව ගණනාවක් සම්බන්ධ විය යුතුයි. නිර්දේශ නම් ඕන තරම් දිය හැකියි. සාමාන්‍ය එදිනෙද කටයතු කදවෙටීමෙන් සිදුවන අනර්ථය පිරිමැසිය නොහෙකි වනු ඇත. එසේම අනෙකුත් රෝග සදහා ප්‍රතිකාර ගෙනීම් ප්‍රමාද වීමෙන් කොරෝන වලට වඩා මරණ සිදු විය හැකිය. මේ වගේ කියන කියන එක කලොත් සියලුම පාර්ශව දුෂ්කරතාවයට පත් වීම ඉතා භයානකයි. ලෙඩා මලත් බඩ සුද්දෙන් නියාය හරියන්නේ නැහැ. ඕනෙම ලෙඩකින් කොටසක් මෙරෙනවා... ඩෙංගු වලට මෙවැනි අවදානයක් දුන්නේ නැහැ.