
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මහරගම ඇරැව්වල ධර්මපාල විදුහල් ක්‍රීඩාංගණයේදී 17 හැවිරිදි පාසල් සිසුවෙකුට පපුවට වායු රයිෆලයකින් වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියකට වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.
තුවාල ලද සිසුවා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත
තුවාල ලද සිසුවා මිතුරන් කිහිපදෙනකු සමග ඊයේ (22) සවස ධර්මපාල ක්‍රීඩාංගනයේ ක්‍රිකට් සෙල්ලම් කරමින් සිට ඇති අතර බෝලය සැකකරුගේ වත්තට ගියා යැයි උරණව මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා මහරගම පිළිකා රෝහලට අනුයුක්ත අයෙකි .
COMMENTS
ජනතාවගේ බදු මුදලින් ඉගෙන ගෙන ජනතාවටම ශෝ පෙන්නන මෝඩ මිනිස්සු වැඩි හරියක් නැති ලොකුකමක් මවාපානවා...
මගේ වත්තට ආවා නම් මාත් කරන්නේ ඕක...
මේ වගේ අයගෙන් බෙහෙත් ගන්න ලෙඩ්ඩුන්ට දෙවි පිහිටයි.
අප කණගාටු වෙනවා මෙවැනි "කොන්දොස්තර" කෙනෙකුට බස්රථයක ටිකට් ලබාදෙන රැකියාවට පුරුදු පුහුණු කිරීමට... මහජනතාවගේ මුදල් වියදම් කිරීම පිළිබඳව... එලෙසම අපගේ අනාගත දරු පරපුරද අනුන්ට කරදරයක් නොවෙන ලෙස තම ජීවිතය ගෙනයාමට කුඩාකල සිටම පුරුදු වියයුතුය යන්නද කීමට කැමැත්තෙමු.
අනවසරයෙන් වත්තට පැන්නොත් මම නම් ඔලුවටම තියලා දානවා.
මෙයා දොස්තරයෙක් වෙන්න බැහැ. මෙයාට ළමා කාලයක් තිබිලා නැද්ද? මේ වැඩේ කළේ. දැන් ඉන්නේ දොස්තරවරු නෙමෙයි පිස්සෝ. මෙයා මිනිස්සුන්ටත් මොනවා කරනවද දන්නේ නැහැ. පොඩ්ඩක් මේ අයගෙන් ලෙඩුන් බේරා ගැනීම රජයක යුතුකමකි.
ළමයෙක් බෝලයක් ගන්න ආවාම වෙඩි තියන්න. ඔලුවට වෙඩි තියන්න කියන්නේ සිංහල බෞද්ධකමද? කොවිඩ් නිසාවත් ජීවිතයේ හරය මොකක්ද කියලා තේරුණේ නැතිනම්... මෙහෙම කියන මිනිස්සු තමයි තුට්ටුවකට ඡන්දෙ විකුණලා කාබාසිනියා දේශපාලුවන්ව බලයට පත්කරන්නේ. රටයි, ජාතියයි මහ දවාලේ මංකොල්ල කන ඔලමොට්ටල දේශපාලකයෙකුට වෙඩි තියනවා කිව්වා නම් තව ටිකක් හරි අනුමත කරන්න තිබුණා. මේගොල්ලෝ ළමා කාලයේ අනුන්ගේ වතුවලට පැන්නේම නැද්ද? ලංකාවේ ඉන්නේ මේ තරම් මානසික රෝගීන්ද?
කරපු වැඩේ හරියටම හරි... අනවසරයෙන් වත්තට පැන්නොත් ඔලුවටම තියන්න ඕනේ.
මේ පෝස්ට් දැක්කාම ඔක්කොම ඉන්නේ චණ්ඩිනේ.
මෙහි සිදුව ඇති දේ සත්‍ය වශයෙන් සොයා බැලිය යුතුයි. හුදෙක් පන්දුවක් වත්තට යාම නිසා පමණක්ම මෙවැන්නක් සිදුවිය නොහැකියි.
කොරෝනා ලොක්ඩවුන් අස්සේ අනුන්ගේ වතුවලට පැන මායිම් වෙනස් කරන පුද්ලයින් මේ දිනවල ඉන්නවා. මෙවැනි අය ගැනත් පරිස්සම් වන්න.
මේ වෙඩි තැබීම සිදු කර ඇත්තේ වායු රයිෆල් එකකිනි. බැලූ බැල්මට බෝලය වත්තට වැටුණු පළමු අවස්ථාව මෙය විය නොහැක. මින් පෙරත් ළමයින්ට මේ පිළිබඳව අවවාද කළා විය හැක. දෙපාර්ශවයේ වැරදි ඇති බව පෙනේ...
මේ වෛද්‍යවරයාගේ ඉඩමත් පාසලට පවරා පාසලේ ක්‍රීඩා පිට්ටනිය පුළුල් කරන්න. ක්‍රීඩා පිට්ටනිය කුඩා නිසයි ඔහුගේ වත්තට බෝලය යන්න ඇත්තේ.
ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා යැයි රටේ ජීවත් වන පුද්ගලයන්ට හැඟේනම් වෙඩි තැබීමට හෝ අනුන්ගේ වත්තකට බලෙන් ඇතුල්වීමට අවශ්‍ය නොවනු ඇත. මෙයා නීතිය ගැන ලංකාවේ මිනිස්සුන්ට ඇති අවශ්‍යතාවයට තවත් එක් හොඳ උදාහරනයකි. මෙය නීතිය අතට ගැනීම නම් වේ. ජනතාවට නීතිය අතට ගැනීමට සිදුවන්නේ නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන තැනයි.
සාතන්ගේ පුතෙක්ද කොහෙද? දොස්තර ළමයගේ ළමාකාලය වැරැද්දක් තියෙනවා ඇති. පොතේ දැනුම විතරයි බුද්ධිය නැහැනේ.