
(නිමල කොඩිතුවක්කු)
මෝටර් රථ ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් වෙළඳපොළේ උග්‍ර වාහන හිඟයක් පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා පැවසීය.
වාහන අළෙවි අංගනවල මේ වනවිට ලියාපදිංචි නොකල වාහන 3000 ක් වත් නොමැති බවද පීරිස් මහතා සඳහන් කළේය.
ඇතැම් වාහන අංගන තුළ වාහන දෙක තුන වශයෙන් පමණක් ඉතිරිව ඇති බවත් ඉල්ලුම අනුව සැපයුම නොමැතිවීම හේතුවෙන් එම වාහන සඳහා සම්මත මිලක් නොමැති බවත් ඔහු කියා සිටියේය.
ජනතාව වැඩි වශයෙන් මිලදී ගනු ලබන සුසුකි වැගන් ආර්, ටොයටා පැසෝ, ටොයටා විට්ස්, ටොයටා සී. එච්. ආර්, හොන්ඩා වෙසල්, හොන්ඩා ග්‍රේස් රථ වෙළඳපොල තුළ උග්‍ර හිඟයක් පවතින බවද රන්ජන් පීරිස් මහතා පැවසීය.
ටොයටා ඇක්සියෝ, ටොයටා ප්‍රිමියෝ, ටොයටා රයිස් ආදී මෝටර් රථ කිහිපයක් පමණක් වාහන අංගන තුළ පවතින බවත් එම වාහන මිලද විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයිද ඔහු පැවසීය.
ඒ අනුව ටොයටා ඇක්සියෝ රථයක් රුපියල් ලක්ෂ 79කට වඩා වැඩි මුදලකටත්, ටොයටා ප්‍රිමියෝ රථයක් රුපියල් ලක්ෂ 100 කට වැඩි මුදලකටත්, ටොයටා රයිස් රථයක් රුපියල් ලක්ෂ 80 කට වැඩි මුදලකටත් අළෙවි වන බවද ඒ මහතා සඳහන් කළේය.
මෝටර් රථ ආනයනය කිරීමට රජය අවසර ලබා නොදීම හේතුවෙන් සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකිව, බැංකු ණය ගෙවීමට නොහැකිය වාහන අළෙවිකරුවන් විශාල මූල්‍ය අර්බුදයකට පත්ව ඇතැයිද ඔහු පැවසීය.
මේ හේතුවෙන් වාහන අළෙවිසැල් විශාල සංඛ්‍යාවක් වැසී ගොස් ඇතැයිද පැවසූ ඒ මහතා මේ සම්බන්ධයෙන් රජයෙන් සහනයක් බලාපොරොත්තු වන බවද පැවසීය.
මෝටර් රථ ආනයනය කිරීමට රජය අවසර ලබාදුන්නත් වාහන ගෙන්වා ගැනීම සඳහා තවත් මාස තුනක පමණ කාලයක්වත් ගතවනු ඇතැයිද ඔහු කීය.
මෝටර් රථ ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් ලියාපදංචි කළ වාහන මිලද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි.
කොරෝනා වයිරසය ව්‍යාප්තිය සමඟ ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ මෝටර් රථ ආනයනය කිරීම ඉකුත් මාර්තු 19 වැනිදා සිට අත්හිටුවීමට රජය පියවර ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එන්නේ අර 76 දෙනාට සැපවාහන ගෙන්වන එක සාධාරණීය කරන්න නේද.?
බොරු කතාවක්. එතකොට ටොයෝටා වාහන විතරද අඩුවෙලා තියෙන්නේ. බොරුවට වාහන හිඟයක් මවලා ගණන් වැඩිවෙලා තියෙන්නේ.
මෝටර් කාර් තියා ඉදිරියේදී මොටර් බයිසිකලයක් වත් මිලදීගන්න හැකිවේදැයි කියා සැකයක් පවතී
මොනවා වුනත් වැදගත් තීරණයක්.
ඔයාලගේ බිස්නස් පාඩු වුනාට අපිට කමක් නැහැ. කොටි ගණන්වල වාහන ගෙන්වලා ප්‍රදර්ශනාගාර වල තියාගෙන ඉන්නවා.
වාහන හිගයි කියන්නේ මිනිස්සු ඒවා ගන්න හොයන නිසා නේ.. ඒ කියන්නේ අපේ රටේ ගොඩක් මිනිස්සුන්ට කියන තරම් අහේනියක් නෑ... මේ වාහන හොයන වැඩි දෙනා බැංකු වල වැඩ කරන, නැත්තං ලොකු බිස්නස් කාරයො... මොකද බැංකු වල කට්ටියට ලෝන් අඩුවට දෙනවා... අනික බිස්නස් කාරයො කොම්පැණි කාරයො සේවකයන්ගේ පඩි කපලා පහුගිය මාස කීපය ඇතුලත හොඳ ගානක් හොයාගත්තා.... පහළ මධ්‍යම පන්තියේ මිනිස්සුන්ට තමා හතේ හත වැදිලා නන්නත්තාර වෙලා ඉන්නේ. වාහන තියා මාසේ ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුව ඉන්නේ.
අපි වගේ සංවර්ධනය වෙන රටකට මේ තරම් අලුත් වාහන ඕනේ නැහැ. වාහන ආනයනය සීමා කිරීමෙන් රටේ ආර්ථිකය මේ අසීරු මොහොතේ ශක්තිමත් කරගැනීමයි කල යුත්තේ.
දැන් නං ඇතිවෙලා තිබෙන්නේ හදිසි තත්වයක් නමුත් ලංකවේ මධ්‍ය පන්තියේ මිනිසුන්ට කාර් එකක් ගන්න තියා හිතන්නවත් බැරිවෙන විදිහට අදික බදු ගහල මිල වැඩි කලේ පහුගිය වහපාලන රජයේ ටික.
දුප්පත් ජනතාවට ඕවයින් වැඩක් නැහැ.
ඔක්කොම බොරු. මේ මිල තීරණය කරන්නේ සේල්ස් කරන අය.
බහුතරය පයින් යන්න කැමතියි. එයාලට රටයි ආගමයි තිබ්බහාම ඇති.
පරණ වාහන විකුනන්න හොදම වෙලාව මේක අලුත් වාහනයක් ගන්න පුළුවන් අඩුවට ඉස්සරහට, ලෝක වෙළද පොලේ වාහන මිල හොදටම පහත බැහැලා.
රට නිවැරදි මගක ගමන් කිරීමට ඇවැසිනම් අපි හැමෝටම යම් හෝ කැප කිරීමක් කරන්නට සිදු වෙනවා..... පලමුව අප තේරුම් ගත යුත්තෙ එයයි. වාහන ආනායනය කරන ව්‍යාපාරිකයන්ට මෙය ඉතාමත් අපහසු තත්ත්වයක්යැයි තේරෙනවා. නමුත් සමස්ථ රට සහ ආර්ථිකය ගැන සිතා ඔවුන්ටත් යම් කැපකිරීමක් සිදු කරන්නට සිදු වෙනවා. මේ මොහොතෙ අප කල්පනා කල යුත්තෙ අලුතින් වාහන පිටරටවලින් ගෙන්විම කෙරෙහි උනන්දු වීම නොව මෙම තත්ත්වය මතින් යම් සුභදායී සහ රට ආරථිකය ශක්තිමත් කරනා යම් සුභදායි මාවතක ආරම්භය සනිටුවහන් කර ගැනිමට උත්සාහ දැරීමයි.
වාහන වලට වඩා පොල් හිඟයි! - පාරට බැහැලා පොඩ්ඩක් බලන්න වාහන හීගයක් තියෙයිද කියලා!
අපේ රටේ මිනිස්සු හරි මෝඩයි ලක්ෂ 100 දීලා වාහනයක් අරගෙන සමහරවිට සතියට දෙපාරක් විතර ගමනක් යනවා.
අපගේ තාක්ෂණය වැඩිදියුණු කළ යුතු කාලය මෙයයි
ලංකාවේ කාර් මේනියාව උපත කාර් එකේ අලවලා තියෙන නම්බර් ප්ලේට් එක. තමන්ගේ නම්බර් ප්ලේට් එකේ අලුත් නම්බර් එකක් තියාගන්න ඕන කියන මෝඩ තෘෂ්ණාව තමයි සමාජ කාර් මෙනියාවේ මුල. මේක මානසික වෙළඳ උගුලක්. මේ උගුල ගලවන්න හරිම ලේසියි. මේකට කරන්න තියෙන්නේ, ID එක වගේ ජීවිතේටම එකම නම්බර් ප්ලේට් එකක් හැම කෙනාටම දෙන එක. කාර් එක පස්සේ විකුණන කොට, නම්බර් ප්ලේට් එක ගලවා ගන්නවා, අලුතෙන් ගන්න එකට හයි කරගන්න. බලන්න කාර් ආනයනය ස්වාභාවිකවම අඩුවෙලා යන්නේ නැද්ද කියලා. වාහන සම්බන්ධ මුළු සමාජ සංස්ථාවම 50% නිවෙනවා. බොරු පුච්චන් සමාජ ශෝධන කතා වලට වඩා, සමාජයට දැනෙන, සිත ඇතුළෙන්ම වෙනස් වීමක් නිවීමක් වෙනවා.
මෙයාලා තමයි ලොකුම හේතුව වාහනවල මිල වැඩිවෙන්න.
වාහන ගෙන්වන්නන්ගේ සංගමේ කට්ටිය එකතුවෙලා වාහන හදන්න කර්මාන්ත ශාලාවක් දාන්න. හැමදාම රටින් වාහන ගෙනල්ලා හරියන්නෙ නෑ.
මුදල් අතේ ඇති සුළු පිරිසකගේ උවමනාවට රටේ විනිමය අධික ලෙස වැය කරමින් වාහන ගෙන්වනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ ආර්ථිකය කඩා වැටී රට තවත් දුප්පත් අඩියකට වැටීම පමණයි සිදුවන්නේ. මේ රට ගොඩ ගැනීමට නම් කවදා හෝ මේ කැප කිරීම කළ යුතුයි ඒ සඳහා සුදුසුම අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ නිසා සමස්තයක් වශයෙන් රට ගැන සිතා ගත් මේ නිවැරදි තීරණය නැවත හැරවිය යුතු නැහැ.
මහ පාරේ අදික රථවාහන තදබදයක්.
මෙයාලා මේ වාහන සේල් කරන්න හදනවා. අපි කල්පනා කරන්නේ කොහොමද දවල්ට කන්න පොල්ගෙඩියත් ගන්නේ කොහොමද කියලා... ඒ තරමට ඒ ආර්ථිකය බිංදුවට බැහැලා තියෙන්නේ මෙපමණ කල් රටපාලනය කළ අය නිසා.
අවුරුදු 20 30 පරණ කබල් වාහන අපි ගන්නවා. ඒ මොඩල් එකේ බ්‍රෑන්ඩ් නිව් එකකට වැඩිය ගෙවලා, කුඩු වෙන්න හැප්පිලා කන්ඩෙම් වුණු වාහන කපලා පූට්ටු කරලා විකුණනවා. ඒ මදිවට එහෙම එව්වා ඇක්සිඩන්ට් ෆ්‍රී කියලා මේ රටට ඕඩර් කරලා අහිංසක මනුස්සයෙක්ට විකුණනවා. ඒවා කරන්නත් පුළුවන් මේ සිරි ලංකාවේ, පර්මිට් කියලා දෙයක් තියාගෙන, එක බලවත් පැළැන්තියක් විතරක් හොඳ වාහන ගන්නවා. ඒ වාහනයක් ගන්න යන මුදලම ගෙවලා සාමාන්‍ය මිනිහෙක් ආරක්ෂාව බිංදුවේ තියෙන ඉන්දියන් හුචක්කුවක් නැත්නම් ජපානේ හරි කොහෙන් හරි ගෙන්වන මීටර් කරකවපු, කපලා මූට්ටු කරපු ලඩි ගන්නවා..
රජයෙන් වාහන ගෙන්නුවොත් නරකද මේ සේල් ටික වහලා දාලා.
පොල් වලට වාගෙම උපරිම මිලක් මේ වාහන වලටත් ඕනෑ. නැතිනම් මේ මාෆියාව නවතින්නේ නැහැ.
තව අවුරුද්දකටවත් ලෝකය කොරෝනා රෝගයෙන් ගොඩ එන්නේ නැහැ. මිනිස්සු අතේ තියෙන සල්ලි ටික පරිස්සම් කරගත යුතුයි. වාහන සේල්වල වැඩකරන හිතවතුන් කිහිප දෙනෙක්ම කියූ පරිදි, සේල් අයිති මිනිස්සුම වාහන තමුන්ගේ පුද්ගලික ඉඩම් වල ගාල් කරගෙන සේල් වල වාහන නැති බව පෙන්වා අධික ලාභ ලබන්න උත්සහ කරනවා. ඉතිං සේවකයින්ට වැටුප් නොගෙව්වට අයිතිකාරයින්ගේ ගෙවල්වල unregistered වාහන ඕනෑතරම් තියෙනවා. කොහොම වුණත් වාහන 4ක්,5ක් ගන්න සල්ලි තියෙනවා නම් විතරක් වාහනයක් ගන්න. මොකද සල්ලි කියන දේ ඉතාම අමාරු යුගය මුළු ලෝකයටම එනවා. තවම ඒ අමාරු කාලය ආවේ නැහැ. ලෝකයේම ආර්ථිකය කණපිට ගැහෙන්න පටන් ගන්න තව මාස 8ක් විතර යනවා. එවිට හංගන් ඉන්න වාහන තිබුණාටත් වැඩිය මිලෙන් අඩුවෙනවා...
දැන් කාර්සේල් කාරයෝ හැසිරෙන්නේ වී හංගන හාල්මෝල් කාරයෝ වගේ... දැන් කරන්නේ අලුත් වාහන සඟවා, හිඟයක් තිබෙන බව මවාපෑමයි.
උග්‍ර වාහන හිගයක් කෙසෙ වෙතත් උග්‍ර වාහන තඩබදයක් නම් තියනවා
සල්ලි තිබෙනවා නම් දැන් වාහන ගන්නේ නැතිව ඉඩමක් බද්දට අරන්, මිනිස්සු ටිකක් දම්මලා කහ ටිකක් වවන්න.
ඔය කියන මිලගණන් වලට මිනිස්සු වාහන මිලදී නොගනිති. කියන තරම් වාහන වලට ඉල්ලුමක් නොමැත. සංචාරක ව්‍යාපාරය අඩපණ වුණු නිසා වාහන ඉල්ලුම පහළ බැස ඇත.