
(නිමල කොඩිතුවක්කු)
20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපීමට තීරණය කළ බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කමිටු ශාලා අංක දෙකෙහි පැවති සමගි ජන බලවේගය පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීන්දුව ගත් බවද ඔහු සඳහන් කළේය.
සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ තීන්දුවට පටහැනිව යමින්, විසිවැනි සංශෝධනයට පක්ෂව සහයෝගය දුන් පිරිසට එරෙහිව නීත්‍යානුකූලව විනය පියවර ගැනීමටද එහිදී තීන්දු කළ බවත් මහලේකම්වරයා පැවසීය. එමෙන්ම පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේ ක්‍රියාවලිය තුල එම පිරිස් සමගි ජනබලවේගයේ කණ්ඩායමින් වෙන්ව අසුන් පැනවීම උදෙසා කතානායකවරයා දැනුවත් කිරීමට එහිදී තීන්දු කළ බවත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.
කොරෝනා උවදුර සමනය වූ සැනින් පක්ෂයේ දීප ව්‍යාප්ත ප්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීමට එහිදී තීන්දු කළ බවද ඔහු පැවසීය.
ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව සමගි ජනබලවේගය ශක්තිමත් ජනතාවාදී බලවේගයක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
රනිල්ට ඇනීමේ දිට්ඨධම්මවේදනීය කර්මයද මේ පලදුන්නේ?
ඕවා කවදා වෙන වැඩද. කොරෝනා මේ කපේදී සාමාන්‍ය වෙන්නේ නැහැ
මෙච්චර ඉක්මනට?
දැන් කොන්ද පන තියෙනවද ? පැන්න නේද සූරයා කියලා හිතපු වීරයාගේ කට්ටිය .
දැන්වත් තේරෙන්නේ නැද්ද මේ අය කිසිදිනක විස්වාස කරන්න බැහැ කියලා.
පියානෝ වගේමයි පුතානොත්...
ඔක්කෝන්ටම කලින් පුතානෝගේ විහිළු කතා අඩු කරන්න. පැකනිල් වලින් 2වන වතාවටත් ඇන ගත්තා.
ඕවා කරපුවම විතරක් කියන්න. දේශපාලකයන් කවද්ද කියපුවා කලේ. තව ටික දවසකින් කියයි ආයෙ දෑත් ශක්තිමත් කරන්න ආවා කියලා. අන්තිමට මහජතාවට තමයි මොඩයට අන්දලා තියෙන්නෙ
රජවාසලේ වන්දිබට්ටකම් කරන්න යැව්වා නම් තමයි වඩා හොඳ? ඉතිරි වෙන කටුසහිත රාජ භෝජන එහෙමත් වලඳන්න හැකි වෙයිනෙ එතකොට...?
ඩයන නෝනා ටැලිපෝන් එක අයිති ඔබට නේද? යනවනම් ටැලිපෝන් එකත් අරගෙන යන්න.