( +++ ජයන්ත සමරකෝන්)
2020 වර්ෂයට අදාළ විශ්‍රාමික පදිංචි සහතිකය ලබාදිය යුතු කාලය හෙටින් (15) අවසන් වන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ විශ්‍රාමික සහතිකය තමන් පදිංචි කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන්ට අනිවාර්යයෙන්ම බාරදෙන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් විශ්‍රාමිකයන් වෙත මීට පෙර දැනුම් දී තිබිණි.
හෙටට පෙර (15) මෙම සහතිකය ලබානොදෙන සෑම විශ්‍රාමිකයකුගේම විශ්‍රාම වැටුප ලබන මැයි මස සිට අත්හිටුවන බවට ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් විශ්‍රාමිකයින් වෙත යවා ඇති එම ලිපියේ සඳහන් වේ.
සෑම රාජ්‍ය සේවක විශ්‍රාමිකයකුම අදාළ පදිංචි සහතික සම්පූර්ණ කිරීමේදී විශ්‍රාම වැටුප් අංක හා ජාතික හැඳුනුම්පත් අංකය නිවැරැදිව සඳහන් කළ යුතුවේ.
ලබාගන්නා සියලුම විශ්‍රාම වැටුප්වල අංක එක් පදිංචි සහතිකයක ඇතුළත් කළ යුතු අතර වැන්දඹු විශ්‍රාම වැටුපක් ලබන්නේ නම් මියගිය විශ්‍රාමිකයාගේ නම සඳහන් නොකර දැනට විශ්‍රාම වැටුප් ලබන්නාගේ නම පමණක් සඳහන් කළ යුතු බවද එම උපදෙස් පත්‍රිකාවේ දැක්වේ.
විශ්‍රාමිකයන් 640000ක් ඉක්මවා ලියාපදිංචි වී සිටින අතර ඔවුහු ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332ක් යටතේ සිය මාසික විශ්‍රාමික වැටුප ලබාගනිති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විශ්‍රාමික පදිංචි සහතිකය හෙටට පෙර නොදුන්නොත් මැයි මස සිට විශ්‍රාම වැටුප නෑ
ajith Friday, 14 February 2020 08:02 AM
මොකටද මේ සහතිකයක් දෙන්න ඕන විශ්‍රාම වැටුප ගන්න. ඒ වගේම තාම විශ්‍රාම වැටුප් ගන්න ප්‍රා.ලේ. කාර්යාලයට යන්න ඕනද? මේක බැංකු වලට දාන්න බැරිද. විශ්‍රාම වැටුප් ලබන අය පෝලිම් වල නිකරුනේ රස්තියාදු කරන එක වරදියි.