(බිමල් ශ්‍යාමන් ජයසිංහ)


විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස මහතා ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් සිටියදී එම වේදිකාව දෙසට ගල් ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් දෙදෙනා ගල්කිස්ස  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 7වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා  නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් බාරයට පත් වූයේ රත්මලාන රස්ටම් වත්ත පදිංචි 21 හා  40 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.