IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


වැල්ලව පොලිසිය වසා දමයි

( පුෂ්පකුමාර ජයරත්න )

කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වූ පොලිස් කොස්තාපල්වරියක් පැමිණි සාදයකට වැල්ලව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගි වීම හේතුවෙන් වැල්ලව පොලිස් ස්ථානයේ සේවය කරන සියළුම කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

මේ හේතුවෙන් අද (4) වැල්ලව පොලිසිය තාවකාලිකව වසා දමන ලද අතර එහි රාජකාරි කටයුතු සඳහා වෙනත් පොලිස් ස්ථානවලින් තාවකාලිකව පොලිස් නිලධාරීන් පිරිසක් අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව කුරුණෑගල උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

වැල්ලව, සීරාදුන්න ප්‍රදේශයේ පදිංචි කොළඹ පොලිස් ස්ථානයක සේවය කරන මෙම කොස්තාපල්වරිය තම මවද සමඟ සිය ගම් ප්‍රදේශයේ පැවැත්වූ සාදයකට සහභාගි වීමට පැමිණ ඇති අතර එම සාදයෙන් පසුව කොස්තාපල්වරියත්, ඇගේ මවත් රෝගාතුර වී ඇත.  ඔවුන්ගේ රෝග ලක්ෂණ සැක සහිත වූ බැවින් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව දෙදෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඒ අනුව එම සාදයටම සහභාගි වූවා යැයි කියන වැල්ලව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් සමඟ තවත් පිරිසක්ද ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

කොරෝනා ආසාදිත කොස්තාපල්වරිය තම මවද සමග කොළඹ පොලිස් ස්ථානයේ පිහිටි නිල නිවසක රැඳී සිටි බැවින් එහිදී ඔවුන් දෙදෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වන්නට ඇති බවට සැක කරයි.



අදහස් (1)

වැල්ලව පොලිසිය වසා දමයි

Nisha Friday, 04 December 2020 10:48 AM

වගකීම් දරණ මිනිස්සු මෙහෙමද හැසිරෙන්නේ...? රටේ මිනිස්සු බඩගින්නේ ඉඳගෙන වගකීම් ඉටු කරන්නේ නැහැ. මේ මිනිස්සු වගකීම් තියා නීතියවත් හරියට රකින්නේ නැහැ. කෝ මේ අයට නීතිය?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 624 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 827 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 358 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site