IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වැල්ලම්පිටිය පොලිස්ථානාධිපති සහරාන් කල්ලියට ඇප දීමේ ඇත්ත කතාව කියයි

(බිගුන් මේනක ගමගේ සහ තරිදු ජයවර්ධන) 
 
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට අයත් වැල්ලම්පිටියේ පිහිටි තඹ කම්හලේ සේවය කරමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් නවදෙනකුට අලුත්කඩේ අංක දෙක උසාවියේ මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පොලිස් විරෝධය නොතකා ඇප ලබා දුන් බවටත්, එය නඩු වාර්තාවේ සඳහන් කර නොමැති බවටත් චෝදනා කරමින් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාන මහතා අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් කර ඇත.
 
සැකකරුවන්ට ඇප නොදෙන ලෙස පොලිසිය කළ ලිඛිත හා වාචික ඉල්ලීම් නොසලකා ඇප ලබා දී ඇති බවටත් එහි ප්‍රතිඵලයක් ලෙස තමා ඇතුළු නිලධාරීන් කිහිපදෙනකුට එරෙහිව පොලිස් මූලස්ථා⁣නයේ විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවටත් හේවාවිතාන මහතා තම පැමිණිල්ලේ සඳහන් කර ඇත.
 
එම නිසා මේ සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් කරන්නැයි අධිකරණ සේවා කොම්සමෙන් ඉල්ලා සිටින බවද එහි සඳහන් වේ. සැකකරුවන්ට ඇප ලබා දීමට පොලිසිය දැඩි ලෙස විරුද්ධ වූ බවට මෙම නඩුවේම විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීවේදී පිටිගල කංකානම්ලාගේ දොං වසන්ත මහතා දිවුරුම් ප්‍රකාශයක් මගින් පවසා ඇතැයිද එම පැමිණිල්ලේ සඳහන් වේ. 

දුරකතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ කරන ලද විමර්ශනයේදී මෙම සැකකරුවන් සිම්පත් දෙකේ සිට අට දක්වා සංඛ්‍යාවක් ළඟ තබාගෙන ඇති බවත්, ඔවුන් අපරාධය සඳහා පැහැදිලි අවබෝධයෙන් කටයුතු කර ඇතැයි විමර්ශනයේදී පෙනී ගොස් ඇති බවත් අධිකරණයට වාර්තා කළ බවද පොලිස් ස්ථානාධිපතිවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.  

කොළඹ අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී උදය හේමන්ත මහතා පසුගිය අප්‍රේල් මස 21 දින රාත්‍රියේ කළ දැනුම්දීමක් මත වැල්ලම්පිටියේ පිහිටි කොලෝසස් නැමැති තඹ කම්හලට ආරක්ෂාව යෙදූ බවත් පසුව ඔහුගේ උපදෙස් මත පුද්ගලයන් නව දෙනකු පොලිස් බාරයට ගත් බවත් පොලිස් ස්ථානාධිපති ගාමිණී හේවාවිතාන මහතා සඳහන් කර තිබේ. 



අදහස් (36)

වැල්ලම්පිටිය පොලිස්ථානාධිපති සහරාන් කල්ලියට ඇප දීමේ ඇත්ත කතාව කියයි

අනිල් Tuesday, 14 May 2019 04:45 PM

කොහොමද අපේ නීතියේ ආධිපත්‍යය? ඔන්න ගරු අධිකරණය...

:       0       0

ගල්කටස් Tuesday, 14 May 2019 04:51 PM

එක බොරුවක් වහන්න බොරු 500ක් ගොතනවා. බලහන්කෝ බන් විත්තියේ නීතිඥයා දිවුරුම් ප්‍රකාශයකුත් දෙනවලු. මේ වගේ සුරංගනා කථා ගොතලා පුලුවන්ද මිනිස්සු රවටන්න..? මෙන්න අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරනවා නම්... කොහෙවත් නැති හාල් කෑලි අත්අඩංගුවට ගන්නේ නැතුව...

:       0       0

සෙනෙවි Wednesday, 15 May 2019 12:02 AM

රන්ජන් රාමනායක නිවැරදිද?

:       0       0

සිරිබිරිස් Wednesday, 15 May 2019 12:51 AM

රංජන් රාමනායකගේ නඩුවට සාක්ෂි එකතුවෙනවා.

:       0       0

sarath perth Wednesday, 15 May 2019 01:09 AM

මෙය බරපතල චෝදනාවක්... වැටත්, නියරත් ගොයම්කා නම් කාට කියමුද ඒ අමාරුව...?

:       0       0

Kumar Wednesday, 15 May 2019 01:48 AM

පොලිසියෙන් කරන ඉල්ලීම් සැමටම විනිශ්වරුන් එකඟ වෙන්න පොරෝදුවී නැත.

:       0       0

ගල්කටස් Wednesday, 15 May 2019 01:54 AM

ඇයි බන් මෙහෙම බොරු කෙළින්නෙ ..? විත්තියෙ නීතිඥ වරයාගෙන් දිවුරුම් ප්‍රකාශයක් මොකටද...? එකත් හරියට හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ. ඔයා හරියට රාජකාරිය කලානම් මහත්තයො මේක වෙන්නෙ නැහැ ..එක්කො ඔයා සල්ලි ගත්තා නැත්නමි කාගෙ හරි ඉහලින් ආපු අණක් පිළිපැද්ද..එකයි ඇත්ක..රටේ වගකිව යුතු අය පිස්සු නටන කොට සාමාන්‍ය ජනතාවට ගැන මොන කථාද...?

:       0       0

[email protected] Wednesday, 15 May 2019 02:28 AM

රන්ජන් රාමනායක නීතිය ගැන කියපු දේවල් මට සිහියට එනවා

:       0       0

Lapaya Wednesday, 15 May 2019 02:49 AM

උසාවි ගැන රංජා කියන කතාව ඇත්තක් වෙයි වගේ...

:       0       0

hira Wednesday, 15 May 2019 03:06 AM

මේවා කියවනකොට සිංහල ජනතාවගේ ලේ උණු වෙන එක අහන්න දෙයක්ද?

:       0       0

Hasanth Wednesday, 15 May 2019 03:19 AM

ඉතාම බරපතල තත්වයක්... ලෝගුව යටින් ඉන්න අය කවුද කියා සැකයි.

:       0       0

ගගන Wednesday, 15 May 2019 03:27 AM

නීති නීති කියල කටවහගෙන ඉන්න එක ඇත්ත. නමුත් දැන් මේ ඇප දුන්න මහේස්ත්රාත්ට දඬුවන් කරන්නේ කවුද? ඔහු පසුපස සිටිනා හස්ත කවුරුද කියා හොයා බලන්නේ කවුද ?

:       0       0

ගිහාන් Wednesday, 15 May 2019 03:54 AM

ප්‍රියන්ත ලියනගේ මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම් කොට බන්ධනාගාරයට යවන්න.

:       0       0

KANDEPOLA Wednesday, 15 May 2019 04:05 AM

මහේස්ත්‍රාත්වරයාට එරෙහිව වහාම පරීක්ෂණයක් ආරම්භ කල යුතුයි.

:       0       0

දිමුත් Wednesday, 15 May 2019 04:06 AM

ලැජ්ජයි....

:       0       0

athula Wednesday, 15 May 2019 04:52 AM

මෙතුමා කොච්ච්චර නින්දා අපහස වින්දද, පසුගිය දින කීපයේම, එ්ක තමයි කියන්නේ කලබල නොවී බුද්ධියෙන් විමසන්න කියලා... දැන් අර විනිසුරුට දෙන දඬුවම කුමක්ද? දාන්න ඕන හිරේ සදහටම...

:       0       0

Susantha piyal Wednesday, 15 May 2019 05:18 AM

රජය කෙරෙහි ජනතාවගේ විශ්වාසය, ගතවෙන සෑම මොහොතකම බිඳ වැටෙමින් තිබේ. ඇතිවී තිබෙන නොසන්සුන් තත්වයට හේතුව එයයි. මෙය පොලීසිය ඇතුළු නීති පද්ධතිය තුළ විශේෂයෙන් දක්නට ලැබේ. මාධ්‍යයට අනාවරණය වන්නේ සියයට 10කි. රජය නිසිලෙස කටයුතු කළේ නම් මේ සියල්ල වළක්වා ගත හැකිව තිබුණි. නමුත් ඔවුන් වගකීම් විරහිතව කටයුතු කර ඇත.

:       0       0

suraweera Wednesday, 15 May 2019 06:14 AM

අසාත් සාලි කියපු කතාවේ ඇත්තක් තියෙනවා වගෙයි..

:       0       0

සේන Wednesday, 15 May 2019 06:50 AM

මේ අනුව තම ඒකමතික බලය උසාවිය තුළ හසුරවමින් හිතුමතේ කටයුතු කළ නඩුකාරයාට නීත්‍යානුකූලව දඬුවම් ලැබේදැයි බලා සිටිමු. ඔවුනට රටට හෙන ගැහුවත් කම් නැත. ඔවුන් ජීවත් වන්නේ පටු මනෝ ලෝකයකය. අධි මාන්නය විසින් ඔවුන් මෙහයවනු ලබයි.

:       0       0

arshad Wednesday, 15 May 2019 06:56 AM

බොහෝමයක් නඩුකාරයෝ මුදලට නැවෙනවා. ජනාධිපති වහාම මේ ගැන හොයා නඩුකරුට අච්චු කළයුතුයි.

:       0       0

ranjan Wednesday, 15 May 2019 07:57 AM

ලංකාවට එරෙහි UN මුල් වෙඩිල්ල තියයි.. R2P සහිත පලමු නිවේදනය එයි.. ලංකාවට එරෙහි UN මුල් වෙඩිල්ල තියයි.. R2P සහිත පලමු නිවේදනය එයි.. ශ‍්‍රී ලංකාවේ ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය නිල වෙබ් අඩවියේ නිවේදනයක් දක්වා ඇත. ‘ආරක්‍ෂාව සදහා වගවීම’ යන්න ඇතුලත් හිසින් යුතුව එම නිවේදනය පල කර ඇත. බෞද්ධ බහුතරයක් වෙසෙන ශ‍්‍රී ලංකාව තුළ ඉස්ලාම්, කතෝලික ආදී අන්‍යාගමිකයින්ට ඒ ආගම් ඇදහීම සඳහා නිදහස තිබිය යුතු බවත්, ඒ සඳහා වන බාධා සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් නිවේදනයේ දැක්වෙයි. ශ‍්‍රී ලංකාව තුළ සුළු ආගමිකයන් අවදානමකට ලක්ව සිටින බව නිවේදනයේ සඳහන් වෙයි.

:       0       0

Ruwani Wednesday, 15 May 2019 08:00 AM

සම්පූර්ණයෙන්ම වැරදි නඩු කාරයා. මහජන වැටුප් ලබන කෙනෙක්.. කවුරුත් ඇත්ත කතා කරන්න බයයි. හරිම පුදුමයි... දෙවියන් නෙමෙයි. වැරදිකරුවන් තරාතිරම නොබලා කියන්න.

:       0       0

Sampath gamage Wednesday, 15 May 2019 08:17 AM

බැලුවාම අසාද් සාලිගේ කතාවේ මොකක් හරි ඇත්තක් තියෙනව කියල මටත් හිතුනා.

:       0       0

Perakum Wednesday, 15 May 2019 08:28 AM

කෙසේ වෙතත් මෙවන් වටපිටාවක ඇප දීම කිසිසේත්ම අනුමත කල නොහැක. මෙම මහේස්ත්‍රාත් වරයා පිළිබඳව විශේෂ විමර්ෂණයක් කලයුතු වේ. බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු විය යුතුය.

:       2       1746

sandy123 Wednesday, 15 May 2019 08:31 AM

හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලු.

:       1       178

samantha Wednesday, 15 May 2019 08:52 AM

අපේ රටේ පගාව ගන්නේ මොකාද කියලා හොයන්න බැහැ හැමෝම සුදු කර පටිකාරයෝ

:       3       302

sirimal Wednesday, 15 May 2019 08:59 AM

කිතුල් ගහට ගියකෙනාටත් කියන්න දෙයක් තිබ්බලු නේ. දැන් අපට අයි.එස්.අයි.එස් අමතකයි, සහරාන් අමතකයි, බුර්කා තහනම අමතකයි, ෂරියා විශ්ව විද්‍යාලය අමතකයි, අරාබි පාසල් අමතකයි, කඩු කිනිසි අමතකයි, වහාබ් වාදය අමතකයි, විල්පත්තුව අමතකයි, අරාබි කොලනි අමතකයි, බෝම්බ සේරම අමතකයි. දැන් කතාව පෙට්ටි කඩ ගිනිතියන එක ගැනයි. ඉතින් අපට හරියයිද?

:       54       97

anura Wednesday, 15 May 2019 09:02 AM

දැන් බලාගෙන ගියහම අසාත් සාලි කියපු කථාව ඇත්ත වගෙයි පෙනෙන්නේ!

:       0       6

kujitha Wednesday, 15 May 2019 09:05 AM

ඔය එන්නේ එලියට...

:       1       3

Roach Wednesday, 15 May 2019 09:14 AM

නගනන්ද මහතා හරියට හරි.....

:       0       0

sampath pathirana Wednesday, 15 May 2019 09:51 AM

මේවට කතා කරලා වැඩක් නෑ... ගොඩක් අධිකරණ වල තත්වය ඔහොම තමා

:       0       0

ගල්කටස් Wednesday, 15 May 2019 09:58 AM

මෙන්න බඩු අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න ඕනා ...විත්තියෙ නීතිඥයා ඇයි දිවුරුම් ප්‍රකාශයක් දෙන්නෙ ... ඇප දුන්න සියළු දෙනාගෙන් කට උත්තර ගන්න එවිට තිරය පිටු පස කවුද ඉන්න ලොක්කන් නිකම්ම එලියට ඒවි නේ...?

:       0       0

ruwan Wednesday, 15 May 2019 10:10 AM

ස්වාධීනත්වය පැහැදිලිවම පේනවා....

:       0       0

Perakum Wednesday, 15 May 2019 10:44 AM

ඇයි මතක නැද්ද, අපේ විල්පත්තුවා කිව්වා නේ අපේ පැත්තට මහේස්ත්‍රාත් වරුත් ඉන්නවා කියල.

:       0       0

ranjith Wednesday, 15 May 2019 11:02 PM

පොලිචේ නිලධාරීන්ට මේ අනුව චෝදනා කිරීම පදනම් විරහිතයි.

:       5       3

janahitha Sunday, 19 May 2019 12:49 PM

"පොලිචේ" මේ මොකක්ද බන් තවත් විච්චුම්බරයක්ද මේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 196 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 159 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 102 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 191 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2052 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 561 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site