IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


වාහන බලපත්‍ර මිල සීමාව ඉවතට

(රංජන් කස්තුරි)
 
රජයේ නිලධාරීන්ට ලබාදෙන වාහන බලපත්‍රය  අනුව ගෙන්විය හැකි වාහනවල උපරිම මිල සීමාව මෙවර අය වැයෙන් ඉවත් කර තිබේ.
 
එ අනුව වාහනයක් හිමි රාජ්‍ය  නිලධාරීන්ට ඕනෑම වටිනාකමකින් යුත් අති සුඛෝපබෝගි වාහනයක් ආනයනය කළ හැකිය. එහෙත් එම  නිලධාරීන්ට වාහන ආනයනයේදී ලබාදෙන උපරිම බදු සීමාව රුපියල් මිලියන තුනකට සීමා කර තිබේ.
 
මීට ඉහත රාජ්‍ය  නිලධාරීන්ගේ බලපත්‍ර මත ගෙන්වන වාහන වසර පහක් යන තුරු වෙනත් පාර්ශ්වයකට පැවරිය නොහැකි වූ නමුත් මෙවර අයවැයෙන් එම නීතිය ඉවත් කර ඇත.



අදහස් (15)

වාහන බලපත්‍ර මිල සීමාව ඉවතට

sarath Monday, 13 November 2017 03:35 PM

බදු ගෙවන පෞද්ගලික සේවකයින්ට කිසිම දෙයක් නැහැ. වාහනයක් ගන්න තිබුණු බදුත් වැඩි කරලා. අඩුම ගානේ සේවයට ඉක්මණින් තැලෙන්නේ, මිරිකෙන්නේ නැතිව යා හැකි පොදු ප්‍රවාහන පද්ධතියක් වත් ඇති කරන්න. අපි ගෙවන බදු මුදල්වලින් මේ මහබැංකු හොරුන්ට පුළුවන්ද?

:       487       1228

kumara Monday, 13 November 2017 03:56 PM

වෛද්‍යවරුන්ට යහපත් කාලයක් ලැබුවා.

:       35       792

sarath gunathilakaMonday, 13 November 2017 04:30 PM

දේශපාලුවන්ට යහපත් කාලයක් ලැබුවේ නැතෙයි ?

:       312       465

gayan Monday, 13 November 2017 04:30 PM

දුක යනු ආනයන අධෛර්මත් වෙන විදිහට ආණ්ඩුවේ සත පහක උදව්වක් අඩුම තරමින් ණයකින් වත් ගන්නේ නැතුව අපිම අවදානම අරන් නිෂ්පාදන සමාගම් හදලා, සේවකයන්ට රස්සා දීලා, විදේශ විනිමය රටට ගෙනල්ලා, ආදායම් බදු ගෙවලා කටයුතු කරන දේශීය ව්‍යාපාරිකයන්ටත් සමාගම් බද්ද 14%ක් කර කෙළවීමයි. වෙන එකක් තියා හරිහමන් වාහනයක් ගන්ඩත් නෑ ඒවටත් අහස උසට බදු ගහලා. දේශීය නිෂ්පාදකයන්ට සලකන්ඩ ඕනි ඔහොම තමයි. අපිට මෙහෙම කරලා මදි. මේ රටට සම්මා සම්බුදු සරණයි.

:       263       931

kumar (Galf) Monday, 13 November 2017 07:40 PM

පුටු රත්කරන රජයේ නිලධාරීන්ට, චැනල් වලින් කෝටි ගණන් හොයන දොස්තරලාට වාහන බලපත්‍ර, අවුරුදු 25 ක් තිස්සේ මැදපෙරදිග කට්ට කාලා රටට විදේශ විනිමය එවන අපිට හුලන් විතරයි, මේ අසාධාරණයට කතාකරන්න කවුරුවත් නැද්ද?

:       413       315

former government servent Tuesday, 14 November 2017 01:48 AM

දැනට දශක කිහිපයක්ම විවධ බලපෑම් මත අදක්ෂ කම්මැලි රජයේ සේවකයින් තොගයක් ම රජයේ සේවය ට ඇතුල් වෙලා.මොන පහසුකම් දුන්නත් කිසි වැඩක් නැහැ.අර 225 අතර වගේමයි.

:       2       203

sanju Tuesday, 14 November 2017 02:01 AM

දැන් නම් යස අගේට වාහන ගෙන්නලා විකුණා ගන්න පුළුවන්. දේශපාලුවන්ට සල්ලි හොයන්න තවත් ක්‍රමයක්. මංගල මොළ කාරය.

:       1       7

Upali Tuesday, 14 November 2017 02:28 AM

ප‍්‍රාඩෝ මොන්ටෙරෝ වැනි අති සුඛෝපභෝගී වාහනවලට අති විශාලා බදු පනවලා. සාමාන්‍ය ජනතාව හිතයි හොඳ වැඩේ කියල. ඒත් යථාර්ථය නම් මෙවැනි සුඛෝපභෝගී වාහන ගෙන්වීමට බලපත‍්‍ර හිමි දේශපාලකයින්ට එම බලපත‍්‍ර අතිවිශාල මුදලකට විකුණාගෙන මුදල් ඉපයීමට අවස්ථාවක් සළසා දී තිබීම තමයි.

:       0       5

BamunuarachchiWednesday, 15 November 2017 10:44 AM

පුදුමයි ඔබේ හෑල්ලම හරි.. මමත් ඔයටිකම ලිව්වා.

:       0       0

දිලුම් Tuesday, 14 November 2017 03:23 AM

ඔය කවුරුත් බය වෙන්න එපාග කොච්චර වටිනා වාහනයක් ගෙනාවත් බද්ද නිදහස් වෙන්නේ රැ.මි 3යි. ඒ කියන්නේ ඉතිරි සියල්ල රජයේ සේවකයා ගෙවන්න ඕන. ඉතිං මේ හම්ිබන සොච්චම් පඩියෙන් ඒ තරම් ඉතුරුවක් කරන්න මේ රටේ ඉන්න රජයේ සේවකයට බෑ (දොස්තරල හැර) කියන එක සක් සුදක් සේ පැහැදිලි. මේවා මිනිස්සු අන්දන්න හිත සනසන්න ගහපු ගැට ඒ නිසා කවුරුත් කලබල වෙන්න එපා අයවැය කියන්නේ අල්ලන්න බැරි මිරිගුවක් විතරයි

:       0       3

manoj Tuesday, 14 November 2017 04:40 AM

මැද පෙරදිග රට වල දුක් විඳලා සල්ලි ලංකාවට එවන අපි වගේ අයටත් වාහන සහනයක් දෙන්න මහත්වරුනි. අපිද ශ්‍රී ලාංකිකයෝය.

:       0       113

gayan Tuesday, 14 November 2017 05:09 AM

මෙතන බොරුවක් කරලා තියෙන්නේ. සීමාව නැති කරාට කලින් තිබ්බු බදු වාසියත් මිලියන තුනට අඩු කරලා. වටිනා වාහන ගෙන්නුවට වැඩක් නෑ.

:       0       50

sathya Tuesday, 14 November 2017 06:56 AM

සිහිකල්පනාවෙන් කියවල හිටන් අදහස් දක්වල තියෙන්නේ ගයාන් විතරයි වගේ.යන්නේ කොහෙද, මල්ලේ පොල්.නුවණ පාවිච්චි කරලා ඡන්දයෙන් කරන්න පුළුවන් දේ නොකර, දුක් ගනිවිලි කියනවා. .පර්මිට් වලින් වටිනාකම වැඩි වාහන ගෙන්නන්නේ කවුද මිලියන තුනකට සීමාව දැම්මම?

:       0       2

donTuesday, 14 November 2017 03:47 PM

ඇයි තේරෙන්නේ නැද්ද වාහනයක් ගන්න බැරි කෙනෙක්ට මේක මොන තරම් ලේසියෙන් විකුණගන්න පුලුවන්ද කියලා.. කාට හරි ඕනෑම ලොකු වාහනයක් මෙහෙම කෙනෙක්ට කියල ලක්ෂ 30 ක් අඩුවෙන් ගෙන්න ගන්න පුළුවන් කියලා.

:       0       19

SathyaWednesday, 15 November 2017 04:38 AM

මේකයි යාළුවා මෙතන වෙලා තියෙන්නේ.මුලින් තිබ්බ තත්වය අනුව කෙනෙක් පෙර්මිට් එක විකුණන කෙනෙක්ගෙන් සල්ලි දීල අරගෙන ඔබ කියන විදියට වාහනයක් ගන්නවා ඩොලර් 25000ක(රු 3850000) හෝ ඊට වැඩි සහනයක් එක්ක.නමුත් දැන් තියෙන තත්වය අනුව වෙලා තියෙන්න උපරිම ලක්ෂ 30ක වාසියක් ලැබෙන්නේ.කෝටි ගණක එකක් ගත්තත් සහනය ලක්ෂ 30. එතකොට වෙලා තියෙන්නේ පැවති සහනය කප්පාදුවක් කරලා පර්මිට් සල්ලි දීල ගන්න එක අධෛර්යමත් කිරීමක්.උදා.ඔයාට 65%ක වට්ටමක් එක්ක ෂොප් එකකින් 50000ක් දක්වා බඩු ගන්න දුන්න අවස්ථාවක් කපා හැරලා,රු.20000ක් වෙනකන් විතරයි වට්ටම දෙන්නේ ලක්ෂ ගානක වුනත් බඩු අරන් යන්න කියනවා වගේ වැඩක්. එත් තේරෙන්නේ නැත්නම් පර්මිට් හෝල්ඩර් කෙනෙක්ගෙන් අහන්න.

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 95 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 359 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 372 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site