( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
තමා ඇතුළු එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීම වලක්වාලන වාරණ නියෝගය ලබා දීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය ලබා දුන් තීන්දුව බලරහිත කරන්නැයි ඉල්ලා සමගි ජනබලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ අභියාචන පෙත්සම ලබන 06 වැනිදා සලකා බැලීමට සිවිල් අභියාචනාධිකරණය අද (02) නියම කළේය.
එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීම වලක්වාලන වාරණ නියෝගය ලබා දීම ප්‍රතික්ෂේප කරමින් ඉකුත් 22 දිසා අධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් සමගි ජනබලවේගයේ නායක රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ එම පෙත්සම සිවිල් අභියාචනාධිකරණය විනිසුරු ලෆාර් තාහීර් සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන් හමුවේ සලකා බැලිණි.
එම අභියාචන පෙත්සම් සිවිල් අභියාචනාධිකරණය හමුවේ කැදවු අවස්ථාවවේදී වගඋත්තරකාර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රෝලන්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ පෙත්සම සම්බන්ධයෙන් නොතීසි තම සේවාදායකයින්ට ලැබුනේ ඊයේ දිනයේ බැවින් පෙත්සම් සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට තමන්ට කල් අවශ්‍ය බවය.
කරුණු සලකා බැලූ සිවිල් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම අභියාචනා පෙත්සම් සලකා බැලීම ලබන සදුදාට කල් තැබිණි.
අභියාචන පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඉක්‍රාම් මොහොමඩ් මහතාද , වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රෝලන්ඩ් පෙරේරා මහතා පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වාරණය නොදුන්නාට එරෙහිව රංජිත් මද්දුම බණ්ඩාර ඉහළ අධිකරණයට යයි
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 02 July 2020 09:51 AM
ඡන්දය අතළඟ... මේ දෙගොල්ලන්ම උසාවිය ළඟ... ඡන්දය දෙගොල්ලන්ම දිනාවි වගේ...