IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ව්‍යාපාරිකයාගේ නිඳන ඇඳේ සඟවා තිබූ ගිනි අවිය අතුරුදන්

(කේ.බුද්ධික කුමාරසිරි )

ඉඩම් හිමි වැවිලිකරුවෙකු වන ව්‍යාපාරිකයෙකුට අයත් බලපත‍්‍ර සහිත විදේශීය රටක නිශ්පාදිත ගිනි අවියක් සමඟ උණ්ඩ තොගයක් මාලබේ පිහිටි සිය නිවසේ තිබියදී කිසිවෙකු  සොරා ගෙන ඇතැයි අදාල ව්‍යාපාරිකයා  අද (09)  පැමිණිල්ලක්  කළ බව අතුරුගිරිය පොලිසිය පවසයි

අදාල ව්‍යාපාරිකයා සිය බිරිඳ සමඟ  ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි සිය දරුවන් බැලීම සදහා ගොස් මාසයකට පමණ පසු නැවත මෙරටට පැමිණ නිවසට ගොස් ගිනි අවිය සොයා බැලීමේදී නිදන ඇඳෙහි  ආරක්ෂිත ස්ථානයක සඟවා තිබූ මිලි මීටර් 9 වර්ගයේ ටැන්ගෝලියන් ගිනි අවිය සහ උණ්ඩ 10 කින් යුත් මැගසිනය කිසිවෙකු විසින් සොරා ගෙන බව දැන ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව අතුරුගිරිය පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ ගිනි අවිය තිබූ ස්ථානයේ සටහන්ව ඇති ඇඟිලි සලකුණු සහ අසල ප‍්‍රදේශවල සවි කර ඇති ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ ලබා ගන්නා සාක්ෂි මත අදාල සැකකරු අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කළ බවද අතුරුගිරිය පොලිසියේ උසස් නිළධාරියෙකු  සඳහන් කළේය.



අදහස් (2)

ව්‍යාපාරිකයාගේ නිඳන ඇඳේ සඟවා තිබූ ගිනි අවිය අතුරුදන්

Bamunuarachchi Sunday, 09 September 2018 06:00 AM

මෙයා කොපමණ කොපමණ අපරික්ෂාකාරී කෙනෙක්ද? ඔබ ගිනිඅවියක් භාවිතා කිරීම අවසර තිබෙන ව්‍යාපාරිකයෙක් නම් අනිවාර්යෙන්ම ඔබට බැංකු ලොකර් එකක් තිබිය යුතුය. එසේනම් ලොකර් එකේ දමා ගියානම් ඉවරයිනේ. අනික ඇඳ අස්සේ වටිනා කියන් දේවල් සඟවන්නේ අපේ සීයලාය නැතිනම් ආච්චිලාය.

:       2       35

BamunuarachchiSunday, 09 September 2018 11:25 PM

මගේ දරුවා ලෝකේ කොහේ සිටියත් ඔහුගේ කැනඩාවේ තිබෙන නිවසේ දොරක් ජනේලයක් ඇරියොත් ඒ බව ඔහුගේ සෙල්ෆෝන් එකට පණිවිඩය ලැබේ. මෙවන් දියුණු තාක්ෂණ තිබෙන ලෝකයක ඉඳගෙන ඔබලා වැඩ අනා ගන්නේ ඇයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site