( පුෂ්පකුමාර ජයරත්න )
තමන් වැනි මුස්ලිම් ජාතිකයකු ඓතිහාසික බෞද්ධ උරුමයන් පෙරටු කරගත් වයඹ වැනි ඓතිහාසික පළාතක ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීම සමස්ත මුස්ලිම් ජාතින්ට කරන ලද ගෞරවයක් බව වයඹ පළාත් නව ආණ්ඩුකාර ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා ප්‍රකාශ කළේය.
වයඹ පළාතට පත්වූ අභිනව ආණ්ඩුකාරවරයා පිළිගැනීමේ රාජ්‍ය උත්සවය වයඹ පළාත් සභා ශ්‍රවනාගාරයේ දී අද (2) පැවැත්විණි.
නව තනතුරේ රාජකාරි කටයුතු ඇරැඹීමට ප්‍රථම වයඹ ආණ්ඩුකාර කාර්යාලයීය භූමියේ පිහිටි ඉපැරැණි ජයශ්‍රී මහා බෝධින්වහන්සේගේ බෝධි ශාඛාව වෙත ගිය මුසම්මිල් මහතා එම බෝධින් වහන්සේට නෙළුම් මල් වට්ටියකින් පුෂ්පෝපහාර දැක්වීය .
පසුව ආණ්ඩුකාර කාර්යාලයීය භූමියේම කොටසක පිහිටි ඉපැරණි දළදා මාලිගයේ නටඹුන් ඇතුළු එම ස්ථනයේ ප්‍රදර්ශනයට තබා ඇති වයඹ ඉපැරණි නටඹුන් නැරඹීමට ගියේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වයඹ ආණ්ඩුකාර මුසම්මිල් මහතා මෙසේ ද ප්‍රකාශ කළේය .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසුව මට කීවේ මුසම්මිල් මම ඔයාට බස්නාහිරටත් වඩා හොඳ පළාතක ආණ්ඩුකාර තනතුරක් දෙනවා කියලා. එහෙම කියලා මට දුන්නේ වයඹ පළාතේ ආණ්ඩුකාර තනතුරයි. වයඹ පළාත කියන්නේ මේ රටේ ප්‍රධාන ඉපැරැණි රාජධානි හතරකින් සමන්විත 90% ආසන්න ප්‍රමාණයක් බෞද්ධයන් ජීවත්වන ලංකාවේ වැඩිම විහාර පන්සල් මහානායක හාමුදුරුවරු නායක හාමුදුවරු වැඩිම පිරිසක් වාසය කරන පළාතක්.
වයඹට තියෙන බෞද්ධ උරුමය දිහා බැලුවාම බෞද්ධ ජනතාවට සහ භික්ෂූන් වහන්සේලාට මගේ පත්වීම ගැන සැකයක් ඇතිවීම සාධාරණයි. ඒ සැකය නැතිවෙන ආකාරයට මගේ තනතුරේ රාජකාරි කරන බවට මම පොරොන්දු වෙනවා. ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ පවා මා පිළිබඳව විශාල විශ්වාසයක් ගොඩනඟලා තිබෙනවා . මුස්ලිම් ජාතිකයකු වන මට ඒක විශාල ආඩම්බරයක්. මට අද බෞද්ධ ආගමානුකූලව වැඩ බාරගන්න කටයුතු සැලැස්වීම පිළිබඳවත් ගෞරවයනීය සංඝරත්නයට මගේ ප්‍රණාමය පුද කරනවා .
ආණ්ඩුකාර කාර්යාලය තිබෙන ස්ථානය ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක් නිසා මම මගේ රාජකාරි කටයුතු සඳහා වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශය භාවිතා කිරීමට තීරණය කළා යැයිද මුසම්මිල් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුසම්මිල් අත්සන් කරනකොට වැඳගෙන ඉන්නේ අැයි යාපා...?
ඇත්තටම අැයි යාපා වැඳගෙන ඉන්නේ? මේ මිනිස්සු තමන් කරන්නේ මොනවද කියලාවත් නොදැන වැඩ කරනවා කියන එකද මේ පෙන්වන්නේ? තව ගොඩක් අය වැඩ භාර ගන්න වෙලාවේ මේ වගේ වැඳගෙන ඉන්න කට්ටිය මම දැක්කා..
වඳින තරමට තමයි ලැබෙන්නේ, ඒකයි දමාගෙන වඳින්නේ...
අපි කවුරුත් ජාතිය හෝ ආගම අනුව කාටවත් වෙනස්කමක් හෝ අවමානයක් කරන්නේ නැහැ. කටයුතු කරන්නේ කෙලෙසද, එයතමයි කුරුණෑගල අපිට වැදගත්. ආරම්භය ප්‍රශංසනීයයි. වයඹට යහපතක් වේවා..!!!
මට නම් මේ කියන්නේ මොනවද කියලා අදහාගන්න බෑ. ඊයේ පෙරේදා කිව්වා නේද නිල නිවාසයට යන්නත් බෑ කියලා. දැන් ඉන්නේ මහා ඇමතිගේ නිලනිවසේද? නාමල් දුන්නද ටෝක් එකක්වත් බාප්පා වෙනුවෙන්... මට එහෙම හිතුනේ යාපා වැඳගෙන ඉන්නේ නාමල් දිහාට හැරිලා හින්දයි...
ලොක්කා වේවැල ගත්ති විතරයි... වැඩ පටන්ගත්තා.
අර සාටක කරු මොකටද මෙහෙ ආවේ?
තවත් සුදු අලියෙක් (පළාත් සභා)...
මේ අත්සන් කරන අවස්ථා වලදි බොහෝ වෙලාවට පිරිත් සජ්ඣායනය කරනවා. ඒකයි සමහර අය වැඳගෙන ඉන්නේ.
මොකද මුලින් බැහැ කිව්වා නේද? කන පිරෙන්න හම්බ වුණාද? අපේ තරුණ රාජ්‍ය ඇමති එහෙම ටෙලිෆෝන් කළාද?
අැයි මේ නාමල් පස්සෙන් යන්නේ?
කව්ද අර ඉන්න කුරහන් සාටකය?
කුරහන් සාටකයන් ඉස්සරහට තනතුරු බලාගෙන ඉන්න අයනේ. ඔහොම යන්...
කපුරුහාමි ඔයා නම් මාරම නූගත්...
සම්පූරණ වැරදි තීරණයක්. ඉපැරණි සිංහල රාජධානි 4ක් යාපහුව, පඬුවස්නුවර, දඹදෙණිය, සහ කුරුණෑගල රාජධානි පිහිටලා තියෙන සහ අති බහුතරයක් සිංහලයන් සිටින වයඹ පළාතට කොළඹ පදිංචි මුස්ලිම් ජාතිකයෙක් ආණ්ඩුකාරයා විදිහට පත්කරලා, ජනාධිපතිතුමා සිංහල බෞද්ධයින්ට නිගරුවක් කරලා තියෙනවා. අනිත් අතට මේ ආණ්ඩුකාර පත්වීම් සියල්ල මහජන මුදල් නාස්තියක්... තමන්ට ඡන්දෙදි උදව් කළා කියලා හෝ ඉදිරියට උදව් කරයි කියලා හෝ ආණ්ඩුකාර තනතුරු දීම තනිකරම ජනතා අභිලාෂයන්ට විරුද්ධ වැඩක්. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ කලින් ආණ්ඩු වගේ නිකරුනේ මහජන මුදල් නාස්ති නොකරන පාලනයක්... දේශපාලකයෙක් නොවෙන පුද්ගලයෙක් ජනාධිපතිවරණයට ආවා කියලා කිව්වට, මේ කරන්නේ පරණ දේශපාලකයන් කරපු දේවල්මයි. එකම වෙනස ඒ දේවල්ම අධි වේගයෙන් කිරීමයි.
වයඹ, දේශප්‍රේමී සිංහල බෞද්ධයින්ට කොහොමද ජනපති දුන්න තෑග්ග? සනීපයිනේ? පහුගිය කාලේ ෆේස් බුක් එක පිරෙන්න හම්බයන් කියලා බැන බැන උන්න අයට අත දිග ඇරල දුන්නා කනේ පාරක්...
බුද්ධාගම ඔබ ප්‍රශ්නයක් කර ගන්න එපා. ඔබ ඔබට දුන් රාජකාරිය අකුරට කරන්න. අපිට එය ප්‍රමාණවත්. ජනාධිපතිතුමාත් බලාපොරොත්තු වෙන්නේ එයයි.
කෝ මේ විමල්ලා.......
වත්හිමි කුමාරයා කුරුණෑගල රාජධානියට කල හරිය ආයෙත් වෙයිද? ඉතිහාසය නැවත නැවත සිදුවේද?
කොහොමද තමුන්ගේ පැවැත්මට සාටකේ දාගෙන අායෙත් මිනිස්සු රවට්ටන්න ඇවිත් ඉන්න හැටි...!!! දැක්කමත් එපාවෙනවා ...!!! කොහොමද ඒ කාලේ කරපු දේවල් ගහපු ගැහිලි ...!!! සාටකයන් ගොඩක් ඒ කාලේ හිටියා. දැන් ඔය ඉන්නේ එකෙක් දෙන්නෙක්...!!!