(විනීතා එම් ගමගේ)
වන්දනාවක රැගෙන යන බව කියමින් අනුරාධපුරයට කැඳවාගෙන ගොස් එක්සත් ජාතික පෙරමුණේ රැස්වීමකට සහභාගි කරගත්තේ යැයි කියමින් ඇල්පිටියේ වැඩිහිටි සමිතියක සාමාජික පිරිසක් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මධ්‍යස්ථානයට පැමිණිලි කර ඇත.
ඇල්පිටිය ප‍්‍රදේශයේ වැඩිහිටි සමිති කිහිපයකට අයත් සාමාජික සාමාජිකාවන් මෙසේ අනුරාධපුරයට ගෙන ගොස් ඇතැයි ද දෙදින වන්දනා ගමනක් බව කියමින් ඉකුත් පළමු වැනිදා බස්රථ 12 කින් අනුරාධපුරයට කැඳවාගෙන ගෙන ගිය බව ද ඔවුන්ගේ පැමිණිල්ලේ සඳහන් ව ඇතැයි මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පැවැසීය.
පළමු වැනිදා පෙරවරුවේ රුවන්වැලි සෑය වන්දනා කිරීමට අවස්ථාව ලබා දුන් බවත් පසුව දේශපාලන රැස්වීමකට සහභාගි කරවූ බවත් ඔවුන් විසින් කළ පැමිණිල්ලේ සදහන්ව ඇති බවත් ඒ පිළිබදව සොයා බලා සිද්ධිය සත්‍ය යැයි තහවුරු කර ගත් බවත් ගජනායක මහතා කීය.
එම වන්දනා ගමනේ අනුරාධපුරයට ගිය පසු රෝගාතුර වූ 73 හැවිරිදි මවක් එහි දී රෝහල් ගත කර දින පහකට පසු යළි ඇල්පිටිය නිවසට පැමිණි බවත් ඇය ද මෙම වන්දනාගමනට සහභාගි වූ අයෙකු බවට ඇගේ දියණිය දිවුරුම් පෙත්සමක් මගින් සනාථ කර ඇති අතර අදාල රෝහල් ඇද හිස්පත් වාර්තා ගෙන්වාගෙන එය තහවුරු කර ගත් බවත් හෙතෙම සදහන් කළේය.
තම රෝගී මව අනුරාධපුර රෝහලේ සිට ඇල්පිටිය නිවසට යළි කැදවාගෙන ආවේ එම ගමන සංවිධානය කළ පිරිස් විසින් යැයි ද ඇගේ දිවුරුම් පෙත්සමෙහි සදහන් ව ඇතැයි ද ඔහු කියා සිටියේය.
ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ අපේක්ෂකයෙක් විසින් මෙම වන්දනාගමන සංවිධානය කර ඇතැයි නිරික්ෂණය කළ බව ද ගජනායක මහතා කියා සිටියේය.
තණබද්දේගම, කැටපොල, හිඹුටුගොඩ අල්පිටිය හා කුරුදුගහ හැතැප්ම යන වැඩිහිටි සමිතිවල සාමාජික සාමාජිකාවෝ මෙසේ වන්දනාවේ ගෙන ගොස් ඇති අතර කුරුදුගහ හැතැප්ම වැඩිහිටි සමිතියේ සාමාජික සාමාජිකාවෝ මේ පිළිබදව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධයස්ථානයට පැමිණිලි කර ඇත.
මේ අතර වැලිපැන්න ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයකු විසින් කලූතර අපේක්ෂා වැඩිහිටි සමිතියේ සාමාජිකයන් 50 දෙනෙකු වන්දනාවේ ගෙන ගිය සිද්ධියක් පිළිබදව පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ සදහා වැය කර ඇති ලක්ෂ එක හමාරක පමණ මුදල රජයේ මුදල් බවට සැක කරන අතර ඒ පිළිබද තහවුරු කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් හෙතෙම සදහන් කළේය.
මෙසේ තහවරු කරගත් සිද්ධීන් පිළිබදව මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළ බව ද ගජනායක මහතා කියා සිටියේය.
COMMENTS
අනේද කියන්නේ..? මේවට මොනවා කියන්නද කියලා තේරෙන්නේ නෑ.. නමින් නම් යහපාලනේ.. මේ අයට කතා කරන අයත් කතා කරන්නෙ නිකන් සෝවාන් වෙලා වගේ.. අනුන්ගේ ඇහේ තියෙන පොල් ඉරටු දකිනවා. තමන්ගේ ඇහේ තියෙන පොල් පරාල පේන්නේ නෑ..
මේ අයට විලිලැජ්ජාව නැති හැටියක් ... ඔන්න සෙනඟ ගේන හෙටි..
ඕකට කලබල වෙන්න එපා... දැන් ඔය පහුගිය අවුරුදු හැත්තෑ එකේම අපිව වන්දනාවේ එක්කගෙන යනවා කියලා රවට්ටගෙන අපිටම තට්ටු කරන්නේ. ඕක මොකක්ද? එහෙට මෙහෙට ආඩපාලි තියතිය වැඩක් නැහැ. මේ පාරවත් මොලේ කල්පනා කරලා ඡන්දෙ දෙන්න. මේ තරම් වැඩිහිටියෝ වෙනකල් මොලේ කල්පනාකරලා පහුගිය ඡන්ද වලදී ඡන්ද පාවිච්චි කළා නම් අද මෙහෙම රැවටෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒ රැවටිල්ලට තමනුත් වැරදි කාරයන්...
අනුරාධපුරේ ලෙඩ වුණු අම්ම ඇල්පිටියේ ගෙදර ඇවිත්. මහින්දගේ රැස්වීමට යන්න බැරිවුණාද? කවුද මෙහෙම කියන්න ඉගැන්නුවේ? සැක නිසා තේ එකක්වත් බිව්වේ නැත්ද? මේ තරම් අහිංසකද දැන් ඉන්න කට්ටිය?
ලැජ්ජයි සජිත්...
පොහොට්ටුවේ ඉන්නේ ඔහොම වැඩ කරන ලැජ්ජා නැති හොර තක්කඩියන් තමයි.
අනේ වැඩිහිටි බබ්බු..
ඉතින් කාව හරි වන්දනා කරවන්න නේ එහෙම ගෙනිච්චේ? වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ගත්විට වරදක් පෙනෙන්න නැහැ
මෙව්වා ඉතින් සන්ධානේ අයගෙන් ම ඉගෙන ගන්න ඇති ..දෙගොල්ලෝ කරන්නේ දෙගොල්ලන්ගෙන් "ජනතාව මංකොල්ල කෑම " ගැන ඉගෙන ගන්න එකනේ .. ඒ කාලෙ බත් එකයි අරක්කු භාගයයි , දැන් මේ අලුත් වර්ෂන් එක වෙන්න ඇති .. ප්‍රීතියි ප්‍රීතියි ...
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උපරිමයෙන් විඳපල්ලා... හිට්ලර් අාවොත් උඹලට හිතේ තියෙන දේවල් ලියන්න වෙන්නේ ගෙදර බිත්තියේ...
ආතුර, ගෝඨාභයගේ ඡන්ද රැස්වීම තිබුනේ ඊයේ.. මේක කලින් වුණු සිද්ධියක්. සජිත්ගේ රැස්වීමකට ගිය එකක් තමයි මේක. බොරු නම් තව හොයලා බලන්න...
හාමුදුරුවරුත් වඩිනවා දඹදිව යන්න මුදල් ආධාර ඉල්ලා. හාමුදුරුවරුන්ට ආධාර කරන ඇත්තොත් වරදකාරයෝ වෙයිද මේ කාලයේ මැතිවරණ කැඳවා ඇති නිසා.
අනුරාධපුරේ ගිහිල්ලා ශ්‍රීමා බෝධිය වන්දනා කළොත් තමන්ට විතරයි විමුක්තිය. අනුරාධපුරේ ගිහිල්ලා ගෝඨගේ රැස්වීම බලලා ගෝඨට ඡන්දය දුන්නොත් ඔබ උපන් රටටම නැවත විමුක්තිය උදාවෙනවා. මේ රැස්වීමට සහභාගි වෙන්න පුළුවන් ජීවිතේ එක වතාවයි. ශ්‍රී මහ බෝධිය වදින එක හැමදාම කරන්න පුළුවන්.
මේක මාර කතාවක්නේ? ඡන්දෙ තියෙන්නේ ඇල්පිටියේ. රැස්වීම තියෙන්නේ අනුරාධපුරේ. 01 වෙනිදා අනුර්ධපුරේ රැස්වීමක් තිබ්බේ කවුද? කොතනද කියල හොයල සත්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන්න.