ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 600,000 ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ.

ඒ අනුව අද(28) සවස 6.18 වනවිට 614,712  දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇත.
 
පුද්ගලයන් 28,244ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 137,334දෙනෙක් සුවය ලබා සිටිති.
 

කොරෝනා වයිරසය මේ වනවිට ලොව පුරා රටවල් 199ක් දක්වා ව්‍යාප්තව ගොසිනි.
 
ඇමෙරිකාව ආසාදිතයන් 104,837දෙනෙකු වාර්තා කරමින්, ලොව ඉහළ ම ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින රට බවට මේවනවිට පත්ව සිටී.
 
ඉතාලියේ ආසාදිතයන් සංඛ්‍යාව 86,498 ක් වී ඇත.
 
මේ අතර වයිරසයයේ මීළඟ බලපෑමට ලක්ව ඇති ස්පාඤ්ඤය නව මරණ 832ක් හඳුනාගෙන ඇත. ඉරානය(139) සහ බෙල්ජියම(64) ද නව මරණ වාර්තා කර ඇත.
 
කෙසේ වෙතත් බොහෝ රටවල්වලට ඇතුළුවීම සහ පිටත්වයාම තහනම් කර තිබියදී, ගෘහස්ත හිංසනය වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි බලධාරීහු පවසති.
 
(16844)