IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලොක්කෙකුගේ සහයෙන් බන්ධනාගාරයට රිංගන්න හදලා

(නිමන්ති රණසිංහ)
 
මහර බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකුගේ දුරකතන ඇමැතුමකින් වූ නියෝගයක් මත බන්ධනාගාරයට පැමිණි පුද්ගලයකු, රැගෙන ආ කුකුළු මස් ව්‍යාංජනයක් සහිත භාජනයක තිබු නවීන පන්නයේ ජංගම දුරකතන දෙකක් සහ දුම්කොල කුඩු සහිත පාර්සලයක් සම්බන්ධයෙන් බුද්ධි අංශ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකකනායක මහතා පැවසීය.
 
කොරෝනා වසංගත තත්ත්වයත් සමගම පිටතින් පැමිණෙන අමුත්තන්ට රැදවියන් මුණගැසීම හෝ කෑම ලබාදීම තහනම් කර ඇති අවස්ථාවක මෙකී පුද්ගලයාට මහර බන්ධනාගාරයට පැමිණීමට අවසර ලබාදුන් බන්ධනාගාර ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් ද මෙම විමර්ශනය ආරම්භ කල බවද ඔහු සදහන් කළේය.
 
ඊයේ (12)  පස්වරු 4.00ට පමණ මහර බන්ධනාගරයට පැමිණ ඇති මෙම බාහිර පුද්ගලයාට බන්ධනාගාරය තුළ යාමට අවසර ලබා දී ඇත්තේ එහි උසස් නිලධාරියෙකුගේ දුරකතන ඇමතුමකින් වූ නියෝගයකින් අනුව බවත්, එම පුද්ගලයාට බන්ධනාගාරය තුළට යාමට අවසර ලබා දිය නොහැකි බවට එහි ගේට්ටුවේ සිටි නිලධාරීන් ප‍්‍රකාශ කරන අවස්ථාවේදී ඔහු කුකුළු මස් ව්‍යාංජනය සහිත භාජනය එහි දමා පලා ගොස් ඇති බවත් හෙතෙම පැවසීය.



අදහස් (0)

ලොක්කෙකුගේ සහයෙන් බන්ධනාගාරයට රිංගන්න හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site