IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලක්ෂ 4 ක හෙරොයින් සමඟ දෙදෙනෙක් පොලිස් දැලේ

(හිරාන්  ප්‍රියංකර ජයසිංහ)

එළවළු ප්‍රවාහනය කරන මුවාවෙන් ප්‍රදේශ රැසකට හෙරොයින් බෙදාහැරීමේ  ජාවාරමක නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු කොට්ටුකච්චිය ප්‍රදේශයේදී අද (22) අත්අඩංගුවට ගත්බව ආණමඩුව පොලිසිය පැවසීය.

මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනේ කොට්ටුකච්චිය සත්ව ගොවිපල ආසන්නයේ නිවාස යෝජනා ක්‍රමයක කුලි පදනමට පදිංචි සැකකරුවකු හා එම නිවාස යෝජනා ක්‍රමයේම පදිංච් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සාමාජීකයකු බව පොලිසිය කියයි.

පොලිස් බුද්ධි නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරක් මත  කැබ් රථයකින් එළවළු ප්‍රවාහනය කරන මුවාවෙන් රුපියල් ලක්ෂ 4 කට ආසන්න හොරෝයින් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 6 යි මිලි ග්‍රෑම් 650 ක ප්‍රමාණයක් සඟවා තැරුව්කරුවන්ට අලෙවි කිරීමට ගමන් කරමින් සිටියදී අත් අඩංගුවට ගෙන ගත් බව පොලිසිය පැවසීය.

සැකකරුවන් ආණමඩුව , පුත්තලම , නිකවැරටිය ඇතුළු ප්‍රදේශ වලට ඉතාම සුක්ෂම අයුරින් එළවළු රැගෙන ගොස් අලෙවි කරන මුවාවෙන් හෙරොයින් ජාවාරම කාලයක සිට කරගෙන ගොස් ඇති බව කියයි.

සැකකරුවන් දෙදෙනා සමඟ කැබ් රථයට අත් අඩංගුවට ගත් බව පොලිසිය කීය.

අත් අඩංගුවට ගත් සැකකරුවන් ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය පැවසීය.

 



අදහස් (1)

ලක්ෂ 4 ක හෙරොයින් සමඟ දෙදෙනෙක් පොලිස් දැලේ

Lakmal Friday, 22 May 2020 03:22 PM

කොරෝනා රෝගියෙක් හම්බ වුණාම ආගිය මුලගිය තැන් හොයනවා වගේ ඇයි කුඩු හම්බ වුණාම, ගත්තේ කොහෙන්ද කියලා හොයලා උඩ කට්ටිය අත්අඩංගුවට ගන්න බැරි...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site