(අනීෂා මානගේ)
රුපියල් ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුතු බව කියන අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ ධීවරයන්ට හමුවී වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අද (14) බාර දී ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
කිලෝග්‍රෑම් තුනක් සහ ග්‍රෑම් 172ක් ඔවුන් සතුව තිබී අත්අඩංගුවට ගෙන තිබේ.
කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර රැකියාව සඳහා ධීවරයන් හයදෙනකු රැගෙන පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවේ ගමන්ගත් ධීවරයන්ට මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය හමුව ඇතැයි පොලිසිය කියයි.
මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය විදෙස් රටක නිෂ්පාදිත යැයි සැකකරන ඇසුරුම්වල ඔතා තිබී ඇති අතර එලෙස එතූ පැකට් තුනක් මෙහි තිබී ඇතැයි පොලිසිය කියයි.
ත්‍රිකුණාමලය වරායට නැගෙනහිර මුහුදේ සිට සැතපුම් 120ක් පමණ දුරින් මුහුදෙහි පාවෙමින් තිබියදී මේවා ධීවරයන්ට හමුව තිබිණි.
දැනට දින හතකට ඉහතදී මෙම අයිස් තොගය සොයාගෙන තිබූ අතර අද (14) එම ධීවරයන් කුඩාවැල්ල ධීවර වරායට පැමිණි පසු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බාර දුන් බව බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු වන කුඩාවැල්ලේ පදිංචි සමන් පුෂ්පකුමාර මහතා පැවසීය.
මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය කවුරුන් විසින් මෙලෙස ගෙනා දමන්නට ඇත්දැයි මෙතෙක් සොයාගෙන නොමැත.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.