IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ලංකාව රුසියාවෙන් එම්.අයි. 17 හෙලිකොප්ටර් මිලට ගන්න සාකච්ඡා

එම්.අයි.17 වර්ගයේ හෙලිකොප්ටර් යානා රුසියාවෙන් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සාකච්ඡා පවත්වමින් සිටින බව රුසියානු ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක මහතා ප්‍රකාශ කර තිබේ.

ජගත් සාම සාධක මෙහෙයුම්වල නිරතවීම සඳහා ශ්‍රී ලංකාව මෙම හෙලිකොප්ටර් යානා මිලට ගැනීමට අදහස් කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව 1990 වර්ෂයට පෙර සිටම එම්.අයි.‍17 වර්ගයේ හෙලිකොප්ටර් යානා මිලදී ගෙන තිබේ. ලොව පුරා රටවල් 100 කට අධික සංඛ්‍යාවක් මෙම හෙලිකොප්ටර් භාවිතා කරයි.

භාණ්ඩ ප්‍රවාහන, මගී ප්‍රවාහන, සෝදිසි මෙහෙයුම්, මුදා ගැනීම් මෙන්ම ගිනි නිවන කටයුතු  වැනි දෑ සඳහා භාවිතා කළ හැකි අයුරින් එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා නිෂ්පාදනය කරනු ලබයි. 

එම්.අයි.17 වර්ගයේ හෙලිකොප්ටර් යානා මිලදී ගැනීමට සාකච්ඡා සිදුකරමින් පවතින බවත් ශ්‍රී ලංකාව රුසියාවෙන් මෙම හෙලිකොප්ටර් යානා කොපමණ මිලට ගන්නවාද යන්න පිළිබඳව නිශ්චිතව තීරණය කර නැති බවත් රුසියානු ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 
ඩේලිමීරර් ඇසුරෙනි

(28535)



අදහස් (11)

ලංකාව රුසියාවෙන් එම්.අයි. 17 හෙලිකොප්ටර් මිලට ගන්න සාකච්ඡා

de silva berlin Tuesday, 12 February 2019 05:22 AM

දැනට ගුවන් හමුදාවේ තිබෙන හෙලිකොප්ටර් යානා සහ අනෙකුත් ගුවන් යානා වලින් 50% කට වැඩි ප්‍රමාණයක් සර්විස් කරන්න අවශ්‍ය මුදල් නොමැති කම නිසා තිබෙන්නේ ගොඩ ඇදල , දැනට අනවශ්‍ය ගුවන් යානා පිටරටකට විකුණලා එම මුදලින් ඉතිරි යානා සර්විස් සහ අලුත් වැඩියා කටයුතු කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. තත්වය මෙසේ තිබියදී තවත් යානා අලුතෙන් මිලදී ගැනීමට යාම ඉතාම සැක කටයුතු දෙයක් , ඔය යානා අවශ්‍ය එක්සත් ජාතීන්ගේ සාමසාධක වැඩ වලට නම් ඒවා තාවකාලිකව සපයාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් , එහෙම නැත්නම් මේවා කෙටිකලක් සදහා බද්දට ගන්න පුළුවන් ,මෙමගනුදෙනුව සමග විශාල කොමිස් මුදලක් තිබෙන්න පුළුවන් , ජනාධිපති තුමනි වහාම මෙම ගනුදෙනුව පිලිබඳ කොමිසමක් පත්කරලා සොයල බලන්න , හොරකම සිද්ධ වුනාට පස්සේ බොරුවට මේ ගැන මගුල් ගෙවල්, මළගෙවල් ,විවෘත කිරීමේ උත්සව වලදී කතාකිරීමෙන් පලක් නැහැ

:       8       344

BamunuarachchiTuesday, 12 February 2019 06:59 AM

මිලට නොගත්තොත් හෝ තිබෙන දෙයක් නොවික්කොත් කොහොමද කට්ටියට ගතමනාවක් කොමිස් එකක් ලැබෙන්නේ? ඒ ගැනත් ටිකක් හිතාන එපාය හලෝ.

:       0       13

BamunuarachchiTuesday, 12 February 2019 09:29 AM

මේක දේශපාලුවන්ගේ රජදහනක්. මීට අවුරුදු 45 පමණ පෙර සිටි දේශපාලඥයෝ මෙවන් පාදඩයෝ නොවෙයි. පාදඩයින් කරලියට ආවේ 1977 දී ය. එකල රතු සමාජවාදීන්ට, එන් එම්, පීටර් කෙනමන්, කොල්වින් වැනි නායකයින්ට රටේ තිබුන වැදගත් ස්ථානය මේ ජෙප්පෝ න්ට තිබෙනවාද.

:       1       1

AsankaTuesday, 12 February 2019 07:36 AM

ජනදිපතිට කියලා වැඩක් නැහැ, එයා තමයි මේකේ පස්සේ ඉන්නේ

:       4       12

wedage Tuesday, 12 February 2019 07:41 AM

මේක උදයන්ගගේ වැඩක්ද?

:       0       10

Nandalal DE SILVA - France Tuesday, 12 February 2019 08:18 AM

මිග් - MIG - යානා ගනුදෙනුවත් ප්‍රසූත කරේ රුසියානු තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම තානාපති කාර්යාලයේ ඉඳන් බව කටකතා තිබුන එකේ මේ "ඩීල්" එකත් ඒකෙන්ම හදපු පැටියෙක්ද කියලා කවුද දන්නේ?

:       1       30

Hafeel Tuesday, 12 February 2019 08:46 AM

මට මතක් වෙන්නේ මිග් යානා ගණුදෙනු.

:       1       17

sirimal Tuesday, 12 February 2019 10:01 AM

අපි දන්නේ නැද්ද? ඡන්දයක් ළඟ එන නිසා සමහරුන්ට රට පුරාම ඇවිදින්න වෙනවානේ. ඉතින් අලුත් හෙලිකොප්ටර් නැතුව කොහොමද?

:       20       2

kule Tuesday, 12 February 2019 10:43 AM

පාර්ලිමේන්තුව කොයි වෙලේක විසුරුවයිද දන්නේ නෑ ඊට ඉස්සෙල්ල ටෙන්ඩර් ටිකයි ව්‍යාපෘති ටිකයි ගැන සොයාබලනව නැත්නම් චම්පිකගේ විග්‍රහය අනුව අපේ රට දැන් රුපියලක ආදායමක් ගන්නකොට රුපියල් තුනක් ණය ගෙවන්න වෙනවලු එහෙනම් මේ ගනුදෙනු කාගේ යහපතටද

:       0       9

de silva berlin Tuesday, 12 February 2019 10:55 AM

අපිට ඔය පිටරටවල යුධ වලට සම්බන්ධ වෙන්නේ නැතුව ඉන්නම බැරිද ? ගිය සතියෙත් කොල්ලෝ දෙන්නෙක් මැරිලා අවසන් කටයුතු කල , දැන් ණයවෙලා හරි හෙලිකොප්ටර් ගෙන්න යනවා එකට යොදවන්න , තව අවරුදු 5-10 ගියහම කියාවි අපේ හමුදා එහෙදි යුධ නිතිය කඩ කරා ඒවාට පරීක්ෂණ තියන්න ඕනේ කියලා , එතකොට ඒවාට ඉදිරිපත් වෙන පිටරට පෙරකදෝරු සමාගම් වලට ගෙවන්න වෙන්නෙත් අපේ සල්ලි , ඔය මොනවත් නැහැ අපි අනුන්ගේ යුද්ධ වලට නොගිහින් ගෙදරට වෙලා හිටියහම ,

:       0       13

Sudath Sri Tuesday, 12 February 2019 11:05 AM

මම මේක දැක්කා රුසියන් පුවත්පතකත් දයාන් ජයතිලක තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ ගනුදෙනුව සාකච්චා කරන්නෙ. මිනිස්සු ණය කරල බඩගින්නෙ මැරෙන්න යන කාලෙක මේ අය කොමිස් කුට්ටී පස්සෙ දුවනවා. හෙන ගහන වැඩ මේවා. සාම සාධක හමුදාවට අපි මොකටද ගුවන් යානා දෙන්නෙ? දැන් කියයි හදිසි අවස්ථාවක අපේ සොල්දාදුවන් වෙනුවෙන් කියලා. මේ පහසුකම් යූ එන් එකෙන් ගන්න අපේ රටේ එක නායකයෙක්ට කොන්ද පණ තියේද​?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 506 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site