(දසුන් රාජපක්ෂ)
පුද්ගලයන් පිරිසක් විසින් කරන ලද පහරදීමකින් තුවාල ලැබූ ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ අද (06) සවස රෝහල්ගත කර ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.
මේ වන විට තුසිත කුමාර ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ අලුත්ගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව අලුත්ගම රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළේය.
පහරදීමට පැමිණි පුද්ගලයන් තුසිත මහතාගේ නිවසට හානි කර ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකතනය සහ රුපියල් 5000 ක මුදලක් ද පැහැරගෙන ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍යවේදීන්ට පහරදීම තරයේ හෙළාදකිනවා .
ඉල්ලපු වෙනස වෙන්න බැරිද?
ගුටිකෑවට ඒ ඇයි කියල ලියලා නැත්තේ මොකද දන්නෑ. අනික මේකත් මේ රටේ ලෝකේ වෙන තවත් සාමාන්‍ය ගුටි ඇනගැනීමක් වගේනේ.
වැඩ පටන් අරගෙන වගේ කට්ටිය. දැන් ඉතින් මේ වගේ නිව්ස් බොහොම සුලභ වෙයි.
මාධ්‍ය නිදහස අගය කරන අන්දම මෙහෙම තමයි..
හේතුව කුමක්ද කියලා නැහැනේ? නමුත් කෙනෙකුට හිරිහැර කිරීම සාධාරණ නැහැ.
පෞද්ගලික ආරවුලක්ද නැත්ද කියලා කිව්වා නම් හොඳයි. එහෙම නොවෙයි නම් එන පොට හොඳ නැත.
ඇයි ඒ මාධ්‍යයවේදියාම කීවා නේද සිද්ධ වුණු දේ. (කොහොම වුණත් වැරදිකරුවන්ට දැඩි දඩුවම් දිය යුතුයි!)