(නිමන්ති රණසිංහ)
බුදු දහමට අපහාස වන අයුරින් අන්තර්ඡාලය ඔස්සේ මාධ්‍ය සාකඡාවක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (22) පැය පහකට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශය ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (22) දහවල් 1.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණී අතර පැය පහකට ආසන්න කාලයක් ප‍්‍රකාශ ලබාදීමෙන් අනතුරුව සවස 5.30ට පමණ ඉන් පිටව ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ සාකච්ඡාවක් නිසා දහමකට හානිවෙනවා නම් එ්කෙන්ම පේන්නේ ඒ දර්ශනයේ ශක්තිමත් බව නෙමෙයි. දුර්වල බවයි. අප දන්නා සැබෑ බුදුදහම නම් කිසිම විවේචනයක් නිසා හානිවන එකක් නෙමේ... විවේචන නිසා බුදුදහම තවතවත් බැබලීමයි වෙන්නේ... හැබැයි, අපේ රටේ දැන් තියෙනා තලේබාන් බුද්ධාගම නම් එහෙම එකක් නෙමේ... එ්කේ ආරක්ෂකයින් වගේ ඉන්නෙත් තමුන්ගේ බලය වෙනුවෙන් දහම වෙනස් කරපු දේශපාලකයින්, ඇතැම් ජනමාධ්‍ය, සිවුරු දාගෙන ඉන්නා නූගත් තක්කඩි මැරවරයින්. ඒ අය නම් විවේචනවලට මාරාන්තික ලෙස බයයි.
ලංකාවේ තියෙන්නේ තලේබාන් බුද්ධාගමලු. මේ විවේචන බොහොම පරිස්සමෙන් කියවන්න ඕනෑ. මේවා සුදු කළු ලෙස පැහැදිලි අදහස් නැහැ සැඟවුණු අරුත් තියෙන්නේ. සංඝයා වහන්සේ ගැරහීම මගින් බුදුදහම අතුගා දැමීමයි යටි අරුත...
තව වසර 50කට පසුව ලොව පවතින එකම දහම බුදුදහම බව පැවසුවේ මහා විද්‍යාඥ ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතායි. බුදුහාමුදුරුවන් ගැන ලොව විද්වත් මතය එහෙමයි. ඒක එහෙම නම්, මේ වගකීමක් නැති කතා කියන රන්ජන්ට පුළුවන්ද අපේ බුදු හාමුදුරුවන්ට අපහාස කරන්න. බුදු හාමුදුරුවන්ට අපහාස කළේ රන්ජන් වගේ මිනිසුන්ද? ඒ අපහාසකරුවන්ටත් උන්වහන්සේගේ පයට පෑගෙන දුවිල්ලකටවත් හානියක් කරන්න පුළුවන් වුණාද? එහෙනම්, රන්ජන් කවුද? එවන් කෙනෙකු අපහාස කරා කියා උසාවි යන්න දඟලන සමහර දෙනා තරම් බුදු හාමුදුරුවන්ට අපහාස කරන අය තවත් සිටිනවාද? මේ නම්,වෙනත් දේශපාලන උප්පරවැට්ටියක්. මේවාට අප රැවටෙන්න හොඳ නැහැ. මේවා ලාභ සත්කාරවලට ගිජුවන සමහර චීවරධාරීන්ගේ උපක්‍රම. සිල්වත් බුදුපුතුන් කොයි පැත්තේ හෝ දේශපාලකයන් වන්දනා මාන කරන්නේ නැහැ. ගැත්තන් වෙන්නෙත් නැහැ. මේවා බෙන්ස් එකට, සල්ලි කුට්ටියට කෙරෙන දේවල් වගේ තමයි තතු දත් අයට නම් පේන්නේ. මේ රටේ ඉන්න සිල්වත් බෞද්ධයින්ව ඕවායින් රැවටනු බොරු...
බුදුසසුන විනාශ කරන චීවරධාරීන්ට එරෙහිව කතාකිරීම බුදුසසුනට කරන අපහාසයක්ලු... කැකිල්ලේ රජු තමා මතක් වෙන්නේ...
මෙවැන්නෙකුට වෙනත් ආගමකට අගෞරව කිරීම ගැන පුදුම විය යුතු නැත...
රන්ජන් මහතා කොරෝනා මුවාවෙන් ලක්ෂ ගණනක් මුදල් ආධාර ලබා ගත්තා. හාල්මලු ටිකක් ලොරියක දමාගෙන සංදර්ශනයක් තිබුණා තමයි. අාරංචියේ හැටියට ලක්ෂ 50කට වැඩිය ලැබිලා තියනවා. මේවා රජයෙන් පරික්ෂා කළයුතුයි!
ඉරාකයේ ඇමරිකාව යුද සටන් කරන විට..., සොල්දාදුවන් එක්තරා ආගමික පොතක් වැසිකිලි පෝච්චියට දැමූබව වාර්තා විය. එම අවධියේදී ඕස්ට්‍රේලියන් ජාතික සංඝයා වහන්සේ නමකගෙන්, කෙනෙක් මේ කරපු වැරදි ක්‍රියාව දකින්නේ කොහොමද කියා ප්‍රශ්නයක් ඇසුවේය. උන්වහන්සේ ප්‍රකාශ කලේ ඉස්සර වෙලාම වැසිකිලි පෝච්චියේ එම පොත හිරවී තිබේනම් මේ පිළිබඳව දන්නා කෙනෙක් ගෙන්වා එය ගොඩගෙන වැසිකිළි පෝච්චිය යථා තත්වයට ගෙනඒමයි. දෙවනුව පොත් සාප්පුවකට ගොස් එම පොත මිලදී ගෙන නැවතත් සුපුරුදු දෛනික කටයුතුවල ධාර්මිකව යෙදෙන්නට පුරුදුවීමයි... මෙම පිළිතුරෙන් උන්වහන්සේ අදහස් කලේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන නැගෙන ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමයි. මේ කළ ප්‍රකාශයන් රන්ජන්ගේ පෞද්ගලික අදහස් පමණයි. බුදුදහම දන්නා වටහාගත් මිනිසුන් මේ නිසරු දේවල් පසුපස යන්නේ නැත...
රටේ, ලෝකේ කොරෝනා, ආර්ථිකය වැටිලා, තාම ඇඳිරි නීතිය, සල්ලි ගන්න ගිහින් තෙරපිලා මිනිස්සු මැරෙනවා. එහෙම වකවානුවක මේවාගෙ දේකට පැය 5ක් ප්‍රශ්න කරනවා. මේකද දැන් ප්‍රමුඛතාවයට අනුව කරන්න තියෙන වැඩේ රටේ, රජයේ ආයතනවලට? මිනිස්සු රට තණකොල කන රට හරක් කියලා තමයි හිතන් ඉන්නේ...
බුදුදහම වනසන්නේ සිවුරු දාගෙන ඉන්න ගමන් සාස්තර කියන, පන්සල්වලට රණ්ඩු වන, මිනිමැරුම් කරන, නුසුදුසු වචන කියන, දේශපාලනය කරනවා යයි කියමින් වෙනවෙන දේවල් කරන අයගෙන්ම විනා, අන් අයගෙන් නොවෙයි. මේවා හිතලා කියන දේවල් නෙමෙයි... කාටවත් නැහැයි කියන්න බැහැ. මේ අයව හදන්න කවුරුත් නැහැ. ලොකු අය කට වහගෙන ඉන්නවා.
අපේ රටේ ඕන කෙනෙකුට සිවුරක් දාගෙන බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා තමන්ට ඕන දෙයක් ප්‍රසිද්ධියේ කියන්න පුළුවන්. මේවට නීති නැහැ. ජනතාව ඇද ගන්නවා. පිරිසිදු දහම නැති කරනවා...
එහෙනම් ආණ්ඩුවේ සංචාරක ප්‍රවර්ධන අධ්‍යක්ෂ යයි කියන කෙනා අර එක එක අයවලුන් අල්ලාගෙන කරන වීඩියෝ ගැන එයාගෙනුත් කටඋත්තර ගන්න එපායැ නේද?
බුදුදහමට අපහාස කරන්නේ දේශපාලකයින්ට කඩේ යන හාමුදුරුවරු නිසයි...
මෙය අද පුවත්පතක කියා තිබෙනවා පළවෙනි කොරෝනා ලෙඩාගෙන්ම කටයුතු කළානම් රෝගය බෝවෙන්නේ නැහැයි කියා. ෂාහ් GMOA මෙයාගෙන් නොවැ උපදෙස් ගන්න තිබුනේ...
අද රන්ජන් කියන නම ඇහෙන කොටම මිනිසුන්ට සිනා පහළ වෙනවා. ඒ ඔහුගේ බ්‍රේක් නැති කටින් කියවෙන කතා නිසායි. හැබැයි රංජන්ගේ කටින් සමහර චීවරධාරීන් කරනා නොහොබිනා වැඩ ගැනත්, කියැවුණා. ඒවා ප්‍රසිද්ධියේ කීමට නොහැකි වුනත්, බොරුයි කියා ඔප්පුකරන්න සමහර චීවරධාරීන්ට නොහැකි වුණා. මේ ගැන කියා රන්ජන්ට විරුද්ධව කටයුතු කළොත් වැඩේ නිකම්ම ඔප්පු වෙනවා. ඒ නිසා රන්ජන්ගෙන් පළි ගන්නත්, ඒකෙන් දේශපාලන වාසි ගන්නත් යන දෙකටම බුදු හාමුදුරුවෝ ගාවගෙන උන්වහන්සේට අපහාස කරා කියලා රට රවටන වැඩක් කරගෙන යනවා. සමහර නොමනා චීවරධාරීන් තරම් උන්වහන්සේට අපහාස කරනා අය තවත් නැහැ. මේ අය කරන අපහාස ගැන කිසි කතාබහක් නැහැ. බුදු හාමුදුරුවන්ට කළ අපහාස වලට නඩු දානවා නම්, දේවදත්ත, සුප්‍රබුද්ධ රජ, මාගන්ධියා ඇතුළු සියළුම දෙනාගෙන් පටන්ගත යුතුයි. ශාසනික උන්නතිය සඳහා කළයුතු බොහෝ දේ තිබියදී බුද්ධිය නොමග ගිය සමහර උන්මත්තකයන් බුද්ධ, ධම්ම හා සිල්වත් මහා සංඝරත්නයට නිගාදෙනු පෙනේ. අපහාස කරනු පෙනේ. සාමාන්‍යයෙන් අර සතෙකු මිනිසෙකුගේ කකුල හැපුවා කියා ඒ සතාගේ කකුල අප හපන්න යන්නේ නැහැ. හරියටම මේකත්, ඒ සතාගේ කකුල හපනවා වගේ වැඩක්. නැද්ද මං අහන්නේ?
හොර තක්කඩි දේශපාලුවන්ට අාවඩමින් වර්ණනා කරන සිවුරු පොරවාගත් බුදුදහමට අගරු කරන හාමුදුරුවෝ කියාගන්නා පිරිසක් අපේ බුදුදහම කොයිතරම් අගෞරවයට පත්කරලාද? අද තියෙන්නේ... මේ නරක ආදර්ශය සුවහසක් ජනතාව ඉතාම පිළිකුලෙන් අද දකින්නේ... ලෝකේ වෙන කිසිම බෞද්ධ රටවල්වල හාමුදුරුවෝ දේශපාලනය කරන්නේ නැහැ. ඒ අය දැහැමි විදියට පන්සල්වල ධර්මය රැකගෙන ඉන්නවා. බලන්න වෙන ආගමික නායකයන් කිසිම දේශපාලනයකට එන්නේ නැහැනේ. මේක ඉතාම ඉක්මණින් නිවැරදි විය යුතුයි.
මේවා මහා විහිළුවක් මහා විකාරයක් මේවා හොඳයි එක එක පුද්ගලයන් ජනප්‍රිය කරන්න .ටිකක් අන්තර්ජාලයේ සැරිසරා බලන්න. විවිදාකාර ස්වාමින් වහන්සේලා තම තමන්ගේ ජනප්‍රියතාවය තකා බුදුදහම මොනතරම් විකුර්ති විදියට පාවිච්චි කරනවද කියලා.
දළදා භූමියේ කාර්රේස් පැදපු පාලකයන් ඉන්න රටේ මේ වගේ මනුස්සයින් ආරක්ෂා කරන්න ඕනෑ. නැත්නම් නිර්මල බුදුදහම නැති වෙනවා.
මේ නීතියම අර සිවුරු දරමින් විකාර කරන පුද්ගලයින්ටත් සමාන නැද්ද?